කිල්ල සහා තහංච්ය
ප‍්‍රාථමික මිනිසා තුළ අඳුරු වන ගහන, වතුර හඬා වැටෙන තැන්, ජලාශ, කඳුමුදුන් ආදිය කෙරෙහි වූයේ අනියත බියකි. මෙවැනි බියක් ඔවුන් තුළ ඇතිව තිබුණේ එවැනි තැන් භූතයන් අරක්ගත් ස්ථාන ලෙස විශ්වාස කළ නිසා ය. ස්වභාව ධර්මයේ ඇතැම් සිදුවීම් වල යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම තේරුම් ගත නොහැකි වූ නිසා ප‍්‍රාථමික මිනිසා තුළ මෙම අනියත බිය ඇති විය ගෞරවයකට පෙරළුන හැටි අවබෝධ කර ගත හැකිය. බිය උපදවන සමහර තැන් අමනුෂ්‍යයන් වචන තැන් හැටියට පිළිගැනෙනු අයුරුත් මානව විද්‍යාඥයන් විසින් විග‍්‍රහ කොට ඇත.
ස්භාවධර්මය විසින් නිර්මාණය කළ ඇතැම් සිද්ධි හා ස්ථාන ප‍්‍රාථමික මිනිසා කෙරෙහි ප‍්‍රථමයෙන් බියකුත් බිය හා සම්බන්ධ ගෞරවයකුත් ඇති වූ ආකාරය සඳහන් කළ හැකිය. ස්වභාවධර්මය පිළිබඳ වූ මෙම පිළිගැනීම් ගෝත‍්‍රික නායකයන් පිළිබඳ ඇති වූ බව පෙනේ. මානව විද්‍යාඥයන් පැහැදිලි කරන අන්දමට එවැනි තත්ත්වයක් ඇති වීමට තුඩු දුන් හේතුව වන්නේ මිනිස් සිත බිය දනවන තැන්වල වාසය කරන්නේ යැයි විශ්වාස කරන අමනුෂ්‍යයන් තුළට ගෝත‍්‍රයේ ප‍්‍රධානියාගේ හෝ ප‍්‍රධානීන්ගේ චරිත ලක්ෂණ අතිශයෝක්තියෙන් දක්වා ඒ අයුරින් භූතයන් තනා ගැනීමට වෑයම් කළ බැවිනි.
බිය හා ගෞරවය හිමිවන ස්වභාවික වස්තු හා ස්ථාන ප‍්‍රයෝජනයට ගත යුත්තේ ළඟා විය යුත්තේ ප‍්‍රවේශමිනි. මෙසේ ප‍්‍රවේශම් වීම පේ වීම නැතහොත් පිරිසිදු වීම යන ක‍්‍රියාවෙන් හැඟවෙයි. පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මෙවැනි ස්ථානයකට ලඟා වීම හෝ එවැනි භාණ්ඩයක් ප‍්‍රයෝජනයට ගතහොත් එයට හානි පැමිනිය හැකිය යන්න පිළිගත් විශ්වාසයකි.
තහංචිය මූලික වශයෙන් මානසික තත්වයක් වන අතර එවැනි තත්ත්වයකට තුඩුදෙන්නේ යථාර්ථවාදී ව හඳුනාගත නොහැකි තේරුම්ගත නොහැකි තත්වයන්ට හෝ අවස්ථාවන්ට මුහුණ දීමේ දී ඇති වන බිය පදනම් කොටගෙනය. තහංචියක් තුල දෙවියන් හා භූතයන් කෙරෙහි වූ බිය සම්ප‍්‍රයුක්ත ගෞරවයක් දක්නට ලැබෙනුයේ එබැවිනි.
දේවාලයකට ධාතු මන්දිරයේකට වත් පිළිවෙතකට සහභාගි වීම පිළිබඳව යම් යම් අවස්ථාවලදී ස්ත‍්‍රී පක්ෂය කෙරෙහි ඇතිවන සම්මතයේ ඇති තහංචි නිදර්ශන හැටියට හැකිය. ස්ත‍්‍රී පක්ෂයට වඩා පුරුෂ පක්ෂය කෙරෙහි තහංචි එතරම් බලපාන බවක් නොපෙනුනත් පුරුෂ පක්ෂය අතර ආගමික දිවිපෙවෙත අනුව ක‍්‍රමානුකූල උසස් පහත් බවක් දක්නට ලැබේ.නිදර්ශනයකින් එම කරුණු විමසන්නේ නම් සාමාන්‍ය ගිහියෙකුට වඩා සාමණේර හිමිනමක් හෝ දසසිල් ඇත්තෙක් උසස්ය.
බිය සම්ප‍්‍රයුක්ත ගෞරවය පදනම් කරගත් තහංචි මෙන්ම ලිංගික හැසිරීම් පිළිබඳව පැනවුණු තහංචිද සෑම සමාජයකම පාහේ දක්නට ලැබේ. එක පවුලේ සහෝදර සහෝදරියන් අතර විවාහය වූ ලිංගික හැසිරීම් සිදුවීම නීතියෙන් තහනම් නොකළ ද සම්මත වී ඇති පිළිගැනීම පදනම් කොටගත් තහංචියකි. සාමාන්‍ය වශයෙන් ඇති වූ සාමාජික සබඳතා හා සාමය තහවුරු කොට ගැනීමට උපකාරී වන අතර කඩකිරීමෙන් සාමාජික වශයෙන් අපකීර්තියට භාජනය විය හැකි ය.
මේ හැරුණු විට කෑම බීම ආදිය පිළිබඳව ඇති බිය සැලකිල්ලට ගත යුතුව ඇත. සමහර මස් වර්ග හා මාළු වර්ග අනුභව කිරීමෙන් පසුව ශුද්ධ ස්ථානයකට යෑමට හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව පැනවුණු තහංචි ද දක්නට ලැබේ. එවැනි තහංචියක් කැඞීම අමනුෂ්‍ය උපද්‍රව ඇතිවීමට හෝ වැඞීමට හේතුවක් යන්න ප‍්‍රචලිත පිලිගැනීමකි.
ගැහැනු ළමයෙකුගේ වැඩිවිය පැමිණීම, දරු උපතක් තරම්ම වැදගත් නොවූවත් ඒ හා සමාන වැදගත්කමක් මෙම අවස්ථාවේ සිත යොමු කරනු ලැබේ. සාමාජික වශයෙන් එම අවස්ථාවේ ඇති වැදගත්කම ඉස්මතු කරනු ලබන්නේ තහංචිවලින් ය. වැඩිවිය පැමිණීම පිළිබඳව විවිධ රටවල දක්නට ලැබෙන තහංචි වල විවිධ වෙනස්කම් මෙන්ම ලංකාවේ විවිධ පළාත් වල ද මෙම වෙනස්කම් දක්නට ලැබේ.
යම් යම් අවස්ථාවල දී සිංහල පුහුණු කරගෙන එනු ලබන වත් පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කිල්ල හා තහංචිය සාමාජික ජීවිතය කෙරෙහි බලපාන ආකාරය තේරුම් ගැනීමට හැකිය. පිළිවෙත් පවත්වනු ලබන ආකාරය හා අභිප‍්‍රායයන් පිළිබඳ සැලකීමේදී ඒවා මුලික වශයෙන් මෙලොව හා සම්බන්ධ වනවා මෙන්ම පරලොව හා සම්බන්ධ වන ඒවා වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. යක්ශ දෝෂ මෙලොව වශයෙන් කෙලින්ම සම්බන්ධ වන අතර කර්ම දෝෂ මෙලොව වශයෙන් හා පරලොව වශයෙන් සම්බන්ධ සම්බන්ධ වේ.
ර්කොටහළු ගෙවල් ඒ නීති ගැවසෙන්නේ
කිරි මලලේ පිලි ලොභය කරන්නේ
කළු කුමරුනි තොප නැත බිලි වන්නේ
බුද්ධ තොප නාසා ඉන්නේ ,
කළු කුමරුට කියන කවි
කිලි දෝෂයට කෙලින්ම භාජනය වූ තැනැත්තා පවුලේ වෙනත් අයගෙන් වෙන් කොට තැබීම ඉන්දියාවේ සමහර ගෝත‍්‍ර අතර අප‍්‍රිකාවේ සමහර ගෝත‍්‍ර අතර දක්නට ලැබේ. එසේ පවුලෙන් කොට තැබූ තැනැත්තා නැවත පවුලට එක් විය හැක්කේ කාල පරිච්ෙඡ්දයකට පසු පිරිසිදු ලබාගැනීමෙන් ඉක්බිති වයි.
පූජ්‍ය වස්තු හෝ ගුප්ත බලයක් ඇතැයි සිතන වස්තු පරිහරණය කිරීම පිළිබඳ පනවා ඇති තහනම මානව විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ taboo” යන නාමයෙනි. ඔවුන් මෙම වචනය සපයාගෙන ඇත්තේ ශාන්තිකර සාගරයේ පත්වල වෙසෙන ජනතාව අතර පවත්නා වචනයක් ආශ‍්‍රයෙනි. ර්taboo” යන වචනය වෙනුවට සිංහල අපට තහංචිය යන වචන යෙදී හැකිය. ර්taboo” සහා තහංචිය යන වචන දෙක අතර සමාන අසමානතා ද දක්නට ලැබුණත් සිංහලයන් අතර පවත්නා අදහස් උදහස් ආදිය සඳහා යෙදෙන තහංචිය කියන වචනය ර්taboo” යන්න වෙනුවට යෙදීම එතරම් වරදක් යැයි නොසිතේ.
පොදු ජන විශ්වාසයේ හැටියට කිසියම් කටයුත්තක් සාර්ථක කොට ගැනීමට තහංචිය පිළිපැදිය යුතුය. එසේ තහංචි නොපිළිපැදීම ව්‍යසනයක් ඇතිවීමට හේතුවකි. බොහෝ සමාජ වලට කාර්මික උපකරණ හා විද්‍යාත්මක උපදෙස් පැමිණීමට පෙර කෘෂිකාර්මික ජීවිතය පදනම් වී තිබුණේ බොහෝ දුරට කෘෂිකර්මය පිළිබඳ තහංචි පිළිපැදීම මතය. කිසියම් කාලයකදී අස්වැන්න බොල්වීම, ශස්‍ය, පාළුවීම තහංචි නොපිළිපැදීමෙන් සිදුවන්නක් හැටියට පිළිගනු ලබන අතර සිරිත් විරිත් හා කමත් බස පිළිබඳ අවධානය යොමුකිරීමෙන් වී ගොවිතැන හා සම්බන්ධ තහංචි පිළිබඳ අවබෝධයක් ලැබිය හැකිය.
මේ ආකාරයට සාම්ප‍්‍රදායික සමාජය තුළ කිල්ල සහ තහංචිය සමග ගොඩනැගුණු වත් පිළිවෙත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකල ඇති බව හඳුනාගත හැකිය.
References ජනශ‍්‍රැතිය, පුරාකතාව හා පුරාවෘත්තයථ (චන්ද්‍රසිරි පල්ලියගුරු 2005*
No comments:
Post a Comment