Wednesday, April 24, 2019

රියැලිටි ටීවී වැඩසටහන්



රියැලිටි ටීවී වැඩසටහන්

රියැලිටි වැඩසටහනක් යනු ද රූපවාහිනියේ ප‍්‍රදර්ශනය කෙරෙන තවත් වැඩසටහන් ශානරයක් හෙවත් වර්ගීකරණයකි. මෙහිදී පිටපතකින් තොරව නාට්‍ය අනුරූපී සහ ගවේෂණාත්මක අවස්ථා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. පිටපතකින් තොරව සහ සැලසුම් කිරීමකින් තොරව මෙවැනි අවස්ථා ඉදිරිපත් කෙරෙන්නේ ද යන්න පිළිබඳ දැන් විචාරකයෝ ප‍්‍රශ්න කරති. ඒ අවස්ථා පූර්වයෙන් සැලසුම් නොකරන ලද ආකාරයෙන් ඉදිරිපත් කිරීමට රියැලිටි වැඩසටහන් වල නිෂ්පාදකයෝ වගබලා ගනිති.


මෙහි තවත් ලක්ෂණයක් නම් වෘත්තීය නළු නිළියන් වෙනුවට සාමාන්‍ය පුද්ගලයන් යොදාගැනීමයි. බොහෝ විට අවසානයේ ත්‍යාග පිරිනැමෙන වැඩසටහනක් ලෙසින් මෙය ඉදිරිපත් කෙරේ. රියැලිටි ටී.වී වැඩසටහන් වල අතීතය 1948 වසර දක්වා අතීතයට විහිද යයි. ඇලන් ෆන්ට් විසින් නිර්මාණය කරන ලද කැන්ඩිඩි කැමරා නම් වැඩසටහනයි. ඔහු විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දේ තමන් මීට පෙර ඉදිරිපත් කරන ලද කැන්ඩිඩි මයික්‍රොෆෝන් නමි වැඩසටහන පාදක කරගනිමිනි.

එහෙත් මෙම වැඩසටහන් විශේෂයෙන් මහත් ජනප‍්‍රියත්වයක් ලබන්නේත්   2000 වසර ආසන්නයේ දී පමණය. විශේෂයෙන්ම බිග් බ‍්‍රදර්, සයිවර් වැනි වැඩසටහන් වල දී ලැබූ සාර්ථකත්වය ඊට බලපෑවේය. බිග් බ‍්‍රදර් රියැලිටි වැඩසටහන ආරම්භ වන්නේ නෙදර්ලන්තයෙන් වන අතර මේ වන විට ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වැඩසටහන විවිධ වෙනස්කම් සහිතව හෝ රහිතව හෝ ව්‍යාප්තවී තිබේ. නෙදර්ලන්තයේ වෙරොනිකා නාලිකාවේ 1999 වසරේදී මුලින්ම එම වැඩසටහන ප‍්‍රචාරය කෙරිණි.

බිග් බ‍්‍රදර් රූපවාහිනී වැඩසටහන් දී සිදු කෙරෙන්නේ එම රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වන මිනිසුන් කණ්ඩායමක් එක් විශාල නිවසක එකට වාසය කිරීම සඳහා ඉඩ සැලසීමයි. මෙම විශාල නිවසේ රඳවනු ලබන පිරිස පිටස්තර ලෝකයෙන් වෙන් කෙරෙති. බොහෝ විට පුද්ගලයන් දොළහත් දාසයත් අතර පිරිසක් තරගය සඳහා සම්බන්ධ කර ගැනෙති. වැඩසටහන සාමාන්‍යයෙන් මාස තුනක පමණ කාලයක් විකාශය වේ. නිවසේ රැුඳී සිටින පුද්ගලයෝ නිරන්තරයෙන් කැමරා මගින් නිරීක්ෂණය කෙරේ. අවසානයේදී මුදල් ත්‍යාග ජයග‍්‍රහණය කිරීමට නම් කල යුත්තේ විවිධ කාල වලදී පිටස්තර ලෝකයට යාමට ලැබුණු අවස්ථා වලින් මගහැර අවසන් පුද්ගලයා දක්වා රැුඳී සිටීමයි. තරගයේ නිති රීති සහ සැලැස්ම රටින් රටට වෙනස් වන ලෙස සකස් කරගෙන ඇත.

රියැලිටි වැඩසටහන් මගින් ගේමි ෂෝ, ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වැනි රූපවාහිණී වැඩසටහන් ආකෘති ගණනාවක් ආවරණය කෙරේ.
රියැලිටි වැඩසටහන් අතරින් වඩාත් ජනප‍්‍රසාදය දිනාගත් වැඩසටහනක් නම් ඇමරිකන් අයිඩල් වැඩසටහන හැඳින් විය හැකිය. ඇමරිකන් අයිඩල් වැඩසටහනින් සිදු කෙරෙන්නේ නවක ගායන ශිල්පීන් හා ශිල්පිනියන් අතරින් සුපිරි තරු (සුපර් ස්ටාර්* තෝරා ගැනීමයි. ඇමරිකන් අයිඩල් පළමු වැඩසටහන සඳහා යොදාගත් තේමාව වූයේ සුපිරි තරුව සෙවීම සඳහා ගවේෂණය යන්නයි. 2002 වසරේ ජුනි මස එකොළොස් වැනි දින ෆොක්ස් රූපවාහිනිය විසින් ඇමරිකන් අයිඩල් වැඩසටහන ආරම්භ කෙරිණි. 2011 වසරේ දී නීල්සන් ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකදී හෙළි වූයේ 2011 වසරේ දී වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී වැඩසටහන වූයේ එය බවයි. එහිදී ජයග‍්‍රාහකයා තෝරා ගැනීමට ජංගම දුරකථන මඟින් ලැබෙන කෙටි පණිවුඩ, අන්තර්ජාලය දුරකතන ඔස්සේ කෙරෙන ඡුන්ද විමසීම් වලින් සිදු කෙරේ. එසේම මෙම වැඩසටහනට ඉදිරිපත් වන තරගකරුවෝ විනිශ්චය මණ්ඩලයක අදහස් උදහස් ලබති.

කෙසේ වෙතත් මෙම ඇමරිකන් අයිඩල් වැඩසටහනට අවශ්‍ය සංකල්පයේ ලබා ගන්නේ බි‍්‍රතාන්‍ය ප‍්‍රචාරය කෙරුණු පොප් අයිඩල් වැඩසටහනෙනි. මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රචාරය වූ පොප් අයිඩල් වැඩසටහන සඳහා  ආභාෂය ලබා ගන්නේ  ඕස්ටෙිලියාවේ ප‍්‍රචාරය වූ පොප් ස්ටාර් වැඩසටහනෙනි. පොප් ස්ටාර් වැඩසටහනේ නොතිබූ දුරකථන ඔස්සේ ඡුන්ද විමසීමේ ක‍්‍රම වැනි දෑ පොප් අයිඩල්  වැඩසටහන තුලින් හඳුන්වා දුණි. එහෙත් දුරකථන ඡුන්ද විමසීම් වැනි ක‍්‍රම ශිල්ප යුරෝවිෂන් සංගීත තරගයට ඊට පෙර යොදාගෙන තිබිණ. ඒ අනුව පොප් අයිඩල්  වැඩසටහන නිර්මාණය වන්නේ විවිධ වැඩසටහන් අංග ගණනාවක් එක්කර ගනිමිනි.
රියැලිටි වැඩසටහන් වල ලක්ෂණයක් නම් වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීම හා දැන්වීම් වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා වැඩසටහන් සංවේදීකරණයට ලක් කිරීමයි. මේ වැඩසටහන්වලට සහභාගීවන තරගකරුවන් හඬා වැටෙන අවස්ථා, සතුටින් ඉපිලෙන අවස්ථා, උපහාසයට ලක්වන අවස්ථා ආදී බොහෝ විට දැක ගන්නට ලැබේ.

රියැලිටි වැඩසටහන් ද වාණිජ කර්මාන්තයක් ලෙස ජනප‍්‍රිය වීමට තුඩු දුන්නේ නිෂ්පාදන පිරිවැය අඩු වීමයි. තමන්ට අවශ්‍ය පරිදි වැඩසටහන සැලසුම් කර ගැනීම කර ගැනීමට වැඩි ඉඩක් තිබීම, ප‍්‍රකට නළු නිළියන් අඩු වශයෙන් යොදා ගැනීම වැනි හේතුවෙන් මෙවැනි රියැලිටි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මාධ්‍ය ආයතන වැඩි වශයෙන් පෙළඹෙයි.

රියැලිටි වැඩසටහන්  නැරඹීමට පේ‍්‍රක්ෂකයන් යොමු වන්නේ කුමන කරුණක් හේතුවෙන් ද යන්න සොයා බැලීම වැදගත් වෙි. මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන්ගේ අදහස වන්නේ පේ‍්‍රක්ෂකයන් රියැලිටි වැඩසටහන් වෙත යොමු වීමට ප‍්‍රධානම හේතුව ඔවුන් තුළ ඇති ආත්ම මමංකාරය බවයි. වැඩි වශයෙන් රියැලිටි වැඩසටහන් නැරඹීමට යොමුවන පුද්ගලයින් තමන්ගේ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන පිරිසක් බව මේ ගැන පර්යේෂණ කළ ඇමරිකා එක්සත් ජනපදයේ හාලෝ විශ්වවිද්‍යාලයේ ස්ටීවන් රීස් සහ ජේම්ස් විල්ටිස් ප‍්‍රකාශ කරති. ඔවුන්ගේ පර්යේෂණය අනුව හෙළි වූයේ තමන් වැනිම සාමාන්‍ය මිනිසුන් වැඩසටහනෙන් නැරඹීමට අවස්ථාව ලැබීමෙන් තමන්ට ද එවැනිම සුපිරි තරුවක් වීමේ අවකාශය ලැබීමේ ඉඩක් ඇති බවට පේ‍්‍රක්ෂකයන් හැඟීමක් ඇතිවන බවයි. මෙම වැඩසටහන් වලට ඔවුන් යොමු වීමට මෙම ප‍්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

බිග් බ‍්‍රදර් වැනි රියැලිටි වැඩසටහන් පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වූයේ එකම නිවසක් තුළ පුද්ගලයන් කණ්ඩායමක් රැුඳී සිටීමෙන් පසු ඇතිවන ගැටුම වැඩිම ජනප‍්‍රිය තාවය ලබාගෙන ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කෙරෙන පර්යේෂණයක දී ඊට සහභාගි වූ පුද්ගලයන් ප‍්‍රකාශ කොට ඇත්තේ තමන් රියැලිටි වැඩසටහන් නැරඹීමට හේතුව නම් ඊට නළු නිළියන් සහභාගී නොවී සාමාන්‍ය ජීවිතයේ දී හමුවන මිනිසුන් සහභාගි වීම බවයි. එසේම නිශ්චිත පිටපතක් හඳුනා ගැනීමට නොහැකි වීම, අනපේක්ෂිත සිදුවීම් වලින් ගහණ වීම, මෙන්ම ඊට සහභාගී වී සිටින පුද්ගලයන් සෑම මොහොතකදීම විනිශ්චයට භාජනය වීම ආදී කරුණු ඔවුන් ආකර්ෂණය කර ගැනීමට හේතුවී තිබේ. එසේමඅන්තර් පුද්ගල සබඳතා ක‍්‍රියාත්මක වන ආකාරය, වෙනත් පුද්ගලයන්ගේ ජීවිතවලට සිදුවන දෑ දැනගැනීමට ඇති කුතුහලය ආදිය ද රියැලිටි වැඩසටහන් ජනප‍්‍රිය වීමට තුඩු දී තිබේ.

රියැලිටි වැඩසටහන් වර්තමාන මිනිසුන් වැළඳ ගැනීමට තවත් ඉතා වැදගත් හේතුවක් නම් පවතින සමාජ, ආර්ථික හා දේශපාලන යථාර්ථයන් මානසික වශයෙන් පැන ගොස් තාවකාලික සරල වින්දනයක් ලැබීමට ඉඩ ලැබීමයි. තමන්ද රියැලිටි වැඩසටහන කොටස්කරුවන් බවට මානසික වශයෙන් ඔවුහු පත්වෙති.

ඊළඟට ඉවත්වන තරගකරුවා කවරෙකු ද යන්න පිළිබඳ අනුමාන කිරීම හා ඒ සම්බන්ධයෙන් සිය සමීපතමයන් සමගින් ඔට්ටු තැබීමට පේ‍්‍රක්ෂකයෝ යොමු වී සිටිති. ඒ අනුව වැඩසටහන සමග පේ‍්‍රක්ෂකයාද කිසියම් සම්බන්ධයක් ඇතිකර ගනී. ඊට අමතරව සුපිරි ගායන තරු තරුව තේරීම සඳහා ඉදිරිපත් කෙරෙන ඇමරිකන් අයිඩල් වැනි වැඩසටහන් වලට කෙටි පණිවුඩ හෝ දුරකථන ඔස්සේ සහභාගීවීමට අවස්ථාව පේ‍්‍රක්ෂකයන්ට ලැබේ. එයද රියැලිටි වැඩසටහන් ප‍්‍රචලිත කිරීමට හේතු භූත වී තිබෙි.

ඇතැම්විට රහසේ අටවා ඇති කැමරා මගින් මෙවැනි දර්ශන පටිගත කරති. නව තාක්ෂණයන් සමගින් සමාජය පෙර නොවූ ආකාරයකින් විවෘත වී ඇති බව පෙනී යයි. සමාජය විවෘත වීම නව වින්දනාත්මක ප‍්‍රවේශයක් කර ගැනීම ජනප‍්‍රිය සංස්කෘතිය ඒජන්තයන් පිරිසක් වන රියැලිටි වැඩසටහන් නිෂ්පාදකයෝ සිදු කරති. මේ තුළින් කිසිවක් පූජනීය නොවේ යන සංකල්පයට පාර කැපී තිෙ. කලින් සැලසුම් නොකළ තත්ත්වයක් යටතේ මිනිසුන් හැසිරෙන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කිරීම දර්ශාස්වාදය නම් වේ. සිනමාව, ටෙලි නාට්‍ය ආදී වූ නිර්මාණවල දක්නට ලැබෙන්නේ බොහෝ විට තිර රචනය අනුව කෙරෙන රංගනයකි. එහෙත් රියැලිටි වැඩසටහන් වලින් සැලසුම් නොකරන තත්වයක් යටතේ ක‍්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කිරීමේ ආශය තීව‍්‍ර කරයි.

රියැලිටි වැඩසටහන් මගින් සියලූම පේ‍්‍රක්ෂකයන්ට වැඩසටහන්ට  ඕනෑම අවස්ථාවක දී තමන්ට ද සහභාගිවීමට හැකි වීමේ සම්භාවිතාව පිළිබඳ හැඟීමක් ඇති කරවයි.

references: ජනප‍්‍රිය සංස්කෘතිය හා මාධ්‍ය- දර්ශන අශෝක කුමාර

2 comments:

  1. CASINOPATAROS: 100% Casino Slot Game Online | 2021
    › online-casinopataros › 문 페이 online-casinopataros 100% Casino Slot Game Online | 2021 · 홀덤 족보 Slots/Games - 100% 포커 게임 Casino Slot 알바로 모라타 Game Online · Casino Slot Game Online · Casino Slot Game Online · Casino Slot Game Online · Casino azarchelik.com Slot Game

    ReplyDelete

නුඹෙි සෙනෙහස