ජනශ‍්‍රැතිය, කලාව හා ජනප‍්‍රිය සංස්කෘතිය
නූතන සමාජ විඥානය තුළ දෝලනය වන්නේ පුහු වීරත්වය, අධිමානසිකත්වය ආරෝපණ තත්වයකි. එය වත්මන් සමාජයට පමණක් සීමා වූවක් නොවේ. අද සමාජයේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා අද්භූත චරිත වලට වඩාත් ප‍්‍රියතාවක් දක්වන පෙනේ. ඒ ඔස්සේ සුපර් මෑන්, බැට් මෑන්, ටාසන් වැනි අද්භූත මෙන්ම මැඩෝනා, මයිකල් ජැක්සන් වැනි චරිත ඉස්මතු වී තිබේ. මේ අනුව බලන විට ජනප‍්‍රිය සංස්කෘතිය යන්නට විවිධ අර්ථකථන දෙන්නට හැකි වේ.
ප‍්‍රාථමික මිනිස් සමාජය තුළ ද අද මෙන්ම අධි මානව බලවේග පිළිබඳ විශ්වාස පැවති බව ජනශ‍්‍රැති අධ්‍යයනය තුළින් ගම්‍යමාන වේ. කෙනෙකු මියගිය පසු ඔහු අති බලසම්පන්න කෙනෙකු ලෙස අදෘශ්‍යමාන බලවේගයක් වී තමන් හමුවට එන්නේ ඇයි පැරණි මිනිසා කල්පනා කළේය.
මෙසේ පරපුරෙන් පරපුරට ජනප‍්‍රිය මත ඉදිරියට පැමිණ ඇත. ඉපැරැුණි ජනශ‍්‍රුති මගින් එවකට පැවැති සමාජ සංස්කෘතික පසුබිම තේරුම් ගත හැකිය. ජනශ‍්‍රතිය පුද්ගලයා සමාජ ජීවිතය මැනවින් පෙන්වන කැඩපතක් බඳුය. ජනමාධ්‍ය නැගීමත් සමගම විවිධ සංස්කෘතික අංග පැවත ආ සංස්කෘතික අංග හා මුසු වී නව ජනතාවක් ගොඩනැගුණි. මේ තේමාව සඳහා මූලාශ‍්‍ර වන විශේෂ තුනක් පාදක කොටගෙන ජනප‍්‍රිය සංස්කෘතිය අධ්‍යනය කිරීමට පුළුවන.
එනම්,
- ආගම හා ජනශ‍්‍රතිය
- ඉතිහාසය හා දර්ශනය
- තාක්ෂණය
මුල් කාලයේ මිනිසාගේ හුවමාරු මාධ්‍ය වූයේ අවාචික සන්නිවේදනයකි. ඉන් ඔබ්බට පැමිණි පසු භාෂාවේ මූල බීජ සමග කටවහර ජනිත විය. ජනශ‍්‍රතිය යන්න බිහිව ඇත්තේ මේ පසුබිම ලෙස පිළිගන්නේ ඓතිහාසික පර්යේෂණ වලට ලක් නොවූ කාලයක සිට මුඛ පරම්පරාගතව පැවත එන ජන කතා, ජන කවි, ජන විශ්වාස, පුරාණෝක්ති, සුරංගනා කථා, කලා ශිල්ප, වෙදකම, ගොවිකම, වැනි සංස්කෘතික අංගයන් ය. මෙකී අදහසට සමානව තවත් අදහසකි. මුඛ පරම්පරානුගතව එන කතා කවි, මන්ත‍්‍ර, ස්තෝත‍්‍ර වැනි චර්යාවන් ජනශ‍්‍රුතිය බව බිහිවන්නේ ගස් මත හැදු දඬු මැසි, පැල, ඔරුව, කුඹුරු ගොන් බැඳි කරත්ත, අද්භූත චරිත කරන තුළිනි.
අනෙක් අතට ජනශ‍්‍රතිය ජනප‍්‍රිය සාහිත්‍යාංග බවට පත් වූයේ ඒවා පොදු ජනතාව අතරින් මතු වූ හෙයිනි. පොදු ජනතාව අතරින් මතු වූ මේ විෂය තුල ජනප‍්‍රිය සංස්කෘතිකාංග දෘශ්‍යමාන වන්නේ ද පැරැුණි සාහිත්‍ය හා මුඛ පරම්පරානුගතව එන ජන සම්මත සාහිත්‍ය සඳහා ජනශ‍්‍රුතිය යන භාවිතා කළේ 1946 බි‍්‍රතාන්‍ය ජාතික විල්යම්ස් කෝමස් ය.දී ජනශ‍්‍රුතිය අද්‍යනය නොව ඒ තුළ ඇති ජනප‍්‍රිය සංස්කෘතිකාංග ගවේෂණය කිරීම තුළින් මානව හා සමාජ විද්‍යාඥයන් මත වාද ඔප්පු කරන්නට ජන සංස්කෘතිය තේරුම් ගැනීමට මෙන්ම පෞරාණිකත්වය ගවේෂණයට එය මහත් සේ උපකාරී වන්නේය.
පැරණි ජන සම්මත සාහිත්‍ය තුළ ප‍්‍රකට සන්නිවේදන මාධ්‍යය වූයේ ද ජනශ‍්‍රුතිය විය හැකි ය. වර්තමානයේ ජනප‍්‍රිය සංස්කෘතියට දායකවන සන්නිවේදකයා මෙන්ම ඉපැරණි ජන සමාජය තුළ ජනශැ‍්‍රති සන්නිවේදකයා ද ජනප‍්‍රිය සංස්කෘතිය මවන්නට දායක වූ බව පැහැදිලි වේ. එහෙත් ඔහුගේ සන්නිවේදන උපකාරක සීමාසහිත විය. ඒ නිසා ජනශ‍්‍රැති සන්නිවේදකයා උපසංස්කෘතියක ජනප‍්‍රිය සංස්කෘතියක් මවන කෙනෙක් හැටියටයි. නූතන සංස්කෘතිය තුළ ජනප‍්‍රිය සංස්කෘතිකාංග සමාජයට ගෙන යන සන්නිවේදකයා
ශිල්පීය පදනමකින් හඳුන්වනු දැකිය හැකිය. ග්‍රෝත‍්‍ර සමාජය තුළද පැරණි ජන සම්මත සාහිත්‍ය තුළද ඔහු හැඳින්වූයේ කවටයා යන නමිනි. අපේ ජන ජීවිතයට ඉතාම සමීප පුද්ගලයකු අන්දරේ එවැනි විකට ශිල්පියකු නොවන්නේද? ඔහුගේ කාර්යය වූයේ කවර හෝ කලා මාධ්‍යයකින් ජනතාව පිනවන කතාවක් කියා පෑමයි. අතීත සමාජයේ කලාවෙන් සංගීතයෙන් ජනතාව පිනවන පුද්ගලයා අද මාද්‍යවේදියා සංගීතඥයා මාධ්‍ය ශිල්පියා ගායකයා යන නම්වලින් හඳුන්වන මේ සියල්ල ජනප‍්‍රිය යෙදුම් බවට පත්වී ඇත.
ජනශ‍්‍රැතියේ අන්තර්ගත අංගයන් සැකසී ඇත්තේ මානව චර්යා රටාවන් හා නිරන්තරයෙන් ගැටෙමින් ය. ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වන්නේද පරිසරයට අනුගත වන පරිදි තත්කාලීන සමාජ අවශ්‍යතා අනුව වෙනස් වන ප‍්‍රපංචයක් හඳුනාගනිමින් ජනප‍්‍රිය සංස්කෘතිකාංග බිහි විය හැකිය. ආදී කලා විචාරකයෙකු දක්වන පරිදි ජනශ‍්‍රැතිකාංග වලින් සිදුව ඇත්තේ නිවැරදිව පරිසරය හඳුනා ගැනීමය. එනිසා එහි දී ද වෙනස්වන පරිසරයට අනුව සංස්කෘතිකාංග වෙනස්වීමක් සිදුව ඇත.
ජනප‍්‍රිය සංස්කෘතිය ජනශ‍්‍රුතිය හා ජනප‍්‍රිය කලාව තුළින් පෝෂණය වූවක් ලෙස පිළිගත හැකි ය. මානව සමාජයේ අවශ්‍යතා අනුව ජනශ‍්‍රතිය වෙනස් වී ඇත. පෙරදිග, අපරදිග ආගම් වල ඉතා ප‍්‍රකටව පවතින සමාජ ආගමික චාරිත‍්‍ර ග‍්‍රීසිය, රෝමය වැනි රටවල පැවති උසස් හා පහත් වශයෙන් ප‍්‍රභේදනය වූ සුඛ දුක්ඛ නාට්‍ය අධ්‍යනය හා මධ්‍යගත යුරෝපයේ උසස් කලාවන් හා ත‍්‍රාසජනක ක‍්‍රියාවලියට අනුබල දුන් විද්‍යාඥයන් රාජ්‍ය පාලකයන් පිළිබඳ විමසීමෙන් හා ලංකාවේ උඩරට ප‍්‍රදේශ වල පැවති සොකරි, නාඩගම් වැනි නැටුම් අධ්‍යනයෙන් ද මේ තත්ත්වයන් වටහා ගත හැකිය.
පැරණි සමාජයේ පැවත් මහා සම්ප‍්‍රදාය හා චූල සම්ප‍්‍රදාය යන ප‍්‍රභේද සාහිත්‍ය තුළ දක්නට ලැබිණි. විදග්ධයන් ගෙන් තොර වූ කලාව ජනප‍්‍රිය කලාව විය. පොදුජන සංස්කෘතියටත් ජනප‍්‍රිය කලාවක් ගොඩ නගන්නට ගත් උත්සාහයක් ලෙස ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ කතා හැඳින්විය හැකිය. එය ධර්මසේන මාහිමියන් රචනා කළේ හුදී ජන පහන් සංවේගය සඳහා ය. පසුකාලීනව විල්ගම්මුල හිමියන් සඳකිඳුරුදාකව කළේ මේ අරමුණින් විය හැකිය. ශ‍්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛර තුළින් බණ මග හා කවි මග එක්කොට ජනප‍්‍රිය කලාවක් බිහි කරන්නට උත්සාහ ගෙන ඇත. ජනකවිය වැන් ජනශ‍්‍රැති මාතර හා නුවර යුගය වන විට ඉතා ජනප‍්‍රිය අංගයක් විය. ජන කතා, ජන කවිය, ජන ක‍්‍රීඩා මෙන්ම ජනප‍්‍රියව පැවති බව පැවසිය හැකිය. විශේෂයෙන් ම පොදු ජනතාව අතර ඉතා ප‍්‍රචලිත කලා අංගයක් ලෙස හැඳින්වුණේ ජනරංග කලාවයි. මේ ජන රංග කලාවට ජනශ‍්‍රැත් අධ්‍යනයේ දී විශේෂ ස්ථානයක් හිමි වේ. මේ කලා අංගයගේ ක‍්‍රමික විකාශනය දෙස අවධානය යොමු කරන විට පෙනෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය විදග්ධ පඬිවරුන්ගේ ජනයා අතින් ප‍්‍රචලිතව ආ බවයි.
references: ජනප‍්‍රිය සංස්කෘතිය හා ජන මාධ්‍ය, සේනක සෙනෙවිරත්න
ජනප‍්‍රීය සංස්කෘතිය හා මාධ්‍ය, දර්ශන අශෝක කුමාර
No comments:
Post a Comment