Friday, June 21, 2019

සාර්ථක දැන්වීමක ලක්ෂණ



සාර්ථක දැන්වීමක ලක්ෂණ

 දැන්වීමක අගය තක්සේරු කරන්නේ කෙසේද? සමහරවිට අලෙවි කළමනාකරු මෙය සිතින් විනිශ්චය කරයි. නැතහොත් අනිකුත් විධායක නිලධාරීන් සමඟ සාකච්ඡුා කර තීරණය කරයි. ඉන්පසු නියෝජිතායතන සකස් කළ දැන්වීම් අනුමත කිරීම සිදුවේ.

ඵලදායක දැන්වීමක අගය මැනීමට යොදා ගත හැකි අංග ලක්ෂණ රාශියක් පර්යේෂකයන් සොයාගෙන ඇත ගෙන ඇත. සාර්ථක දැන්වීමකින් මූලික වශයෙන් කෙරෙන්නේ  යම්කිසි පුද්ගලයකු යම් කාර්යයක් කිරීමට යම්කිසි පුද්ගලයෙකු යම් කාර්යයක් කිරීමට ප‍්‍රධාන වශයෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමට යොමු කරවීමයි.
මහාචාර්ය ආතර් වින්ටර් සහ මහාචාර්ය ස්ටැන්ලි ගුඩිමන් වැනි ප‍්‍රචාරණ විශේෂඥයෝ සාර්ථක දැන්වීමක පහත ලක්ෂණ අඩංගු විය යුතු බව පවසති.

1. ප‍්‍රධාන අදහස සැඟවී නොපැවතිය යුතුය. කියවන්නාට, අසන්නාට, බලන්නාට පහසුවෙන් එහි අදහස තේරුම් යන පරිදි දැන්වීම නිර්මාණය වී තිබීම අවශ්‍ය වේ.

2. එහි අලෙවි කරන අරමුණ කුමක්ද සිල්ලර හෝ සාමූහික ප‍්‍රචාරණයක් ද දැන්වීම් පළ කළේ ඇයි ප‍්‍රචාරකයා (අදාල ආයතනය* දැනුම් දෙන්නට අදහස් කළේ කුමක් ද යන ප‍්‍රශ්න වලට පිළිතුරු නො සැපයෙන්නේ නම් දැන්වීම ඵලදායක නොවේ.

3. අඛණ්ඩතාවථ සෑම දැන්වීමකටම එයට පෙර දී පළකළ දැන්වීම්වලින් යහපත් බලපෑමක් ලැබිය යුතු අතර පසුව පලකරන දැන්වීම් වලට ද එම බලපෑම හිමි කර දිය යුතුය.

4. අනන්‍යතාවථ එනම් ස්ථාවර ශෛලියක් පවත්වා ගැනීමයි. එනම් චිත‍්‍ර සැලසුම, පිටපතේ ස්වභාවය, සහ දැන්වීමේ අනිකුත් සෑම ලක්ෂණයක්ම එයට උරුම වූ සුවිශේෂී ස්වරූපයකින් යුක්ත විය යුතුය. සමහර දැන්වීම් එක වචනයක් හෝ නො කියවා දුටු පමණින් ම හඳුනාගත හැකිවේ.

උදා- සන්ලයිටි රූපවාහිනී දැන්වීම්, ශී‍්‍ර ලංකන් එයාලයින් පුවත්පත්             දැන්වීම 

5. දෘශ්‍ය රූප හා පෙල අතර සම්බන්ධතාවක් පැවැතීමථ පුවත්පත් දැන්වීමක නම් පින්තූර සමඟ පිටපත මනා සේ බද්ධ විය යුතුය. එය ගීතයක පදවැල් සහ සංගීතය සාර්ථකව එකට මුහු වීමට සමානය. රූපවාහිනී දැන්වීමක දෘශ්‍ය රූප මාලාව සමඟ ශබ්දය ගැලපිය යුතු අතර ගුවන් විදුලි දැන්වීමක වචනය සමඟ සංගීතය හෝ ශබ්දය ගැන යුතුවේ.

6. සරලත්වයථ දැන්වීමකට අනවශ්‍ය අංග එකතු කළහොත් එහි අරමුණ අවබෝධ කර ගැනීම අසීරු වෙයි. මේ නිසා පිටපත හැකි තරම් සරල විය යුතු අතර පහසුවෙන් අවබෝධ කර ගත හැකි විය යුතුය.

උදා- ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පළ කරන ලද අවුරුදු නැකත් දැන්වීම

සන්නිවේදන ක‍්‍රියාදාමය සාර්ථක වීමට නම් ප‍්‍රචාරණ වැඩසටහන් තුළ අයිඩා සංකල්පය ක‍්‍රියාවට නැංවිය යුතු බව බටහිර රටවල පිළිගත් මතයයි. අයිඩා යන වචනය තැනී ඇත්තේ අවධානය (attention) උනන්දුව (interrest) ආශාව (desire) සහ ක‍්‍රියාව (action) යන වචන වල මූල් අකුරු එකතු වීමෙනි අයිඩා සංකල්පයේදී,

1. අවධානය දිනා ගැනීම 
2. උනන්දුව රඳවා ගැනීම
3. ආශාව වැඩි කිරීම
4. ක‍්‍රියාත්මකවීම 

ආදී සංකල්ප තුළ සාර්ථක ප‍්‍රචාරණ සන්නිවේදනයක් සිදු කිරීමට හැකිවේ.



No comments:

Post a Comment

නුඹෙි සෙනෙහස