ගහකොළ ජීවිතය හා විශ්වාස
අප කවුරුත් දන්නා පරිදි නූතන පරිසර විද්‍යාවේදී ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික අංග තුනක් දක්වයි. එනම් ජලගෝලය, වායුගෝලය හා ශිලා ගෝලය යි. මේ කරුණු බුද්ධාගමේ එන පංච මහා භූත තත්ත්වයන් සමග සසඳන්නට හැක ය.ි අපේ සමස්ත ජීවන පැවැත්මට පමණක් නොව ඒ හා අදාල වන සෙසු දේවල් වල පැවැත්මටත් මේ කරුණු ආධාර වේ.
මෙම කාරණය පිළිබඳ ශිෂ්ටාචාරයේ මුල් යුගවල සිටම මිනිසා දැන සිටියේය. එපමනක් නොව භාවිත ජීවිතය සම්බන්ධයෙන් මෙය අවබෝධ කොටගෙන සිටියේය. අප කවුරුත් දන්නා ආදි සිටි මිනිසුන් ලෝකය පැහැදිලි කරන්නටත් එය අවබෝධ කරගන්නටත් එක්තරා ආකාරයක ප‍්‍රායෝගික දැනුමක් ඔවුන් සතු විය. ඒ දැනුම පදනම් කොටගෙන යථාර්ථවාදී ව පැහැදිලි කළ නොහැකි ජීවිතයට වැදගත් වස්තූන්ට දේවත්වයක් නැත්නම් මනුෂ්‍යත්ව ආරෝපණය කරනු ලැබීය. පිළිබඳව ඒ ආකාරයේම අදහසක් ඔවුන් තුළ පැවතුණේ ය. ගහ කොළ පිළිබඳව ඔවුන් තුළ ඇති විශ්වාස පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන විට මේ තත්ත්වය අපට හොඳින්ම අවබෝධ කරගත හැකිය.
පෙරදිග හැම ආගමකම පාහේ ගහකොළ ශුද්ධ වස්තූන් හැටියට සැලකූ ආකාරය පෙනේ. එමෙන්ම විවිධ රටවල ගහකොළ හා බැඳුණු වෘක්ශලතාදිය හා සම්බන්ධ ඒවා අමරණීය තත්ත්වයෙන් සැලකූ බවක් පෙනෙන්නට ඇත. පිළිබඳව මිනිසා තුළ ඇති විශ්වාස පද්ධතිය අවස්ථා තුනකින් වර්ධනය වූ බව විද්වතුන්ගේ අදහසයි. ගහකොළ පිළිබඳ විශ්වාස පද්ධතිය ගොඩනැගී තිබුණේ ඒවායේ ප‍්‍රායෝගික වටිනාකම හා ප‍්‍රයෝජනය පදනම් කොට ගෙනයි. දෙවැනි අවස්ථාව වන විට ඒවා කෙරෙහි කිසියම් පූජනීය තත්ත්වයක් ආරෝපණය කරනු ලැබීය. මේ අවස්ථාවේදී පූජනීය ශුද්ධ භූමිවල ගහකොළ රෝපණය කරන්නට පටන් ගත්තේය. තෙවන අවස්ථාවේදී ගහකොළ පූජනීයත්වය සංකේතයක් හැටියට සලකනු ලැබීය. මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරන විට අපට පැහැදිලි වන්නේ ප‍්‍රායෝගික අර්ථයක සිට පූජනීය අර්ථයක් දක්වා ගහකොළ හා සම්බන්ධව පද්ධතිය වර්ධනය වී ගිය ආකාරයයි.
ගහකොළ සතා සර්පයාට වඩා වෙනස් වෙයි. සතා සර්පයා ඕනෑම තැනකට යන්න එන්නට හැකි ය. නමුත් ගහ කොළ වලට එසේ ඇවිදින්නට පුළුවන්කමක් නැත. ඒවා එකම තැනම පවතී. නමුත් ඒ ගස් වල චලනය මිනිසුන් දකී. ඒ චලනය හා සම්බන්ධ ක‍්‍රියාවලින් රැුසක් පවතී. මේ කරුණු පිළිබඳව කෙරුණු නිරීක්ශණවල ප‍්‍රථිඵල හැටියට සමහර විශ්වාසය ඇති වී තිබේ. නමුත් මේ විශ්වාස මිනිසුන් ජීවත්වන භූගෝලීය කලාප අනුව වෙනස් වන බවක් දක්නට ලැබේ. ඝර්ම කලාපීය රටවල වෙසෙන අයට තරම් ශීත කලාපීය රටවල වෙසෙන අයට ගහකොළවල එතරම් වැදගත්කමක් නැත. ඊට හේතුව ඔවුන්ට ගහකොළ නොමැතිකමයි. කරුණු කෙසේ වුවද දේශගුණික කලාපයක ජීවත් වුවද මුල් කාලවල සිටම ගස්වැල් පිලිබඳව මිනිසුන් තුල පුදුම ආදරයක් තිබූ බව දැකගන්නට හැකිය. එයට මූලිකම හේතුව වූයේ ඒ අයට ප‍්‍රායෝගික අගය මිස ඒවායේ නියම ස්වභාවය හරියාකාරව තේරුම් ගන්නට නොහැකි වීමයි. මේ කාරණය පිළිබඳව සාකච්ඡුා කරන විට කරුණු කිහිපයක් පිළිබඳව අපට අවධානය යොමු කරන්නට සිදුවෙයි. ගහකොළ වලට මෙවැනි තත්ත්වයක් සමාජයේ පුද්ගලයන්ගෙන් ලැබුණේ කුමන හේතුවක් නිසාද කියන කරුණු ගැන මුලින්ම අපගේ සැලකිල්ල යොමුවිය යුතුයි.
මුල්ම හේතුව තමයි ඒ ගස් පිළිබඳව තිබූ ගෞරවය සහ පූජනීය සභාවය හැඟීමක් ඇතිවෙන්නෙ බොහෝ වෙලාවට කලින් සඳහන් කළා සේ ගහේ ස්වභාවය හැඩය අතුපතර විහිදී ඇති ආකාරය විශාලත්වය වගේ කාරණා පදනම් කොටගෙනය. මේ තත්වයන් නිසා මිනිසා තුළ කිසියම් ආකාරයකට භය සහ ගෞරව සම්ප‍්‍රයුක්ත භාවයක් ඇතිවේ. ආදී මිනිසා ගැන පමණක් නොවේ මෙම තත්ත්වයන් වර්තමානයේ ජීවත් වන මිනිසා පිළිබඳව වුවද සාධාරණ වී හුදකලා තැනක තියෙන හොඳට අතුරු නුග ගසක් දුටුවිට භය සම්ප‍්‍රයුක්ත හැඟීමක් ඇති වේ. මීළඟ හේතුව වන්නේ ඒ ගස්වල තිබෙන ප‍්‍රයෝජන හා දුර්ලභ බවයි. අප කලින් සඳහන් කළා සේ ගස් වලට ඇවිදින්නට බැරි නිසා ඒවා එකම තැන පවතී සමහර ගස් දකින්නට ලැබෙන්නේ එකම ප‍්‍රදේශයක පමණකි. අනෙක් ප‍්‍රදේශවල ඒ ගස් දක්නට නොලැබේ මේ හේතුව නිසා විශේෂ ගුණයක් නැතිනම් විශේෂ වූ අර්ථයක් ඒ ගස් වල දක්නට ලැබේ. මේ හේතුව නිසාම ඒ ගස් වලට විශේෂ වූ සැලකිල්ලක් ලැබෙන්නට පටන් ගනී.
තවත් කාරණයක් නම් ගස් වලට පණ තිබෙනවාය යන ජන විශ්වාසයයි. මෙම විශ්වාස වලට අනුව ගස්වැල් ආදිය පණ තිබෙනවා යන අදහස බෞද්ධ දාර්ශනික ග‍්‍රන්ථවල විරල වශයෙන් සඳහන් කොට ඇති බවයි. වර්තමාන විද්යාඥයන් විද්‍යාත්මක දැනුම පදනම් කොටගෙන සොයාගත් කරුණු හැරුණු විට ගස පිළිබඳව ජන මතයෙහි ඇති විශ්වාස හා පිළිගැනීම් ගැන ද අප අවධානය යොමු කළ යුතුය. එයින් එක් විශ්වාසයක් වන්නේ පූජනීයත්වයෙන් සලකන දෙවි දේවතාවුන් වහන්සේ කරන්නේ යන අදහසයි.
ගස් වැල් ගැන කතාකරද්දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක් තමයි පූජනීය වශයෙන් සමහර ගස් සමහර සමාජවල වැදගත් වූයේ කෙසේද යන්න. මේ පිළිබඳ නීතිමය වශයෙන් අවධානය යොමු කළ ශාස්ත‍්‍රඥයන් පැහැදිලි කළ කාරණයක් වන්නේ ගසක් පූජනීයත්වයට පත්වූයේ ඒවා පූජනීය ස්ථානවල රෝපණය කළ නිසා බවයි. නිදසුනක් ලෙස බුදුදහම ගතහොත් අපට පෙනෙන්නේ සමහර ගස් පූජනීය තත්ත්වයට පත් වූ බුදුවරුන් හා ඒ ගස් අතර පැවති සම්බන්ධය නිසා බවයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කොට ගනිද්දී පිටදී සිටියා ය කියා ව්‍යවහාර කරනු ලබයි.
මේ පිළිබඳව ඇති විශ්වාස හා පිළිගැනීම් පදනම් කොටගෙන ඇති වූ සංස්කෘතික ආකල්ප වර්ධනය වී ගිය ආකාරය සලකා බැලීමේදී අපට වැදගත් ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කළාට පසු එය රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විය. අනුරාධපුර යුගයේ සෑම රජ කෙනෙක්ම තමන්ගේ රාජ්‍යත්වය අතර තිබූ සම්බන්ධය නිසා තමන්ගේ පණ දෙවැනි කොට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කළේය. බෝධි වෘක්ෂය ආශ‍්‍රිතව වත් පිළිවෙත් රාශියක් පැන නැගුනේ ය. එය බලා කියා ගන්නට නොයෙක් දෙනා පත් කළේය. නමුත් රාජධානි මාරුවීමත් සමග ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් ලැබූ සැලකිල්ල දන්ත ධාතූන් වහන්සේට යොමු වි. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මුලික කොට ගෙන ඇතිව තිබූ රාජ්‍යත්වය පිලිබඳ සංකල්පය ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලබන්නේ බෝධිරාජ සංකල්පය ලෙයසි.
ගහ කොළ සහ පැළෑටි ගැන කතා කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ඒවායේ ඇති පෝෂ්‍යය ගුණය ඒ වගේම ගහ කොළ සමග අපේ ඇති සම්බන්ධය ගැනත් අවධානය යොමු කළ යුතුවේ. ගෙවල් සෑදීමේදී අනුගමනය කළ ක‍්‍රම විද්‍යාවක් තිබුණේ ය. එය හැඳින් වූයේ ගෙබිම් ශාස්ත‍්‍රය ලෙයසි. ඒ විතරක් නොවෙයි අවට සිදුවන ගහකොළ පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබුණි.. සමහර ගස් හොඳයි. සුබයි. සමහර ගස් නරකය.ි අසුබයි. කතුරුමුරුන්ගා ඉතාමත් හොඳ කෑමක් කී නමුත් ගේ ඉදිරියෙන් කිසි වෙලාවක කතුරුමුරුංගා ගහක් සිදුවූයේ නැත. එසේම සේපාලිකා වැනි ගස් ආදිය ඉදිරියෙන් සිට වූයේ නත. ගහ කොලක් හිටවන්නේ කොතැනක ද කියන කාරණය අපේ පැරණි අය හොඳින් දැන සිටියා. බොහෝ වෙලාවට ඉදිරියෙන් හිටෙව්වේ අඔ ගස් ය අඹ ගහකට හෙණ වැදී තිබෙනවා දැකීම දුර්ලභය. නමුත් කොස් ගස්වල පොල් ගස් වලට ඕනෑතරම් හෙන වදී. මෙසේ සිදු වන්නේ ඇයි ද යන කාරණය සොයා බැලීම වටිනා කර්තව්‍යයකි. බෝගහක් යටට ගියාම සිතට දැනෙන සනීපය අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.
ගහකොළ පිළිබඳ සාම්ප‍්‍රදායික දැනීම අපේ භාෂාව තුළ කොපමණ දුරට දකින්නට ලැබෙනවා ද කියන කාරණය පිළිබඳව අවධානය යොමු විය යුත්තකි. අපේ චරිතය හෝ හැසිරීම් සකසා ගන්නට වෘක්ෂ ජීවිත ආශ‍්‍රයෙන් ගත් ආත්තෝපදේශ එහෙම නැතිනම් උපහැරණ ගැන සිතා බැලිය යුතුය. ඒවායින් කීයක් සත්ව සමග සම්බන්ධ ද? නමුත් ගහකොළ සම්බන්ධ ආතෝපදේශ රාශියක් අපේ සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. පැණි වරකා ගහටත් හෙණ ගහනවා. හෙවනට හිටපු ගහේ අතු කඩන්න එපා. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. මේ හැම එකකින්ම වෑයම් කරන්නේ ගස් වැල් ආදියෙන් ලැබූ පාඩම් විග‍්‍රහ කරන්නටයි.
පැරණි චීන කියමනක් ඇත. මිනිසකු විසින් කළ යුතු වැදගත්ම කාර්යයක් තුනක් ගැන එහි සඳහන් වේ. ඒවා නම් දරුවකු සෑදීම, පොතක් ලිවීම, ගසක් සිටුවීම. ගස් මිනිස් ජීවිතයට කොතරම් වැදගත්ද කියන කාරණය සඳහා ම විග‍්‍රහය හොඳින් ම ප‍්‍රමාණවත් ය.
reference: ජනශ‍්‍රැතිය, පුරාකතාව හා පුරාවෘත්තය, චන්ද්‍රසිරිි පල්ලියගුරු
No comments:
Post a Comment