Tuesday, April 2, 2019

මොහොතක සිතුවිල්ලක්....

මොහොතක සිතුවිල්ලක්....
මේක මහා කාලකන්නි කාලයක්... හැම හේන් ගොවිතැනක්ම පාලූ වෙලා. ලොකුම පිල්ලිය වන අලි කරදරෙන් බේරෙන්ඩ බැරි එක. කොයි මොහොතක කොයි වෙලාවේ එයිද කියන්ඩ දන්නේ නැ... හැම මිනිහෙක්ම ජීවත් වෙන්නේ මරණ බයෙන්. ජීවිතේට මහා අරමුණු නැති වුනත් තම දරුවන්ගේ බඩ කට පුරවන්ඩ පොර බදින අරගලේ හැම මිනිහෙකුගෙම හිතේ තියෙනවා.
අපේ ගේ තිවුනේ ලොකු දොල පාරක් ගාවමයි. මේ දවස් වල යහමින් වතුර. කන් අඩි පිරෙන්නේ හෝ හෝ ගාන වතුර සද්දෙට..කොච්චර කරදර තිබුනත් සිංහල අවුරුද්දට තව දවස් පහ හයකට වැඩිය නෑ. ගෙට අලූත් පොල් අතු හෙවිල්ලා අස් පස් කරලා ගොම මැටි ගාලා තිබුණ හින්දා ගේ පුරා තිබුනේ අමුතුම සිරියාවක්. අපේ හිත් වලත් එහෙම්මයි.
’මෙදා අවුරුද්ද අපිට වරදින එකක් නෑ...”
අම්මා එහෙම කියන්නේ හේනට ගියාම. ඒ මේ පාර බතල වගාව සරුවට වැවිලා තිබුන හින්දා. මෙදා පාර අපේ හේනේ විතරක් නෙවේයි සිම්යොං මාමලගේ හෙනෙත් බතල වවලයි තිවුනේ. ඒ වුනත් වන අලි ගං වදින හින්දා වගාව පරිස්සම් කරන්ඩ දහ දුක් විදින්න වුණා. හැමදාම බිං කරුවල වැටෙන කල්ම අප්පච්චි තුවක්කුවත් ඇන්න හේනට ගාටන්නේ හේන් රැකිල්ල නොකර බැරි හන්දා වෙනදා නම් අප්පච්චිගේ උදව්වට මාත් ගියා. ඒ ඉන්නකොට අප්පච්චි කුඩා සන්දියේ වෙචිච ගොඩක් දේවල් මට කියනවා. ඒ දේවල් කවදාවත් මගේ ජිවිතේ අමතක වෙන් නැති දේවල්. අප්පච්චි කුඩා සන්දිය ගෙවපු හැටි මගේ සිහියට එන්නේ ආකසේ පියාඹන කුරුල්ලෙක් වගේ නිදහස් සිතුව්ල්ලක්. ඒත් ඒ නිදහස මට කොයින්ද? කොහොම වුනත් මේ අවුරුද්දේ මං විභාගේ ගන්න හින්දා අප්පචිචි මාව හේන් රැුකිල්ලට එක්ක ගියෙම නෑ.
’උඹ ගෙදෙටිට වෙලා පොතක් බලා ගනිං කිරි පුතේ. නැත්තං උඹටත් වෙන්නේ මේ මට වගේ පැල් රැක රැක ඉන්ට තමා”
අද හැන්දෑවෙත් මං හේනට එන්න ඇහුවම අප්පච්චි කිවිෙව් එහෙම. කවුරු දුකක් විදිහට හිතුවත් මට නමි පැල් රැකිල්ලේ තිවිනේ අමුතුම සතුටක්. පැලට වෙලා ඇහැරගෙන හීතලේ ගැහි ගැහි ඉදන් අප්පච්ිචිලා තරුණ කාලේ තරපු හපන්කමි මම අහගෙන ඉන්නේ හරි ආසාවෙන්. එහෙම දවස් වලට අමිමා ඔතලා දෙන කුරහන් රොටියි දඩ මසුයි අපි දෙන්නා කන්නේ තරෙඟට. කොහොමත් අමිමා හදන කුරහන් රොටියි දඩ මසුයි එක්ක රොටි මරතෑකි.
එහා හේන සිමියොං මාමයේ. උන්දැ පැල් රකින කොට ඒ පැත්තේ ඉදන් මහ රැ ජාමෙට එළිවෙනකං මහ සද්දෙට පැල් කවි කියනවා කාටත් ඇහෙන්න. සමහර දවස් වලට අප්පචිචි කොහොමින් හරි පිළිතුරු කවියක් කියනවා. හැබැයි අප්පචිචිට සිමියොං මාම වගේ ලස්සනට කවි කියන්න බෑ. මට නම් මේ දේවල් වල තියෙන්නේ අමුතුම සතුටක්. හේන් කෙටිල්ල වගේම පැල් රැකිල්ලත් තාම අපේ ගෙමි ගොඩ දෙනෙක්ට උරුම කරුමය උනාට මොකද, පැලේ ඉඳන් කවි කිවිෙවි සිදියොං මාම විතරමයි. අප්පචිචි කවි කිවිෙවි සිමියොං මාමා එහා හේනේ පැල් රැක්ක දාට තමයි ඉතින්. ඒ කවි කියවිල්ල එහෙම්මම නතර වුණා සිමියොං මාමා තනියා ගහලා.

මලාට පස්සේ. ඒ හේන දැන් කරන්නේ එහා ගෙමි කළුබණ්ඩා මාමා. අප්පචිචි හිතාන ඉඳලා තියෙන්නේ ඉස්කෝල මහත්තයෙක් වෙන්නලූ. අපේ ලොකු අත්තා ඉස්කෝලේ ළමයින්ට අකුරු කෙරෙව්වා. ඒ උනත් අප්පච්චි පහේ පන්තිය පාස් වෙද්දි ලොකු අත්තා නයෙක් ගහලා මළා. ඉන් පස්සේ අප්පච්චිලායේ පවුලට හරියට කරදර ආවලූ. ඒක නොවුනා නම් අද අප්පච්චිට ? තිස්සේ පැල් රැක රැක එන සත්තු එක්ක ඔට්ටු නොවී ඉන්ඩ තිබුනා. ඉරණම කෝම වුනත් උරුම ජීිවිතේ නාහෙන් අඩන්නැතුව භාර ගන්න අප්පච්චි පුරුදු වෙලා හිටියා. දාහක් ප‍්‍රශ්න, කරදර අඩුපාඩු මැද්දේ වුනත් මැදිහත්ව හිටිය අපේ අප්පච්චිට තිබුනේ හරි අවංක හිනාවක්. හැබැයි කතා බහ කලේ හරිම අඩුවෙන්. මට හිතෙන්නේ අප්පච්චි කතා කරන්නේ හොඳට හිතලා මතලා. ඩිංගක් හරි වැඩිපුර කතා කරේ මාත් එක්ක පැලට ගියට දාට විතරයි.
එදා මහ අනෝරා වැස්සක් කඩා වැටුණා හදිසියේම. අමිමා කියනවා බක් මහේ වැහි කොහොමත් සැරයි කියලා. දොලේ වතුර ගලන සද්දෙත් එක්ක මහා ඝෝෂාවක්. මහ ? ජාමේ වැස්ස තුරල් වෙලා ගියා. පාඩම් කෙරුවාව අහවර කරලා පැදුරෙන් ටිකක් ඇල වුණා. අදත් අප්පච්චි හේනට ගොහිල්ලා. මට මතක් වෙන්නේ අප්පච්චිවමයි...කව්දෝ මහ සද්දෙට දොරට තඩි බානවා. මං ගැස්සිලා ඇහැරුණා.
’මැණිකේ නංගී.... මැණිකේ නංගී... මේ දොර ඇරහන් ව්ජහට”
අමිමා කුප්පි ලාම්පුවත් අරන් දොර අඩවන් කරලා බැලූවා.
’උඩහ මුණේ ලොකු අම්මා නේද? මේ මහ ?... අමිමා නිදි ගැට කඩ කඩා දොර පොල්ල අහක් කරන පරක්කුවට උඩහා මුණේ ලොකු අම්මා ගෙට පැන්නා”
’ආ බං වෑ කන්ද දිගේ අලි රංචුවක් ගං වැදිලා. ටිකිරි බංඩලෑ හේනත් ඉවරයි ගන්ඩ දෙයක් නෑ. අලි රංචුව එහෙන් පන්නද්දි සිමියොංලැ හේන දිහාවටලූ ගිහිං තියෙන්නේ ගුණපාල අද පැලේද? ”
’දෙයි හාමුදුරුවනේ....අම්මා ඉහාත බදාන හූල්ලනවා.. ”
මට එලොව මෙලොව නැති වුණා. සරමත් කැහැපොට ගහගත්තු මම එක පිම්මට ඉනිවැටෙන් පැනලා හේන දිහාවට දිව්වාීකොළුවෝ ඔහොම හිටහං” ඒ අමිමගේ කටහඬ...’ගමෙි උන් අලිවෙඩි දානව ඇති” මගේ අතේ හුළු අත්තක්වත් තිවුනේ නෑ. කට්ට කළුවරේම මම දිව්වේ හිතේ සෝදිසියට. වෑ කන්දෙදි පය ගලක හැපිලා මාව රූටව්වා ගස් පල්ලකට. එතන තිවුනා වලක්...ඒක සද්දන්ත අලියෙකුගේ අඩි සළකුණක්...තාම අලි කුයිල දැනෙනවා..ගෙමි මිනිස්සු එහේ මෙහේ දුවනවා මහා කළබලෙන්..
’ හනේ මයෙ අප්පච්චි...” මට හීල්ලූණා. තව යන්ඩ බෑ මගේ ඇඟට පන නෑ. මම පැළට නැංගේ හිතේ හයියට..අප්පච්චි පැලේ නෑ දෙයියනේ..මම බැහැලා පිස්සුවෙන් වගේ එළිය වැටෙනකමිම හේන පුරා දුවව්වා. අනේ මගේ අප්පච්චි...මට ඒ මූණ මැව් මැව් පේනවා. හැම තැනම බලලා, බැරිම තැන මම ගෙදර ආවේ මළමිනියක් වගේ හීතල වෙලා. ඒක කවදාවත් දැනිලා නැති හැඟීමක්. මං ගෙදර ආව විදිය මමවත් දන්නෙ නෑ. කªළු වලට බොඳ වෙලා ගිය ඇස් දෙකට, වැට කඩුල්ල පනිද්දිම අප්පච්චිගේ රූපේ බොඳ වෙලා පෙනුනේ යන්තමින්. ඒත් මගේ ඇඟ තාම ගැහෙනවා. මම හොඳ සිහියෙන් නෙවෙයි.
’ කොල්ලෝ උඔ කොහෙද හිටියේ? ආං අමිමා පන ගැහි ගැහි ඉන්නවා. මං උඔ හොයන්ඩ යන්ඩ කියලා..මෙදා පාරත් ඉවරයි පුතේ . කාළකන්න සේරම විනාස කරා... මට මුකුත් කර කියා ගන්ඩ බැරුව ගියා...උන් ආෙවි රංචු පිටින්. මං කන්ද පන්සල පැත්තෙන් ඇවිත් දොළ පාර දිගේ පැන ගත්තා. ”
අප්පච්චි කියෝගෙන යනවා. මං දුවලා ගිහිං අප්පච්චිව බදා ගත්තා. කවදාවත් නැති තරමට එදා මං අප්පච්චිව බදාගෙන ඇඩුවා. හේන යකාට ගියාවේ. අප්පච්චි ෙබිරලා දුන්නට මං හිතින් දෙයියන්ට දහස් වාරයක් පිං දුන්නා.                                                                                   
                                                                                                 ඒ. එමි. නිලක්ෂි චතුරිකා අබේකෝන්
                                                                                                 ජන සන්නිවෙිදන අධ්‍යන අංශය
                                                                                                 කැළණිය විශ්ව විද්‍යාලය


No comments:

Post a Comment

නුඹෙි සෙනෙහස