Friday, June 21, 2019

ප‍්‍රචාරණ දැන්වීමක ස්වභාවය



ප‍්‍රචාරණ දැන්වීමක  ස්වභාවය

ගනුදෙනුකරුවන් වෙත පණිවුඩය ගෙන යාමට මාධ්‍ය තෝරාගත් පසු ඒ ඒ මාධ්‍ය සඳහා වෙන වෙනම දැන්වීම් සකස් කළ යුතුයි. දැන්වීමේ පිටපත සහ එහි චිත‍්‍ර, ඡුායාරූප (පුවත්පත් දැන්වීමක්) ආදියෙන් සන්නිවේදනය කළ යුත්තේ කුමන අන්දමේ පණිවුඩයක්ද යන්න අනුවය. ඒ අනුව සකස් කරන්නේ ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ ආකල්ප හා ඔවුන්ගේ හැසිරීම් වලට චර්යාවන් වඩාත් ගැලපෙන අන්දමින් දැන්වීම් සකස් කිරීමෙන් ඉහළ ප‍්‍රතිචාරයක් ලබා ගැනීම පිණිසය.

සංකල්ප නිර්මාණය කර දැන්වීම් රචනය ප‍්‍රචාරණ නියෝජිත ආයතනවල ඒ විෂය සම්බන්ධ විශේෂඥයන් විසින් සිදු කෙරේ. නිර්මාණ අධ්‍යක්ෂවරුන් සහ පිටපත් රචකයින්ගේ සාමූහික වෑයමක් ලෙස මෙය සිදු කෙරේ. බොහෝ විට දැන්වීම් පිටපත සකස් කරන්නේ වෙළඳ සමාගම් වල අලෙවි කළමනාකරු හෝ ප‍්‍රචාරක කළමනාකරුගේ අභිමතයට ගැලපෙන පරිදිය. කළමනාකරු තමන්ට දැන්වීම් තුලින් පැවසීමට අවශ්‍ය දෙය කුමක්දැයි ප‍්‍රචාරණ නියෝජිත ආයතනයට පැහැදිලි කරයි.  එසේ සකස් කරන දැන්වීම් තම සමාගමේ අලෙවි කරන අරමුණු හා වඩාත් හොඳින් ගැලපේ නමි ඇතැමි විටෙක සුළු සුළු වෙනස්කම් කරන ලෙස නැවත අලෙවි කළමනාකරු ඉල්ලා සිටිය හැක. එවිට ප‍්‍රචාරණ නියෝජිතායතන වෙනස්කම් සිදු කර නැවත ඔහු වෙත ඉදිරිපත් කරයි. එය  අලෙවි කළමනාකරු විසින් අනුමත කළ පසුව දැන්වීම් නිර්මාණය කර ජනමාධ්‍ය වෙතට යවනු ලබයි.

 සමහර සමාගම් තම නිෂ්පාදන හෝ සේවා පිළිබඳ අලෙවි පර්යේෂණ වලින් ගැනුම්කරුවන්ගේ අදහස් ලබාගෙන ඔවුන්ට වඩාත් හොඳන් ගැළපෙන අයුරින් ප‍්‍රචාරණ උපක‍්‍රම වෙනස් කෙරේ. කෘෂි රසායනික සමාගමක් විසින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ගොවීන් කෘෂි රසායනික සඳහා වන දැන්වීම් වල දීර්ඝ පිටපත් කියවීමට එතරම් කැමැත්තක් නොදක්වන බවයි. ආකර්ෂණීය පින්තූර ඔවුන්ගේ සිත් ඇදගන්නා බවයි. කිරිපිටි වර්ගයක් සඳහා වූ රූපවාහිනී දැන්වීම් පිළිබඳව කරන ලද මත විමසීමකදී සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් පවසා සිටියේ එම දැන්වීම සකසා ඇති අන්දමින් එය ධනවත් සමාජයේ පරිභෝජනයට පමණක් සීමා වූ නිෂ්පාදනයක් බවට හැඟීමක් ඇතිවන බවයි. පිළිබඳව කරන ලද ග‍්‍රාමීය පාරිභෝගික සමීක්ෂණයකදී හෙලිවූයේ එය හොඳ නිෂ්පාදනයක් බව දැනගත්තත් පරම්පරා ගණනක් තිස්සේ පාවිච්චි කළ සබන් වර්ග අත් හැරීමට අකමැති බවයි.


අදටත් සමහර සමාගම් ප‍්‍රචාරණ දැන්වීම් සඳහා අලෙවි පර්යේෂණ සිදු නොකර තම නිර්මාණාත්මක හැකියාවන් පමණක් යොදා ගනී. එවිට ඒවායේ සාර්ථකත්වය සෑම විටම ඉහළ මට්ටමක නොපැවතීමට පුළුව.
 මිනිස් හැඟීම් දිනෙන් දින වෙනස් වන බැවින් දැන්වීම් වල ස්වභාවය ද ඒ අනුව වෙනස් කළ යුතුවේ .ඒ අනුව දැන්වීම මේ වර්ෂයේ දී සාර්ථක ප‍්‍රතිඵල අත්කර නොදීමට ඉඩ තිබේ. මේ නිසා කාලයෙන් කාලයට එකම නිෂ්පාදනයට වුවත් විවිධ දැන්වීම් වර්ග රූපවාහිනියේ නැරඹීමට අපට ඉඩ සැලසෙනු ඇත.

No comments:

Post a Comment

නුඹෙි සෙනෙහස