ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය හා බැඳුණු විශ්වාස අභිචාර හා සිරිත් විරිත්
ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය පිළිබඳව අධ්‍යනය කරන විට ගොවීන් තමන් ජීවත් වූ සමාජ ආර්ථික පරිසරය තුළ සිය දැනුමට අනුකූලව වගා කටයුතු සංවිධානය කරගත් බව පෙනේ. ගොවියා තමා පාරම්පරිකව අනුදත් අත්දැකීම් මත වගා කටයුතු සිදු කරනු ලැබීය. වගාවේ සශ‍්‍රීක වීම, අස්වනු සරුසාර වීම ආදිය ඔවුන්ගේ මූලික ඉලක්කයන් විය. එහෙත් අදහා ගත නොහැකි අයුරින් නියඟ, ජල ගැලීම්, රෝග හා වසංගත වන සත්ත්ව උවදුරෙන් භව භෝග විනාශ වීම ඔවුන්ට දරාගත නොහැකි විය. එසේ තමන්ට දුක් කම්කටොලූ පැමිණෙන්නේ තමන්ට වඩා බලවත් විශ්වයේ ආධිපත්‍ය දැරූ ස්වභාවධර්මයේ සහ යක්ෂ, භූත, පේ‍්‍රත, පිසාච වැනි බලවේග තමන් හා සමාජය කෙරේ උදහස් වීමෙන් යැයි ඔවුන් විශ්වාස කළහ. (පීරිස් 1964 p.73) මැලිනොව්ස්කි විසින් සාමිප‍්‍රදායික මිනිසා තමා දන්නා විද්‍යාත්මක දැනුමෙන් ජයගත නොහැකි දේ ලෙස හැඳින්වූයේ මෙවැනි අධිස්වාභාවික බලවේගයන්ය. එවැනි බලවේග වලින් එල්ල වූ බලපෑම් වළක්වා ගැනීමට මිනිසා අභිචාර භාවිතා කළ බව ඔවුන්ගේ අදහස විය. මෙම බලවේග තම වගාකටයුතු සශ‍්‍රීකත්වය උදෙසා මෙහෙයවන්නට නම් මිනිසා නිරතුරුවම ඒවා තුටුපහටු කළ යුතු යැයි කල්පනා කළේය. භව බෝග වලට සිදුවන හානි වළක්වා සශ‍්‍රීකත්වය උදාකරගැනීමට ලාංකික ගොවියාද සාම්ප‍්‍රදායිකව විවිධ අභිචාර, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් ආදිය නිෂ්පාදන කටයුතු වල දී භාවිතා කල බව මූලාශ‍්‍ර පවතී. තවමත් ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ගොවීන් වගා කටයුතු වලදී මෙවැනි අභිචාර භාවිත කිරීමෙන් මේ බව තහවුරු කරගත හැකි වේ.
![]() |
ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික ව්‍යුහය වී වගාව (paddy cultivation) හා හේන් වගාව (chena cultivation) යන ප‍්‍රධාන අංශ දෙකෙන් සංවිධානය වී තිබේ. මෙම වගා අංශ දෙක තුලම අභිචාර භාවිතයේ පවතී ගොවියාගේ ප‍්‍රධාන වගා අංශය වූ වී වගාවේදී පුළුල් ලෙස අභිචාර අනුගමනය කළ බවට සාක්ෂි පවතී. අභිචාර හා වත් පිළිවෙත් තුළින් ලාංකීය කර්මය හා සම්බන්ධ වූ නිෂ්පාදක අභිචාර පිළිබද පොදු විග‍්‍රහයක් මේ යටතේ හඳුනාගත හැකිය.
සිංහල කෘෂිකාර්මික අභිචාර පිළිබඳව සාකච්ඡුා කරන විට පොදුවේ ගැමියා සිය අභිචාරාත්මක වත්පිළිවෙත් සංවිධානය කරගැනීමට පදනම් කරගත් නිර්ණායක කිහිපයක් හඳුනා ගත හැකි වේ. එනම්,
1. සුභ වෙලාව
2. සුභ දවස්
3. සුභ අංක
4. සුභ සතුන් සිව්පාවුන්
5. සුභ ද්‍රව්‍ය කිරි කිරිබත් බුලත්
ලාංකික කෘෂිකාර්මික අභිචාර බොහොමයක් මෙම විශ්වාස හා භෞතික අංගෝපාංග පදනම් කරගෙන ඒ ඇසුරින් නිර්මාණය කරගෙන තිබෙන බව පෙනේ. සිංහල ජනතාවගේ අභිචාර සලකා බලන විට ඔවුන් සිය කෘෂිකාර්මික ක‍්‍රියාවලියේ දී පමණක් නොව සමාජ සංස්කෘතික ජීවිතයේ බොහෝ අවස්ථා වලදී අනුගමනය අභිචාර සඳහා පදනම් කරගත් දේව විශ්වාස පද්ධතියක් ද පවතින බව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ප‍්‍රභේද පහකින් එය දක්වයි.
1. ඉන්දීය සංස්කෘතියෙන් සෘජුවම සිංහල ජන ආගමට සම්බන්ධ වූ දෙවිවරු :බ‍්‍රහ්ම, ශක‍්‍ර, ගණපති, සරසවි, විෂ්ණු, කාලි*
2.ග‍්‍රහ දෙවියන් හිරු, සඳු සහ අනෙකුත් ග‍්‍රහයන්
3.සශ‍්‍රීකත්වය උදාකරන දෙවිවරු සහ දෙවඟනන්
4.ජාතික හා ප‍්‍රාදේශීය දෙවිවරු
5.දේවතාවෝ (රත්නපාල 1991p.48)
ගොවියෝ සිය කෘෂිකාර්මික කටයුතුවලදී මෙම දේව විශ්වාස ඔස්සේ තම වගාව හා සම්බන්ධ සියලූම දේ ආරක්ෂා කරගෙන සුභ සලසා ගැනීමට විචාරාත්මකව දෙවියන් වන්දනාමාන කළ බව පෙනේ. මෙවැනි අභිචාර වලදී මුලින් කී පාරිශුද්ධ වස්තූන්, දින අංක ආදිය බහුලව යොදා ගැනෙන බව ගොවියා සිය වගා කටයුතු වල විවිධ අදියරයන් අනුගමනය කළ චාරිත‍්‍රවාරිත‍්‍ර ඔස්සේ විමර්ශනය කළ හැකි ය.
ශ‍්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ මූලාරම්භක ප‍්‍රදේශය වැව් බැඳි රටේ නැතහොත් වියළි කලාපයේ නිසා සාම්ප‍්‍රදායික කෘෂිකර්මය වැදගත්ම හා ඓතිහාසික අංග ලක්ෂණ තේරුම් ගැනීමට වියළි කලාපයේ වැව් වාරිමාර්ග ශ‍්‍රිත කෘෂිකර්මය කෙරෙහි අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ. වියළි කලාපයේ ගොවියා ගොවිතැනේ දී භාවිත කළ අභිචාර සිරිත් විරිත් තුලින් ලාංකික කෘෂිකර්මයට කේන්ද්‍රීය වූ අංග ලක්ෂණ බොහොමයක් අවබෝධ කොට ගත හැකිය.
ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මය හුදෙක් වර්ෂාව හා එමගින් ලද ද උපයෝගී කරගනිමින් සිදුකරනු ලැබීය. විශේෂයෙන් වියළි කලාපයේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගත් ගොවියෝ වැස්ස දේවත්වයේ ලා සලකා ක‍්‍රියා කළහ. මේ නිසා ජලය හිඟ නියග කාලවලදී කෘෂිකර්මයට එල්ල වන බලපෑම අවම කරගෙන ලබාගැනීමට වර්ෂාව අරමුණු කරගත් අභිචාර සිරිත් අනුගමනය කර තිබේ. අනුරාධපුර පොලොන්නරුව මොණරාගල වැනි ප‍්‍රදේශවල මේ සම්බන්ධවයි වැහිපිරිත නම් අභිචාරයක් සිදුකරයි. මීට අමතරව හද්දා වැහි කවි නමින් කවි කීමේ චාරිත‍්‍රයක් ද පවතින බව පෙනේ. (පඤ්ඤාතිස්ස හිමි 1992 p.95) ඊට අමතරව වැස්ස අරඹයා මැදවච්චියේ ප‍්‍රදේශයේ හෙලූවැලි බලිය නම් චාරිත‍්‍රයක් ගැනද තොරතුරු පවතී. එම චාරිත‍්‍ර යෙදී දළ කුමරුගේ හා ගිරි දෙවියාගේ නිර්වස්ත‍්‍ර බලිරූප වැව් පිටියේ අඹා තිබේ. ඇඳුරෝ එහිදී ඇඹුම් කවි කියති. මහ ? බලිය දුර සිට එම රූප ඉදිරිපිට මුනින් නිදා ගනිති. දේව සභාවේ දෙවිවරු නිර්වස්ත‍්‍රව සිටින බවට පත්ව බැස්ස වස්සවා එම රූප සෝදා හරි යැයි එම ප‍්‍රදේශයේ ගැමියෝ විශ්වාස කරති. (පඤ්ඤාතිස්ස හිමි 1992 p.95).
අතීතයේදී වියළි කලාපීය ගැමියෝ තම වාසය සඳහා අලූතින් ගමක් පිහිටුවීමේදී වැවක් මුල්කරගෙන මුලින්ම ගමේ කුඹුරු යාය බෙදා වෙන් කර ගනී. එහිදී ගම් බැඳීම නම් චාරිත‍්‍රයක් ඔවුන් අනුගමනය කර ඇත. (පීරිස් 1964 p268). ඔවුහු විශේෂිත අභිචාරාත්මක විශ්වාස හා භාවිතයන් සමූහයක් ඒ සඳහා අනුගමනය කළහ. උතුරුමැද පළාතේ පුල්එලිය ගම අධ්‍යයනය කර ලියන ලද ඡුමකකෑකසහ් නම් කෘතියේ මෙම චාරිත‍්‍රය මෙසේ දක්වා තිබේ.
අලූතින් ගමක් ගොඩනගන්නට වුවමනා වූ විට වැසියෝ ප‍්‍රදේශයේ ඇති වැව් වලින් එකක් තෝරාගෙන එහි වෑ කණ්ඩිය මත නිදා ගනිති. එසේ නිදාගන්නේ තමන් තෝරාගත් වැව හා ඒ ආශ‍්‍රිතව ගොඩ නගන්නට අපේක්ෂා කරන ගමේ සුබ අසුබ පිළිබඳ සිහින පෙනේදැයි පරික්ෂා කිරීමටයි. එහිදී නිදාගත්තු කළ යෝධ දළ ඇතෙකු හෝ සුදු අශ්වයකු පිට යන මිනිසෙකු සිහිනෙන් දුටුවහොත් එය සුබ ලකුණක් ලෙස සැලකූහ. එසේ නොමැතිව සිහිනෙන් දුටුවහොත් එය අසුබ ලකුණක් ලෙස සලකා එම ස්ථානයේ ගම පිහිටුවීම වෙනස් කළහ. සිහිනය යහපත් නම් එහි ගම පිහිටුවීමට තීරණය කර කුඹුරු යාය සඳහා වෙන්කරගෙන මුලින්ම එහි වැඩකටයුතු ග‍්‍රහ දෙවියන් පිළිබඳ විශ්වාසය නැකතට අනුව අරඹනු ලබයි.
සාම්ප‍්‍රදායික ගොවියා ගේ සමස්ත කෘෂිකාර්මික ක‍්‍රියාකාරකම් පද්ධතිය විවිධ වැඩ කොටස් හා සම්බන්ධ අදියර ගණනාවකින් සංවිධානය වේ ඒවා මුලික අදියර දෙකකි.
1. කමතේ කෙරෙන කටයුතු
2. කුඹුරේ කෙරෙන කටයුතු
මෙම අදියර 2 තවදුරටත් පැහැදිලි කිරීමේදී බිම් සැකසීමේ සිට බීජ වැපිරීම තෙක් කටයුතු
1.වැපිරීමේ සිට අස්වනු නෙලන තෙක් වූ කටයුතු
2.අස්වනු නෙලීම අස්වනු නිවසට ගෙන යාම හා සම්බන්ධ කටයුතු
ලෙස අදියර තුනකින් පෙන්වා දීමට පුළුවන.
පොදුවේ සැලකුවහොත් වී ගොවිතැන අරභයා වූ සෑම කටයුත්තක්ම ඊට ආවේණික වූ ඇදහිලි ආදියෙන් යුක්ත විය. අප දන්නා පරිදි සෑම ගොවි කටයුත්තක් ආරම්භ කරනුයේ සුබ මුහුර්තියකිනි. නැකත යනු ක‍්‍රියාකාරී ආරම්භයක් කිරීමට සුභ මොහොතකි. සී සෑම, වී වැපිරීම, ගොයම් කැපීම, අස්වනු නෙළා ගෙන ඒම නැකතට කරන ගොවි කටයුතු අතර ප‍්‍රධාන වේ (අමරසේකර 1996 p.61)
සුභ දිනෙක සුබ නැකැතින් ගොවිතැන් කටයුතු ඇරඹූ ගොවියෝ සී-සෑම, වී වැපිරීම වැනි කටයුතු සිදු කළහ. එලෙසම සුබ දිනෙක සුබ නැකතට සිදු කළහ ගොවියා කුඹුරේ කටයුතු අරඹන සෑම විටෙකත් දවසේ වැඩ නිම කරන සෑම විටෙකත් ගොවි උපකරණ තබා එයට දෑත් එක්කොට වැඳීම කිසිසේත් අමතක නොකළේය. එමෙන්ම කිසිදු ගොවි උපකරණ එකට උඩින් පැනයාම නොකළේය. ගොවිකම, ගොවි උපකරණ, ජලය, වී, ධාන්‍ය ආදී ගොවිතැන හා සම්බන්ධ ගෞරවය හා පූජනීයත්වයෙන් සැලකීම එයට හේතුවයි. ආහාරයට අනුව බුද්ධ බෝග ලෙස හැඳින්වූ අතර වී මෙන්ම සහල්ද බුදුන්ට මෙන්ම දෙවියන්ට සම්බන්ධතා ඇති සුවිශේෂ ධාන්‍ය වර්ගයක් ලෙස සැලකේ. (කරුණාරත්න 1991 p18). කෘෂිකර්මය හා සම්බන්ධ ලාංකික ගැමියා තුළ පැවැති ලක්ෂණ වලට සමාන ලක්ෂණ ගැන ගැමි සමාජ පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කළ රොබට් රෙඞ්ෆීල්ඞ් විසින් තවදුරටත් තොරතුරු පෙන්වා දී තිබේ. ගැමියන් ඕනෑම කෘෂිකාර්මික කටයුත්තකට මුල පිරීමේදී ආගමික වතාවත්වල යෙදීම අනිවාර්ය අංගයක් ලෙස දක්වන ඔහු එයට හේතුව ඔවුන් තුළ භූමිය කෘෂිකර්මාන්තය පිළිබඳව පැවති ගෞරවණීය විශ්වාසය බවත් කිසිදිනෙක ගැමියන් තම බීජ වර්ග හෝ බෝග වර්ග තම පාදවලින් ස්පර්ශය කරන්නේ නැතැයි පෙන්වා දී තිබෙි.
මේ ආකාරයට සාම්ප‍්‍රදායික කෘෂිකර්මය හා බැඳුණු විශ්වාස අභිචාර හා සිරිත් විරිත් පිළිබඳව පෙන්වා දිය හැකිය
references (ආචාර්ය උබේසේකර දිසානායක:අභිචාර)
👏👍
ReplyDelete