Monday, June 24, 2019

විරාගයේ නිරිමාණාත්මක භාවිතය


විරාගයේ නිර්මාණාත්මක භාවිතය

                                 මාර්ටින් වික‍්‍රමසිංහගේ ”විරාගය” නව කතාව මනෝවිශ්ලේෂණාත්මක ඒක පුද්ගල ආත්ම වර්ණනාවක ස්වරූපයෙන් රචනා වූවකි. අරවින්ද ජයසේන නමි කතා නායකයාගේ ජීවිතය කේන්ද්‍ර කරගනිම්න් නිර්මිත වූ මහා මිනිස් සිත ප‍්‍රතිවිරුද්ධ පදාර්ථයන්ගේ සංයෝගයන් බවත් ආධ්‍යාත්මික තතු හා ලෞකික ආශාවන් ගැටීම නිසා පුද්ගලයා විරාගයෙකු බවට පත් වන ආකාරයෙන් අපූර්ව ලෙස ඉදිරිපත් කර  තිබේ. වික‍්‍රමසිංහ විරාගය රචනා කිරීමේ දි පෙර පර දෙදිග සාහිත්‍ය විචාරවාද හා දර්ශනවාද වලින් පෝෂණය වූ ආකාරය නිරික්ෂණය කල හැකිය. ඇතැමි විද්වතුන් පවසන ආකාරයට වික‍්‍රමසිංහ විරාගය රචනා කිරිමේ දී පෙර පර දෙදිග චින්තන ගද්‍ය සාහිත්‍යෙයන් ආභාසය ලබා තිබේ. ඊට අමතරව ඔහු යුරෝපයේ ”ජින් පෝල් සාත්‍රෙ”, ”ඇල්බෙයා කැමූ”  වැනි දාර්ශනිකයන් ඉදිරිපත් කල සංදෘෂ්ඨිකවාදි දර්ශනයේ ආභාසය ලබා තිබෙන බව විචාරකයෝ පවසති. වික‍්‍රමසිංහගේ විරාගය සහා රුසියන් සාහිත්‍යයට අයත් ඇතැමි නිර්මාණ කිරීමේ දී ඉහත සදහන් කරන ලද පෙරදිග චින්තන ගද්‍ය සම්ප‍්‍රදායේ ආභාසය සහා යුරෝපීය සංදෘෂ්ඨිකවාදයේ ආභාසයට අමතරව ”ඇන්ටන් චෙකෝෆ්”, ”පයෙන්දර් දොස්තයෙවිස්කි”, ”ලියෝ ටෝල්ස්ටෝයි”  වැනි විශිෂිඨ රුසියානු ලේඛකයන්ගේ නිර්මාණ යේ ආභාසය ද ලබා තිබෙන බව නිරික්ෂණයට හසු විය. විරාගය නිර්මාණය කිරීමේ දී කතුවරයාට තිබූ මේ බහුශ‍්‍රැතභාවය නිසාම එය විශිෂ්ඨ කෘතියක් වශයෙන් සමිභාවනාවට පාත‍්‍ර වී ඇති බව දැක ගත හැකිය. 

          සිංහල බසින් එදා මෙදා ලිය වී ඇති ශේෂ්ඨතම යථාර්ථවාදි නව කතවෙ ලෙස බොහෝ විචාරකයින් වාගේ අවිවදයෙන්ම වා‍ගේ පිළිගනු ලබන විරාගය (1956* වූ කලි ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලූ හා මමත්වය තුනී කරගත් අරවින්ද ජයසේන නමි අපූරු පුද්ගලයා වටා ගෙතුන චමත්කාරජනක වූත්, ශෝකිකූල වූත් වර්ණාවකි. වික‍්‍රමසිංහගේ පමණක් නොව සමස්ථ සිංහල සාහිත්‍ය වංශයෙහි ම අපට හමුවන ඉතාමත් ප‍්‍රබල හා සියුමි ලෙස පාඨක හද සසල කරන කථාව ”විරාගය” ලෙස පෙන්වා දීම අභියෝගයක් ‍වේ යැයි සිතමි.      
 නව කතාව ඵල වී වසර ගණනාවක් යන තුරු එය පාඨකයාගේ අමන්දානන්දයටත් පහන් සංවේගයටත්  නොමසුරු ඇගයීමටත් හේතු විය. උඩුගමි බලා ගිය අරවින්දගේ චරිතයත් , වෙසෙසින් ම අරවින්ද හා නව කතවේ ප‍්‍රධාන ස්ත‍්‍රී චරිත යුග්මය වන බතී හා සරෝජින් අතර සබදතාවයන්හි යථා ස්භාවයත් හරිහැටි අවබෝබ කර නොලත් ඇතැමි අංකුර නව කතාවේ දුර්වලකමි සොයමින් අවතක්සේරු කිරීමට යත්න දැරූ ප‍්‍රවනතාවක් ද හැට ගණන් වල පෙනෙන්ට තිබුණි. බොහෝ අවියත් විචාරකයින් අරවින්ද දුටුවේ පරාජිත චරිතයක් ලෙසය. 
         විරාගය නවකතාවේ දී එළඹිය හැකි නිගමනය වන්නේ විරාගයෙහි එන අරවින්ද මේ අපි අත්විදින සමාජයේ ජීවත් වූ චරිතයක හා චරිත කිහිපයක මානුෂීය ලක්ෂණ කැටිව නිර්මාණය වූ චරිතයක් බවය. විෂේශයෙන් ම බෞද්ධ චින්තනය අනුව සිය ජීවිතය දෙස බැලීමට උත්සහ කල එහෙත් ජීවිතයේ ප‍්‍රායෝගික අංශයෙන් මුළුමනින් ම බැහැර වූ චරිතයක් ලෙස අරවින්ද හැදින්විය හැකිය. 
            විරාගයේ අරවින්දගේ චරිත ස්භාවයත් සමග පසුගාමී චරිත මෙරට පේක්ෂක ජනතාව අත්විදින්නට ඇත. මේ අතර ”තුන් මං හන්දියේ” ”අබිලිංසිං‍ඥෝ” එක් චරිතයක් වේ. මහගමසේකරගේම ප‍්‍රබුද්ධ නාට්‍ය සංග‍්‍රහයේ එන” ඇල්බෙයා කැමූගේ පිටස්තරයා” නව කතාව, ”හේමන් හෙසන්ගේ” ”සිද්ධාර්ථ” වැනි කෘතිවල මෙම චරිත ලක්ෂණ අඩු වැඩි වශයෙන් සොයා ගත හැකිය. ඇතැමුන් විරාගය සදහා පදනම ඇත්තේ ”චාල්ස් ඩිකන්ස්ගේ”  ”ටෙල් ඔන් ටූ කිටිස්,” ”ගොන්වරොවිගේ ඩබිලමෝස්”  හා ”පියදෝර් දොස්තයෙවිස්කිගේ” ”ඉඩියටි” වැනි කථා පදනමි කරගෙන ඇති බව සදහන් කොට ඇත. 
                එම සාහිත්‍ය කෘති ඇතැමි විචාරකයිත් විරාගය සමග ඈදා ගනි‍මෙන් ගම්‍ය වන එක් සත්‍යයක් ඇත. එනදි අරවින්ද විශ්වසනීයත්වයෙන් තොර අභව්‍ය චරිතයක් නොවන බවය. එවැනි චරිත ලක්ෂණ තිබෙන අය ලෝකයේ  ඕනෑ තැනක සිටිය හැක. 
                  නමුත් මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින්  අරවින්ද චරිතය වටා ගෙන එන්නේ මෙරට සමජ සංස්කෘතික පසුබිමෙහි සිටයි. මෙය මාර්ටින් වික‍්‍රමසිංහගේ මෙන්ම සිංහලයෙන් ලියා ඇති විශිෂ්ඨතම කෘතියකි. 
                මෙම අරවින්ද‍ චරිතය දෙස බොහෝ අය බැලීමට හුරු වි සිටියේ අප විසින්ම සාදාගත් විවිධ රාමු සහා මානයන් තුල හිදය. පුද්ගයෙකු විවාහකව ජීවත් වූවොත් ඔහු ලෙඩෙක් නොඑසේ නම් උමිමත්කයෙකි. නොඑසේ නම් නපුංසක පුද්ගලයෙකු ලෙස සිතීමට පුරුදු වී ඇත. 
                              එහෙත් කිසියමි දාර්ශනික පසුබිමක් මත විෂේශයෙන් ම බෞද්ධ චින්තනය විසින් හික්මවනු ලැබූ පුද්ලයන් සිටිය නොහැනකිද? අප ආදරය පිළිබදව හෝ විවාහය පිළිබදව නොඑසේ නමි අනෙකුත් සමාජීය තත්වයන් හමුවේ දක්වන ප‍්‍රතිචාර සියයට සියයක් ම නිවරදි ද? ආදරය විවාහයෙන් ම කෙලවර විය යුතු ද? එසේ සමාජ සමිමතයක් ති‍බේ ද? එසේ තිබෙනවා නමි ඒවා කොතෙකුත් දුරට තර්කානුකූලද? අප ජීවිතයත් ඉන් පරිබාහිර ලෝකයත් වින්ශ්චය කරනුයේ සාපේක්ෂ වශයෙනි. 
               මෙවැනි දාර්ශනික පදනමක් මත විවධ මතවාද තිබෙන සමාජයක තිස්ස අබේසේකරයත් විරාගය චිත‍්‍රපටයක් බවට පත් කරන්නේය. විරාගය ගැමි සංස්කෘතික බෞද්ධ දර්ශනය පදනම්ව රචනා වූ කෘතියකි. අතිශයින් ම සංකීර්ණ අරවින්දගේ චරිතය එක් අතකට පාඨකයාට වටහා ගැනීමට ද පහසු නොවේ.  බහුතර ජනතාව අරවින්ද ගැන දැන හෝ නොදැන විරාගය නව කතව රසවින්ද  අතර ඒ තුලින් ඔවුන් නැවුම් වූ අත්දැකීමක් ලබාගත්තේය. 
                 විරාගය නමි නවකතාව පාඨකයාගේ රසවින්දනයට කිසිදු බාධාවක් නොවූ කෘතියකි. අරවින්ද සාමානය පොදු ජනතාවට අභව්‍ය චරිතයක් නොවන්නේ නමි විශ්වසනීයත්වයෙන් තොර චරිතයක් ලෙස නොපෙනේ. එයට හේතුව වන්නේ මෙරට පොදු ජන සමාජය තුල මුල් බැසගෙන තිබෙන්නේ බෞද්ධ චින්තනයන් තුලින් පෝෂණය වූ ජන විඥානයකි. 
                 එම ජන විඥානයට අනුව විරාගය යනු හුදෙක් කියික විරාගයක් නොවන්නේය. බුදු දහමට අනුව රාගය යනු පුර්ෂ‍යෙකුට ස්ත‍්‍රිය පිළිබදව ද ස්ත‍්‍රියකට පුරුෂයෙකු පිළිබදව ද ඇතිවන හැගීම පමණක් කොව එනමි, මේ භවයෙහි ලෞකික ජිවිතයෙහි ඇති බොහෝ දෑ පිළිබදව ඇති තෘෂ්ණාවයි. වරෙක මාර්ටින් වික‍්‍රමසිංහ අරවින්දව හදුන්වා ඇත්තේ හිස මුඩු නොගා නිවසේ මහණ දමි පුරනා ගිහියෙකු ‍ලෙසයි. 
                   මේ ආකාරයෙන් කෙලෙස් නැසීම පිළිබදව බෞද්ධ දර්ශනයේ විවිධ ව්ව්ධ ආකාරයෙන් විග‍්‍රහ කොට ඇත. මේ කමි සැපත පිළිබදව විග‍්‍රහ කරන එක් ආකාරයකි. 
    
     ” පුසුසානි හෙව පචිනන්තං 
ඛ්‍යාසත්තමනසං නරං
අත්න්තං යෙව කාමේසු
අත්තකෝ තුරුසේ වසං”
පස්කමි සැපතෙහි ඇළුමි ඇත්තා කාමයන්හි සෑහීමකට නොපැමිනේ. 
                  
මේ ව්‍යායාමය වනුයේ විරාගය රසවිදි සියල්ලන් ම අභිධර්මය දන්නා අය බව සනාථ කිරීම නොවේ. නමුත් මෙවන් අවස්ථාවකට උරුමකමි කියන ජන සමාජයක චින්තනය කෙබදු විය හැකිද?
          කෙලෙස් නැසීම, පවි නැසීම, නිවන් සුව විදිම යන අදහස් මෙරට ජන ජීවිතයේ අතිශය සාමාන්‍ය අසා හුරු දේය. එවන් ජන සමාජයක ජනතාවට අරවින්ද සුවිශේෂි චරිතයක් විනා උන්මත්තකයෙක් හෝ නපුංසක්‍යෙක් නොවේ. 
               අරවින්ද චරිතය විරාගය නවකතාවේ දී හසුරුවා ඇති සංයත විලාසය ප‍්‍රකට වන මානව ගුණය ඔහු සාමාන්‍ය ජීවිතයේ ඇතැමි අවස්ථාවලදී දක්වන ප‍්‍රතිචාරයන් රසිනයන් අභිරුචියකින් වින්දනය කල අවස්ථාවන්ය. එය රසිකයාගේ තර්කානුකූල බුද්ධිය අවධි කරවන්නේය. 
”අරවින්ද, බතී අතර ඇති මානුෂීය අරගලය, අරවින්ද, සරෝජිනි, සිරිදාස අතර තුන් කොන්ව සිදු වන මානව සමිභන්ධතාවය”
”අරවින්ද, මේනකා අතර සමිභන්ධතාවය”
මෙවැනි මානව සමිභන්ධතා වලදී අරවින්ද දන්වන ප‍්‍රතිචාරයන් සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ සෙයින් වෙනස් ය. එයට ‍හේතුව වන්නේ අරවින්ද ලබා ඇති ශික්ෂණයයි.
විරාගය සමාජ ප‍්‍රවාහය ඉදිරිය උඩු ගං බලා පිහිනන නොඑසේ නමි මඩ ගොහොරුවෙන් අරවින්දයෙක් සේ ඉහළට එන අරවින්ද න්ර්මාණාත්මක දෘශ්ඨියකින් දැකිමය. 
         ඇතැමි විටෙක අරවින්දගේ චරිතය පේක්ෂයාගේ චින්තනයට අනුව තර්කානුකූල වී ඇත. කෙසේ වුවත් ‍බොහෝ පාඨනයන්ගේ උසස් රසවින්දනයට විරාගය සමීප කිරීමට හැකි වී තිබීම රචකයාගේ ප‍්‍රතිභාවකි.
                                          
                                  

No comments:

Post a Comment

නුඹෙි සෙනෙහස