Monday, June 24, 2019
විරාගයේ නිරිමාණාත්මක භාවිතය
විරාගයේ නිර්මාණාත්මක භාවිතය
මාර්ටින් වික‍්‍රමසිංහගේ ”විරාගය” නව කතාව මනෝවිශ්ලේෂණාත්මක ඒක පුද්ගල ආත්ම වර්ණනාවක ස්වරූපයෙන් රචනා වූවකි. අරවින්ද ජයසේන නමි කතා නායකයාගේ ජීවිතය කේන්ද්‍ර කරගනිම්න් නිර්මිත වූ මහා මිනිස් සිත ප‍්‍රතිවිරුද්ධ පදාර්ථයන්ගේ සංයෝගයන් බවත් ආධ්‍යාත්මික තතු හා ලෞකික ආශාවන් ගැටීම නිසා පුද්ගලයා විරාගයෙකු බවට පත් වන ආකාරයෙන් අපූර්ව ලෙස ඉදිරිපත් කර තිබේ. වික‍්‍රමසිංහ විරාගය රචනා කිරීමේ දි පෙර පර දෙදිග සාහිත්‍ය විචාරවාද හා දර්ශනවාද වලින් පෝෂණය වූ ආකාරය නිරික්ෂණය කල හැකිය. ඇතැමි විද්වතුන් පවසන ආකාරයට වික‍්‍රමසිංහ විරාගය රචනා කිරිමේ දී පෙර පර දෙදිග චින්තන ගද්‍ය සාහිත්‍යෙයන් ආභාසය ලබා තිබේ. ඊට අමතරව ඔහු යුරෝපයේ ”ජින් පෝල් සාත්‍රෙ”, ”ඇල්බෙයා කැමූ” වැනි දාර්ශනිකයන් ඉදිරිපත් කල සංදෘෂ්ඨිකවාදි දර්ශනයේ ආභාසය ලබා තිබෙන බව විචාරකයෝ පවසති. වික‍්‍රමසිංහගේ විරාගය සහා රුසියන් සාහිත්‍යයට අයත් ඇතැමි නිර්මාණ කිරීමේ දී ඉහත සදහන් කරන ලද පෙරදිග චින්තන ගද්‍ය සම්ප‍්‍රදායේ ආභාසය සහා යුරෝපීය සංදෘෂ්ඨිකවාදයේ ආභාසයට අමතරව ”ඇන්ටන් චෙකෝෆ්”, ”පයෙන්දර් දොස්තයෙවිස්කි”, ”ලියෝ ටෝල්ස්ටෝයි” වැනි විශිෂිඨ රුසියානු ලේඛකයන්ගේ නිර්මාණ යේ ආභාසය ද ලබා තිබෙන බව නිරික්ෂණයට හසු විය. විරාගය නිර්මාණය කිරීමේ දී කතුවරයාට තිබූ මේ බහුශ‍්‍රැතභාවය නිසාම එය විශිෂ්ඨ කෘතියක් වශයෙන් සමිභාවනාවට පාත‍්‍ර වී ඇති බව දැක ගත හැකිය.
සිංහල බසින් එදා මෙදා ලිය වී ඇති ශේෂ්ඨතම යථාර්ථවාදි නව කතවෙ ලෙස බොහෝ විචාරකයින් වාගේ අවිවදයෙන්ම වාගේ පිළිගනු ලබන විරාගය (1956* වූ කලි ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලූ හා මමත්වය තුනී කරගත් අරවින්ද ජයසේන නමි අපූරු පුද්ගලයා වටා ගෙතුන චමත්කාරජනක වූත්, ශෝකිකූල වූත් වර්ණාවකි. වික‍්‍රමසිංහගේ පමණක් නොව සමස්ථ සිංහල සාහිත්‍ය වංශයෙහි ම අපට හමුවන ඉතාමත් ප‍්‍රබල හා සියුමි ලෙස පාඨක හද සසල කරන කථාව ”විරාගය” ලෙස පෙන්වා දීම අභියෝගයක් වේ යැයි සිතමි.
නව කතාව ඵල වී වසර ගණනාවක් යන තුරු එය පාඨකයාගේ අමන්දානන්දයටත් පහන් සංවේගයටත් නොමසුරු ඇගයීමටත් හේතු විය. උඩුගමි බලා ගිය අරවින්දගේ චරිතයත් , වෙසෙසින් ම අරවින්ද හා නව කතවේ ප‍්‍රධාන ස්ත‍්‍රී චරිත යුග්මය වන බතී හා සරෝජින් අතර සබදතාවයන්හි යථා ස්භාවයත් හරිහැටි අවබෝබ කර නොලත් ඇතැමි අංකුර නව කතාවේ දුර්වලකමි සොයමින් අවතක්සේරු කිරීමට යත්න දැරූ ප‍්‍රවනතාවක් ද හැට ගණන් වල පෙනෙන්ට තිබුණි. බොහෝ අවියත් විචාරකයින් අරවින්ද දුටුවේ පරාජිත චරිතයක් ලෙසය.
විරාගය නවකතාවේ දී එළඹිය හැකි නිගමනය වන්නේ විරාගයෙහි එන අරවින්ද මේ අපි අත්විදින සමාජයේ ජීවත් වූ චරිතයක හා චරිත කිහිපයක මානුෂීය ලක්ෂණ කැටිව නිර්මාණය වූ චරිතයක් බවය. විෂේශයෙන් ම බෞද්ධ චින්තනය අනුව සිය ජීවිතය දෙස බැලීමට උත්සහ කල එහෙත් ජීවිතයේ ප‍්‍රායෝගික අංශයෙන් මුළුමනින් ම බැහැර වූ චරිතයක් ලෙස අරවින්ද හැදින්විය හැකිය.
විරාගයේ අරවින්දගේ චරිත ස්භාවයත් සමග පසුගාමී චරිත මෙරට පේක්ෂක ජනතාව අත්විදින්නට ඇත. මේ අතර ”තුන් මං හන්දියේ” ”අබිලිංසිංඥෝ” එක් චරිතයක් වේ. මහගමසේකරගේම ප‍්‍රබුද්ධ නාට්‍ය සංග‍්‍රහයේ එන” ඇල්බෙයා කැමූගේ පිටස්තරයා” නව කතාව, ”හේමන් හෙසන්ගේ” ”සිද්ධාර්ථ” වැනි කෘතිවල මෙම චරිත ලක්ෂණ අඩු වැඩි වශයෙන් සොයා ගත හැකිය. ඇතැමුන් විරාගය සදහා පදනම ඇත්තේ ”චාල්ස් ඩිකන්ස්ගේ” ”ටෙල් ඔන් ටූ කිටිස්,” ”ගොන්වරොවිගේ ඩබිලමෝස්” හා ”පියදෝර් දොස්තයෙවිස්කිගේ” ”ඉඩියටි” වැනි කථා පදනමි කරගෙන ඇති බව සදහන් කොට ඇත.
එම සාහිත්‍ය කෘති ඇතැමි විචාරකයිත් විරාගය සමග ඈදා ගනිමෙන් ගම්‍ය වන එක් සත්‍යයක් ඇත. එනදි අරවින්ද විශ්වසනීයත්වයෙන් තොර අභව්‍ය චරිතයක් නොවන බවය. එවැනි චරිත ලක්ෂණ තිබෙන අය ලෝකයේ ඕනෑ තැනක සිටිය හැක.
නමුත් මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් අරවින්ද චරිතය වටා ගෙන එන්නේ මෙරට සමජ සංස්කෘතික පසුබිමෙහි සිටයි. මෙය මාර්ටින් වික‍්‍රමසිංහගේ මෙන්ම සිංහලයෙන් ලියා ඇති විශිෂ්ඨතම කෘතියකි.
මෙම අරවින්ද චරිතය දෙස බොහෝ අය බැලීමට හුරු වි සිටියේ අප විසින්ම සාදාගත් විවිධ රාමු සහා මානයන් තුල හිදය. පුද්ගයෙකු විවාහකව ජීවත් වූවොත් ඔහු ලෙඩෙක් නොඑසේ නම් උමිමත්කයෙකි. නොඑසේ නම් නපුංසක පුද්ගලයෙකු ලෙස සිතීමට පුරුදු වී ඇත.
එහෙත් කිසියමි දාර්ශනික පසුබිමක් මත විෂේශයෙන් ම බෞද්ධ චින්තනය විසින් හික්මවනු ලැබූ පුද්ලයන් සිටිය නොහැනකිද? අප ආදරය පිළිබදව හෝ විවාහය පිළිබදව නොඑසේ නමි අනෙකුත් සමාජීය තත්වයන් හමුවේ දක්වන ප‍්‍රතිචාර සියයට සියයක් ම නිවරදි ද? ආදරය විවාහයෙන් ම කෙලවර විය යුතු ද? එසේ සමාජ සමිමතයක් තිබේ ද? එසේ තිබෙනවා නමි ඒවා කොතෙකුත් දුරට තර්කානුකූලද? අප ජීවිතයත් ඉන් පරිබාහිර ලෝකයත් වින්ශ්චය කරනුයේ සාපේක්ෂ වශයෙනි.
මෙවැනි දාර්ශනික පදනමක් මත විවධ මතවාද තිබෙන සමාජයක තිස්ස අබේසේකරයත් විරාගය චිත‍්‍රපටයක් බවට පත් කරන්නේය. විරාගය ගැමි සංස්කෘතික බෞද්ධ දර්ශනය පදනම්ව රචනා වූ කෘතියකි. අතිශයින් ම සංකීර්ණ අරවින්දගේ චරිතය එක් අතකට පාඨකයාට වටහා ගැනීමට ද පහසු නොවේ. බහුතර ජනතාව අරවින්ද ගැන දැන හෝ නොදැන විරාගය නව කතව රසවින්ද අතර ඒ තුලින් ඔවුන් නැවුම් වූ අත්දැකීමක් ලබාගත්තේය.
විරාගය නමි නවකතාව පාඨකයාගේ රසවින්දනයට කිසිදු බාධාවක් නොවූ කෘතියකි. අරවින්ද සාමානය පොදු ජනතාවට අභව්‍ය චරිතයක් නොවන්නේ නමි විශ්වසනීයත්වයෙන් තොර චරිතයක් ලෙස නොපෙනේ. එයට හේතුව වන්නේ මෙරට පොදු ජන සමාජය තුල මුල් බැසගෙන තිබෙන්නේ බෞද්ධ චින්තනයන් තුලින් පෝෂණය වූ ජන විඥානයකි.
එම ජන විඥානයට අනුව විරාගය යනු හුදෙක් කියික විරාගයක් නොවන්නේය. බුදු දහමට අනුව රාගය යනු පුර්ෂයෙකුට ස්ත‍්‍රිය පිළිබදව ද ස්ත‍්‍රියකට පුරුෂයෙකු පිළිබදව ද ඇතිවන හැගීම පමණක් කොව එනමි, මේ භවයෙහි ලෞකික ජිවිතයෙහි ඇති බොහෝ දෑ පිළිබදව ඇති තෘෂ්ණාවයි. වරෙක මාර්ටින් වික‍්‍රමසිංහ අරවින්දව හදුන්වා ඇත්තේ හිස මුඩු නොගා නිවසේ මහණ දමි පුරනා ගිහියෙකු ලෙසයි.
මේ ආකාරයෙන් කෙලෙස් නැසීම පිළිබදව බෞද්ධ දර්ශනයේ විවිධ ව්ව්ධ ආකාරයෙන් විග‍්‍රහ කොට ඇත. මේ කමි සැපත පිළිබදව විග‍්‍රහ කරන එක් ආකාරයකි.
” පුසුසානි හෙව පචිනන්තං
ඛ්‍යාසත්තමනසං නරං
අත්න්තං යෙව කාමේසු
අත්තකෝ තුරුසේ වසං”
පස්කමි සැපතෙහි ඇළුමි ඇත්තා කාමයන්හි සෑහීමකට නොපැමිනේ.
මේ ව්‍යායාමය වනුයේ විරාගය රසවිදි සියල්ලන් ම අභිධර්මය දන්නා අය බව සනාථ කිරීම නොවේ. නමුත් මෙවන් අවස්ථාවකට උරුමකමි කියන ජන සමාජයක චින්තනය කෙබදු විය හැකිද?
කෙලෙස් නැසීම, පවි නැසීම, නිවන් සුව විදිම යන අදහස් මෙරට ජන ජීවිතයේ අතිශය සාමාන්‍ය අසා හුරු දේය. එවන් ජන සමාජයක ජනතාවට අරවින්ද සුවිශේෂි චරිතයක් විනා උන්මත්තකයෙක් හෝ නපුංසක්‍යෙක් නොවේ.
අරවින්ද චරිතය විරාගය නවකතාවේ දී හසුරුවා ඇති සංයත විලාසය ප‍්‍රකට වන මානව ගුණය ඔහු සාමාන්‍ය ජීවිතයේ ඇතැමි අවස්ථාවලදී දක්වන ප‍්‍රතිචාරයන් රසිනයන් අභිරුචියකින් වින්දනය කල අවස්ථාවන්ය. එය රසිකයාගේ තර්කානුකූල බුද්ධිය අවධි කරවන්නේය.
”අරවින්ද, බතී අතර ඇති මානුෂීය අරගලය, අරවින්ද, සරෝජිනි, සිරිදාස අතර තුන් කොන්ව සිදු වන මානව සමිභන්ධතාවය”
”අරවින්ද, මේනකා අතර සමිභන්ධතාවය”
මෙවැනි මානව සමිභන්ධතා වලදී අරවින්ද දන්වන ප‍්‍රතිචාරයන් සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ සෙයින් වෙනස් ය. එයට හේතුව වන්නේ අරවින්ද ලබා ඇති ශික්ෂණයයි.
විරාගය සමාජ ප‍්‍රවාහය ඉදිරිය උඩු ගං බලා පිහිනන නොඑසේ නමි මඩ ගොහොරුවෙන් අරවින්දයෙක් සේ ඉහළට එන අරවින්ද න්ර්මාණාත්මක දෘශ්ඨියකින් දැකිමය.
ඇතැමි විටෙක අරවින්දගේ චරිතය පේක්ෂයාගේ චින්තනයට අනුව තර්කානුකූල වී ඇත. කෙසේ වුවත් බොහෝ පාඨනයන්ගේ උසස් රසවින්දනයට විරාගය සමීප කිරීමට හැකි වී තිබීම රචකයාගේ ප‍්‍රතිභාවකි.
Saturday, June 22, 2019
Friday, June 21, 2019
සාර්ථක දැන්වීමක ලක්ෂණ
සාර්ථක දැන්වීමක ලක්ෂණ
දැන්වීමක අගය තක්සේරු කරන්නේ කෙසේද? සමහරවිට අලෙවි කළමනාකරු මෙය සිතින් විනිශ්චය කරයි. නැතහොත් අනිකුත් විධායක නිලධාරීන් සමඟ සාකච්ඡුා කර තීරණය කරයි. ඉන්පසු නියෝජිතායතන සකස් කළ දැන්වීම් අනුමත කිරීම සිදුවේ.
ඵලදායක දැන්වීමක අගය මැනීමට යොදා ගත හැකි අංග ලක්ෂණ රාශියක් පර්යේෂකයන් සොයාගෙන ඇත ගෙන ඇත. සාර්ථක දැන්වීමකින් මූලික වශයෙන් කෙරෙන්නේ යම්කිසි පුද්ගලයකු යම් කාර්යයක් කිරීමට යම්කිසි පුද්ගලයෙකු යම් කාර්යයක් කිරීමට ප‍්‍රධාන වශයෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමට යොමු කරවීමයි.
මහාචාර්ය ආතර් වින්ටර් සහ මහාචාර්ය ස්ටැන්ලි ගුඩිමන් වැනි ප‍්‍රචාරණ විශේෂඥයෝ සාර්ථක දැන්වීමක පහත ලක්ෂණ අඩංගු විය යුතු බව පවසති.
1. ප‍්‍රධාන අදහස සැඟවී නොපැවතිය යුතුය. කියවන්නාට, අසන්නාට, බලන්නාට පහසුවෙන් එහි අදහස තේරුම් යන පරිදි දැන්වීම නිර්මාණය වී තිබීම අවශ්‍ය වේ.
2. එහි අලෙවි කරන අරමුණ කුමක්ද සිල්ලර හෝ සාමූහික ප‍්‍රචාරණයක් ද දැන්වීම් පළ කළේ ඇයි ප‍්‍රචාරකයා (අදාල ආයතනය* දැනුම් දෙන්නට අදහස් කළේ කුමක් ද යන ප‍්‍රශ්න වලට පිළිතුරු නො සැපයෙන්නේ නම් දැන්වීම ඵලදායක නොවේ.
3. අඛණ්ඩතාවථ සෑම දැන්වීමකටම එයට පෙර දී පළකළ දැන්වීම්වලින් යහපත් බලපෑමක් ලැබිය යුතු අතර පසුව පලකරන දැන්වීම් වලට ද එම බලපෑම හිමි කර දිය යුතුය.
4. අනන්‍යතාවථ එනම් ස්ථාවර ශෛලියක් පවත්වා ගැනීමයි. එනම් චිත‍්‍ර සැලසුම, පිටපතේ ස්වභාවය, සහ දැන්වීමේ අනිකුත් සෑම ලක්ෂණයක්ම එයට උරුම වූ සුවිශේෂී ස්වරූපයකින් යුක්ත විය යුතුය. සමහර දැන්වීම් එක වචනයක් හෝ නො කියවා දුටු පමණින් ම හඳුනාගත හැකිවේ.
උදා- සන්ලයිටි රූපවාහිනී දැන්වීම්, ශී‍්‍ර ලංකන් එයාලයින් පුවත්පත් දැන්වීම
5. දෘශ්‍ය රූප හා පෙල අතර සම්බන්ධතාවක් පැවැතීමථ පුවත්පත් දැන්වීමක නම් පින්තූර සමඟ පිටපත මනා සේ බද්ධ විය යුතුය. එය ගීතයක පදවැල් සහ සංගීතය සාර්ථකව එකට මුහු වීමට සමානය. රූපවාහිනී දැන්වීමක දෘශ්‍ය රූප මාලාව සමඟ ශබ්දය ගැලපිය යුතු අතර ගුවන් විදුලි දැන්වීමක වචනය සමඟ සංගීතය හෝ ශබ්දය ගැන යුතුවේ.
6. සරලත්වයථ දැන්වීමකට අනවශ්‍ය අංග එකතු කළහොත් එහි අරමුණ අවබෝධ කර ගැනීම අසීරු වෙයි. මේ නිසා පිටපත හැකි තරම් සරල විය යුතු අතර පහසුවෙන් අවබෝධ කර ගත හැකි විය යුතුය.
උදා- ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පළ කරන ලද අවුරුදු නැකත් දැන්වීම
සන්නිවේදන ක‍්‍රියාදාමය සාර්ථක වීමට නම් ප‍්‍රචාරණ වැඩසටහන් තුළ අයිඩා සංකල්පය ක‍්‍රියාවට නැංවිය යුතු බව බටහිර රටවල පිළිගත් මතයයි. අයිඩා යන වචනය තැනී ඇත්තේ අවධානය (attention) උනන්දුව (interrest) ආශාව (desire) සහ ක‍්‍රියාව (action) යන වචන වල මූල් අකුරු එකතු වීමෙනි අයිඩා සංකල්පයේදී,
1. අවධානය දිනා ගැනීම
2. උනන්දුව රඳවා ගැනීම
3. ආශාව වැඩි කිරීම
4. ක‍්‍රියාත්මකවීම
ආදී සංකල්ප තුළ සාර්ථක ප‍්‍රචාරණ සන්නිවේදනයක් සිදු කිරීමට හැකිවේ.
ප‍්‍රචාරණ දැන්වීමක ස්වභාවය
ප‍්‍රචාරණ දැන්වීමක ස්වභාවය
ගනුදෙනුකරුවන් වෙත පණිවුඩය ගෙන යාමට මාධ්‍ය තෝරාගත් පසු ඒ ඒ මාධ්‍ය සඳහා වෙන වෙනම දැන්වීම් සකස් කළ යුතුයි. දැන්වීමේ පිටපත සහ එහි චිත‍්‍ර, ඡුායාරූප (පුවත්පත් දැන්වීමක්) ආදියෙන් සන්නිවේදනය කළ යුත්තේ කුමන අන්දමේ පණිවුඩයක්ද යන්න අනුවය. ඒ අනුව සකස් කරන්නේ ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ ආකල්ප හා ඔවුන්ගේ හැසිරීම් වලට චර්යාවන් වඩාත් ගැලපෙන අන්දමින් දැන්වීම් සකස් කිරීමෙන් ඉහළ ප‍්‍රතිචාරයක් ලබා ගැනීම පිණිසය.
සංකල්ප නිර්මාණය කර දැන්වීම් රචනය ප‍්‍රචාරණ නියෝජිත ආයතනවල ඒ විෂය සම්බන්ධ විශේෂඥයන් විසින් සිදු කෙරේ. නිර්මාණ අධ්‍යක්ෂවරුන් සහ පිටපත් රචකයින්ගේ සාමූහික වෑයමක් ලෙස මෙය සිදු කෙරේ. බොහෝ විට දැන්වීම් පිටපත සකස් කරන්නේ වෙළඳ සමාගම් වල අලෙවි කළමනාකරු හෝ ප‍්‍රචාරක කළමනාකරුගේ අභිමතයට ගැලපෙන පරිදිය. කළමනාකරු තමන්ට දැන්වීම් තුලින් පැවසීමට අවශ්‍ය දෙය කුමක්දැයි ප‍්‍රචාරණ නියෝජිත ආයතනයට පැහැදිලි කරයි. එසේ සකස් කරන දැන්වීම් තම සමාගමේ අලෙවි කරන අරමුණු හා වඩාත් හොඳින් ගැලපේ නමි ඇතැමි විටෙක සුළු සුළු වෙනස්කම් කරන ලෙස නැවත අලෙවි කළමනාකරු ඉල්ලා සිටිය හැක. එවිට ප‍්‍රචාරණ නියෝජිතායතන වෙනස්කම් සිදු කර නැවත ඔහු වෙත ඉදිරිපත් කරයි. එය අලෙවි කළමනාකරු විසින් අනුමත කළ පසුව දැන්වීම් නිර්මාණය කර ජනමාධ්‍ය වෙතට යවනු ලබයි.
සමහර සමාගම් තම නිෂ්පාදන හෝ සේවා පිළිබඳ අලෙවි පර්යේෂණ වලින් ගැනුම්කරුවන්ගේ අදහස් ලබාගෙන ඔවුන්ට වඩාත් හොඳන් ගැළපෙන අයුරින් ප‍්‍රචාරණ උපක‍්‍රම වෙනස් කෙරේ. කෘෂි රසායනික සමාගමක් විසින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ගොවීන් කෘෂි රසායනික සඳහා වන දැන්වීම් වල දීර්ඝ පිටපත් කියවීමට එතරම් කැමැත්තක් නොදක්වන බවයි. ආකර්ෂණීය පින්තූර ඔවුන්ගේ සිත් ඇදගන්නා බවයි. කිරිපිටි වර්ගයක් සඳහා වූ රූපවාහිනී දැන්වීම් පිළිබඳව කරන ලද මත විමසීමකදී සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් පවසා සිටියේ එම දැන්වීම සකසා ඇති අන්දමින් එය ධනවත් සමාජයේ පරිභෝජනයට පමණක් සීමා වූ නිෂ්පාදනයක් බවට හැඟීමක් ඇතිවන බවයි. පිළිබඳව කරන ලද ග‍්‍රාමීය පාරිභෝගික සමීක්ෂණයකදී හෙලිවූයේ එය හොඳ නිෂ්පාදනයක් බව දැනගත්තත් පරම්පරා ගණනක් තිස්සේ පාවිච්චි කළ සබන් වර්ග අත් හැරීමට අකමැති බවයි.
අදටත් සමහර සමාගම් ප‍්‍රචාරණ දැන්වීම් සඳහා අලෙවි පර්යේෂණ සිදු නොකර තම නිර්මාණාත්මක හැකියාවන් පමණක් යොදා ගනී. එවිට ඒවායේ සාර්ථකත්වය සෑම විටම ඉහළ මට්ටමක නොපැවතීමට පුළුව.
මිනිස් හැඟීම් දිනෙන් දින වෙනස් වන බැවින් දැන්වීම් වල ස්වභාවය ද ඒ අනුව වෙනස් කළ යුතුවේ .ඒ අනුව දැන්වීම මේ වර්ෂයේ දී සාර්ථක ප‍්‍රතිඵල අත්කර නොදීමට ඉඩ තිබේ. මේ නිසා කාලයෙන් කාලයට එකම නිෂ්පාදනයට වුවත් විවිධ දැන්වීම් වර්ග රූපවාහිනියේ නැරඹීමට අපට ඉඩ සැලසෙනු ඇත.
ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය හා බැඳුණු විශ්වාස අභිචාර හා සිරිත් විරිත්
ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය හා බැඳුණු විශ්වාස අභිචාර හා සිරිත් විරිත්
ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය පිළිබඳව අධ්‍යනය කරන විට ගොවීන් තමන් ජීවත් වූ සමාජ ආර්ථික පරිසරය තුළ සිය දැනුමට අනුකූලව වගා කටයුතු සංවිධානය කරගත් බව පෙනේ. ගොවියා තමා පාරම්පරිකව අනුදත් අත්දැකීම් මත වගා කටයුතු සිදු කරනු ලැබීය. වගාවේ සශ‍්‍රීක වීම, අස්වනු සරුසාර වීම ආදිය ඔවුන්ගේ මූලික ඉලක්කයන් විය. එහෙත් අදහා ගත නොහැකි අයුරින් නියඟ, ජල ගැලීම්, රෝග හා වසංගත වන සත්ත්ව උවදුරෙන් භව භෝග විනාශ වීම ඔවුන්ට දරාගත නොහැකි විය. එසේ තමන්ට දුක් කම්කටොලූ පැමිණෙන්නේ තමන්ට වඩා බලවත් විශ්වයේ ආධිපත්‍ය දැරූ ස්වභාවධර්මයේ සහ යක්ෂ, භූත, පේ‍්‍රත, පිසාච වැනි බලවේග තමන් හා සමාජය කෙරේ උදහස් වීමෙන් යැයි ඔවුන් විශ්වාස කළහ. (පීරිස් 1964 p.73) මැලිනොව්ස්කි විසින් සාමිප‍්‍රදායික මිනිසා තමා දන්නා විද්‍යාත්මක දැනුමෙන් ජයගත නොහැකි දේ ලෙස හැඳින්වූයේ මෙවැනි අධිස්වාභාවික බලවේගයන්ය. එවැනි බලවේග වලින් එල්ල වූ බලපෑම් වළක්වා ගැනීමට මිනිසා අභිචාර භාවිතා කළ බව ඔවුන්ගේ අදහස විය. මෙම බලවේග තම වගාකටයුතු සශ‍්‍රීකත්වය උදෙසා මෙහෙයවන්නට නම් මිනිසා නිරතුරුවම ඒවා තුටුපහටු කළ යුතු යැයි කල්පනා කළේය. භව බෝග වලට සිදුවන හානි වළක්වා සශ‍්‍රීකත්වය උදාකරගැනීමට ලාංකික ගොවියාද සාම්ප‍්‍රදායිකව විවිධ අභිචාර, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් ආදිය නිෂ්පාදන කටයුතු වල දී භාවිතා කල බව මූලාශ‍්‍ර පවතී. තවමත් ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ගොවීන් වගා කටයුතු වලදී මෙවැනි අභිචාර භාවිත කිරීමෙන් මේ බව තහවුරු කරගත හැකි වේ.
ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික ව්‍යුහය වී වගාව (paddy cultivation) හා හේන් වගාව (chena cultivation) යන ප‍්‍රධාන අංශ දෙකෙන් සංවිධානය වී තිබේ. මෙම වගා අංශ දෙක තුලම අභිචාර භාවිතයේ පවතී ගොවියාගේ ප‍්‍රධාන වගා අංශය වූ වී වගාවේදී පුළුල් ලෙස අභිචාර අනුගමනය කළ බවට සාක්ෂි පවතී. අභිචාර හා වත් පිළිවෙත් තුළින් ලාංකීය කර්මය හා සම්බන්ධ වූ නිෂ්පාදක අභිචාර පිළිබද පොදු විග‍්‍රහයක් මේ යටතේ හඳුනාගත හැකිය.
සිංහල කෘෂිකාර්මික අභිචාර පිළිබඳව සාකච්ඡුා කරන විට පොදුවේ ගැමියා සිය අභිචාරාත්මක වත්පිළිවෙත් සංවිධානය කරගැනීමට පදනම් කරගත් නිර්ණායක කිහිපයක් හඳුනා ගත හැකි වේ. එනම්,
1. සුභ වෙලාව
2. සුභ දවස්
3. සුභ අංක
4. සුභ සතුන් සිව්පාවුන්
5. සුභ ද්‍රව්‍ය කිරි කිරිබත් බුලත්
ලාංකික කෘෂිකාර්මික අභිචාර බොහොමයක් මෙම විශ්වාස හා භෞතික අංගෝපාංග පදනම් කරගෙන ඒ ඇසුරින් නිර්මාණය කරගෙන තිබෙන බව පෙනේ. සිංහල ජනතාවගේ අභිචාර සලකා බලන විට ඔවුන් සිය කෘෂිකාර්මික ක‍්‍රියාවලියේ දී පමණක් නොව සමාජ සංස්කෘතික ජීවිතයේ බොහෝ අවස්ථා වලදී අනුගමනය අභිචාර සඳහා පදනම් කරගත් දේව විශ්වාස පද්ධතියක් ද පවතින බව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ප‍්‍රභේද පහකින් එය දක්වයි.
1. ඉන්දීය සංස්කෘතියෙන් සෘජුවම සිංහල ජන ආගමට සම්බන්ධ වූ දෙවිවරු :බ‍්‍රහ්ම, ශක‍්‍ර, ගණපති, සරසවි, විෂ්ණු, කාලි*
2.ග‍්‍රහ දෙවියන් හිරු, සඳු සහ අනෙකුත් ග‍්‍රහයන්
3.සශ‍්‍රීකත්වය උදාකරන දෙවිවරු සහ දෙවඟනන්
4.ජාතික හා ප‍්‍රාදේශීය දෙවිවරු
5.දේවතාවෝ (රත්නපාල 1991p.48)
ගොවියෝ සිය කෘෂිකාර්මික කටයුතුවලදී මෙම දේව විශ්වාස ඔස්සේ තම වගාව හා සම්බන්ධ සියලූම දේ ආරක්ෂා කරගෙන සුභ සලසා ගැනීමට විචාරාත්මකව දෙවියන් වන්දනාමාන කළ බව පෙනේ. මෙවැනි අභිචාර වලදී මුලින් කී පාරිශුද්ධ වස්තූන්, දින අංක ආදිය බහුලව යොදා ගැනෙන බව ගොවියා සිය වගා කටයුතු වල විවිධ අදියරයන් අනුගමනය කළ චාරිත‍්‍රවාරිත‍්‍ර ඔස්සේ විමර්ශනය කළ හැකි ය.
ශ‍්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ මූලාරම්භක ප‍්‍රදේශය වැව් බැඳි රටේ නැතහොත් වියළි කලාපයේ නිසා සාම්ප‍්‍රදායික කෘෂිකර්මය වැදගත්ම හා ඓතිහාසික අංග ලක්ෂණ තේරුම් ගැනීමට වියළි කලාපයේ වැව් වාරිමාර්ග ශ‍්‍රිත කෘෂිකර්මය කෙරෙහි අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ. වියළි කලාපයේ ගොවියා ගොවිතැනේ දී භාවිත කළ අභිචාර සිරිත් විරිත් තුලින් ලාංකික කෘෂිකර්මයට කේන්ද්‍රීය වූ අංග ලක්ෂණ බොහොමයක් අවබෝධ කොට ගත හැකිය.
ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මය හුදෙක් වර්ෂාව හා එමගින් ලද ද උපයෝගී කරගනිමින් සිදුකරනු ලැබීය. විශේෂයෙන් වියළි කලාපයේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගත් ගොවියෝ වැස්ස දේවත්වයේ ලා සලකා ක‍්‍රියා කළහ. මේ නිසා ජලය හිඟ නියග කාලවලදී කෘෂිකර්මයට එල්ල වන බලපෑම අවම කරගෙන ලබාගැනීමට වර්ෂාව අරමුණු කරගත් අභිචාර සිරිත් අනුගමනය කර තිබේ. අනුරාධපුර පොලොන්නරුව මොණරාගල වැනි ප‍්‍රදේශවල මේ සම්බන්ධවයි වැහිපිරිත නම් අභිචාරයක් සිදුකරයි. මීට අමතරව හද්දා වැහි කවි නමින් කවි කීමේ චාරිත‍්‍රයක් ද පවතින බව පෙනේ. (පඤ්ඤාතිස්ස හිමි 1992 p.95) ඊට අමතරව වැස්ස අරඹයා මැදවච්චියේ ප‍්‍රදේශයේ හෙලූවැලි බලිය නම් චාරිත‍්‍රයක් ගැනද තොරතුරු පවතී. එම චාරිත‍්‍ර යෙදී දළ කුමරුගේ හා ගිරි දෙවියාගේ නිර්වස්ත‍්‍ර බලිරූප වැව් පිටියේ අඹා තිබේ. ඇඳුරෝ එහිදී ඇඹුම් කවි කියති. මහ ? බලිය දුර සිට එම රූප ඉදිරිපිට මුනින් නිදා ගනිති. දේව සභාවේ දෙවිවරු නිර්වස්ත‍්‍රව සිටින බවට පත්ව බැස්ස වස්සවා එම රූප සෝදා හරි යැයි එම ප‍්‍රදේශයේ ගැමියෝ විශ්වාස කරති. (පඤ්ඤාතිස්ස හිමි 1992 p.95).
අතීතයේදී වියළි කලාපීය ගැමියෝ තම වාසය සඳහා අලූතින් ගමක් පිහිටුවීමේදී වැවක් මුල්කරගෙන මුලින්ම ගමේ කුඹුරු යාය බෙදා වෙන් කර ගනී. එහිදී ගම් බැඳීම නම් චාරිත‍්‍රයක් ඔවුන් අනුගමනය කර ඇත. (පීරිස් 1964 p268). ඔවුහු විශේෂිත අභිචාරාත්මක විශ්වාස හා භාවිතයන් සමූහයක් ඒ සඳහා අනුගමනය කළහ. උතුරුමැද පළාතේ පුල්එලිය ගම අධ්‍යයනය කර ලියන ලද ඡුමකකෑකසහ් නම් කෘතියේ මෙම චාරිත‍්‍රය මෙසේ දක්වා තිබේ.
අලූතින් ගමක් ගොඩනගන්නට වුවමනා වූ විට වැසියෝ ප‍්‍රදේශයේ ඇති වැව් වලින් එකක් තෝරාගෙන එහි වෑ කණ්ඩිය මත නිදා ගනිති. එසේ නිදාගන්නේ තමන් තෝරාගත් වැව හා ඒ ආශ‍්‍රිතව ගොඩ නගන්නට අපේක්ෂා කරන ගමේ සුබ අසුබ පිළිබඳ සිහින පෙනේදැයි පරික්ෂා කිරීමටයි. එහිදී නිදාගත්තු කළ යෝධ දළ ඇතෙකු හෝ සුදු අශ්වයකු පිට යන මිනිසෙකු සිහිනෙන් දුටුවහොත් එය සුබ ලකුණක් ලෙස සැලකූහ. එසේ නොමැතිව සිහිනෙන් දුටුවහොත් එය අසුබ ලකුණක් ලෙස සලකා එම ස්ථානයේ ගම පිහිටුවීම වෙනස් කළහ. සිහිනය යහපත් නම් එහි ගම පිහිටුවීමට තීරණය කර කුඹුරු යාය සඳහා වෙන්කරගෙන මුලින්ම එහි වැඩකටයුතු ග‍්‍රහ දෙවියන් පිළිබඳ විශ්වාසය නැකතට අනුව අරඹනු ලබයි.
සාම්ප‍්‍රදායික ගොවියා ගේ සමස්ත කෘෂිකාර්මික ක‍්‍රියාකාරකම් පද්ධතිය විවිධ වැඩ කොටස් හා සම්බන්ධ අදියර ගණනාවකින් සංවිධානය වේ ඒවා මුලික අදියර දෙකකි.
1. කමතේ කෙරෙන කටයුතු
2. කුඹුරේ කෙරෙන කටයුතු
මෙම අදියර 2 තවදුරටත් පැහැදිලි කිරීමේදී බිම් සැකසීමේ සිට බීජ වැපිරීම තෙක් කටයුතු
1.වැපිරීමේ සිට අස්වනු නෙලන තෙක් වූ කටයුතු
2.අස්වනු නෙලීම අස්වනු නිවසට ගෙන යාම හා සම්බන්ධ කටයුතු
ලෙස අදියර තුනකින් පෙන්වා දීමට පුළුවන.
පොදුවේ සැලකුවහොත් වී ගොවිතැන අරභයා වූ සෑම කටයුත්තක්ම ඊට ආවේණික වූ ඇදහිලි ආදියෙන් යුක්ත විය. අප දන්නා පරිදි සෑම ගොවි කටයුත්තක් ආරම්භ කරනුයේ සුබ මුහුර්තියකිනි. නැකත යනු ක‍්‍රියාකාරී ආරම්භයක් කිරීමට සුභ මොහොතකි. සී සෑම, වී වැපිරීම, ගොයම් කැපීම, අස්වනු නෙළා ගෙන ඒම නැකතට කරන ගොවි කටයුතු අතර ප‍්‍රධාන වේ (අමරසේකර 1996 p.61)
සුභ දිනෙක සුබ නැකැතින් ගොවිතැන් කටයුතු ඇරඹූ ගොවියෝ සී-සෑම, වී වැපිරීම වැනි කටයුතු සිදු කළහ. එලෙසම සුබ දිනෙක සුබ නැකතට සිදු කළහ ගොවියා කුඹුරේ කටයුතු අරඹන සෑම විටෙකත් දවසේ වැඩ නිම කරන සෑම විටෙකත් ගොවි උපකරණ තබා එයට දෑත් එක්කොට වැඳීම කිසිසේත් අමතක නොකළේය. එමෙන්ම කිසිදු ගොවි උපකරණ එකට උඩින් පැනයාම නොකළේය. ගොවිකම, ගොවි උපකරණ, ජලය, වී, ධාන්‍ය ආදී ගොවිතැන හා සම්බන්ධ ගෞරවය හා පූජනීයත්වයෙන් සැලකීම එයට හේතුවයි. ආහාරයට අනුව බුද්ධ බෝග ලෙස හැඳින්වූ අතර වී මෙන්ම සහල්ද බුදුන්ට මෙන්ම දෙවියන්ට සම්බන්ධතා ඇති සුවිශේෂ ධාන්‍ය වර්ගයක් ලෙස සැලකේ. (කරුණාරත්න 1991 p18). කෘෂිකර්මය හා සම්බන්ධ ලාංකික ගැමියා තුළ පැවැති ලක්ෂණ වලට සමාන ලක්ෂණ ගැන ගැමි සමාජ පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කළ රොබට් රෙඞ්ෆීල්ඞ් විසින් තවදුරටත් තොරතුරු පෙන්වා දී තිබේ. ගැමියන් ඕනෑම කෘෂිකාර්මික කටයුත්තකට මුල පිරීමේදී ආගමික වතාවත්වල යෙදීම අනිවාර්ය අංගයක් ලෙස දක්වන ඔහු එයට හේතුව ඔවුන් තුළ භූමිය කෘෂිකර්මාන්තය පිළිබඳව පැවති ගෞරවණීය විශ්වාසය බවත් කිසිදිනෙක ගැමියන් තම බීජ වර්ග හෝ බෝග වර්ග තම පාදවලින් ස්පර්ශය කරන්නේ නැතැයි පෙන්වා දී තිබෙි.
මේ ආකාරයට සාම්ප‍්‍රදායික කෘෂිකර්මය හා බැඳුණු විශ්වාස අභිචාර හා සිරිත් විරිත් පිළිබඳව පෙන්වා දිය හැකිය
references (ආචාර්ය උබේසේකර දිසානායක:අභිචාර)
Friday, June 14, 2019
Thursday, June 13, 2019
කිල්ල සහා තහංච්ය
කිල්ල සහා තහංච්ය
ප‍්‍රාථමික මිනිසා තුළ අඳුරු වන ගහන, වතුර හඬා වැටෙන තැන්, ජලාශ, කඳුමුදුන් ආදිය කෙරෙහි වූයේ අනියත බියකි. මෙවැනි බියක් ඔවුන් තුළ ඇතිව තිබුණේ එවැනි තැන් භූතයන් අරක්ගත් ස්ථාන ලෙස විශ්වාස කළ නිසා ය. ස්වභාව ධර්මයේ ඇතැම් සිදුවීම් වල යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම තේරුම් ගත නොහැකි වූ නිසා ප‍්‍රාථමික මිනිසා තුළ මෙම අනියත බිය ඇති විය ගෞරවයකට පෙරළුන හැටි අවබෝධ කර ගත හැකිය. බිය උපදවන සමහර තැන් අමනුෂ්‍යයන් වචන තැන් හැටියට පිළිගැනෙනු අයුරුත් මානව විද්‍යාඥයන් විසින් විග‍්‍රහ කොට ඇත.
ස්භාවධර්මය විසින් නිර්මාණය කළ ඇතැම් සිද්ධි හා ස්ථාන ප‍්‍රාථමික මිනිසා කෙරෙහි ප‍්‍රථමයෙන් බියකුත් බිය හා සම්බන්ධ ගෞරවයකුත් ඇති වූ ආකාරය සඳහන් කළ හැකිය. ස්වභාවධර්මය පිළිබඳ වූ මෙම පිළිගැනීම් ගෝත‍්‍රික නායකයන් පිළිබඳ ඇති වූ බව පෙනේ. මානව විද්‍යාඥයන් පැහැදිලි කරන අන්දමට එවැනි තත්ත්වයක් ඇති වීමට තුඩු දුන් හේතුව වන්නේ මිනිස් සිත බිය දනවන තැන්වල වාසය කරන්නේ යැයි විශ්වාස කරන අමනුෂ්‍යයන් තුළට ගෝත‍්‍රයේ ප‍්‍රධානියාගේ හෝ ප‍්‍රධානීන්ගේ චරිත ලක්ෂණ අතිශයෝක්තියෙන් දක්වා ඒ අයුරින් භූතයන් තනා ගැනීමට වෑයම් කළ බැවිනි.
බිය හා ගෞරවය හිමිවන ස්වභාවික වස්තු හා ස්ථාන ප‍්‍රයෝජනයට ගත යුත්තේ ළඟා විය යුත්තේ ප‍්‍රවේශමිනි. මෙසේ ප‍්‍රවේශම් වීම පේ වීම නැතහොත් පිරිසිදු වීම යන ක‍්‍රියාවෙන් හැඟවෙයි. පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මෙවැනි ස්ථානයකට ලඟා වීම හෝ එවැනි භාණ්ඩයක් ප‍්‍රයෝජනයට ගතහොත් එයට හානි පැමිනිය හැකිය යන්න පිළිගත් විශ්වාසයකි.
තහංචිය මූලික වශයෙන් මානසික තත්වයක් වන අතර එවැනි තත්ත්වයකට තුඩුදෙන්නේ යථාර්ථවාදී ව හඳුනාගත නොහැකි තේරුම්ගත නොහැකි තත්වයන්ට හෝ අවස්ථාවන්ට මුහුණ දීමේ දී ඇති වන බිය පදනම් කොටගෙනය. තහංචියක් තුල දෙවියන් හා භූතයන් කෙරෙහි වූ බිය සම්ප‍්‍රයුක්ත ගෞරවයක් දක්නට ලැබෙනුයේ එබැවිනි.
දේවාලයකට ධාතු මන්දිරයේකට වත් පිළිවෙතකට සහභාගි වීම පිළිබඳව යම් යම් අවස්ථාවලදී ස්ත‍්‍රී පක්ෂය කෙරෙහි ඇතිවන සම්මතයේ ඇති තහංචි නිදර්ශන හැටියට හැකිය. ස්ත‍්‍රී පක්ෂයට වඩා පුරුෂ පක්ෂය කෙරෙහි තහංචි එතරම් බලපාන බවක් නොපෙනුනත් පුරුෂ පක්ෂය අතර ආගමික දිවිපෙවෙත අනුව ක‍්‍රමානුකූල උසස් පහත් බවක් දක්නට ලැබේ.නිදර්ශනයකින් එම කරුණු විමසන්නේ නම් සාමාන්‍ය ගිහියෙකුට වඩා සාමණේර හිමිනමක් හෝ දසසිල් ඇත්තෙක් උසස්ය.
බිය සම්ප‍්‍රයුක්ත ගෞරවය පදනම් කරගත් තහංචි මෙන්ම ලිංගික හැසිරීම් පිළිබඳව පැනවුණු තහංචිද සෑම සමාජයකම පාහේ දක්නට ලැබේ. එක පවුලේ සහෝදර සහෝදරියන් අතර විවාහය වූ ලිංගික හැසිරීම් සිදුවීම නීතියෙන් තහනම් නොකළ ද සම්මත වී ඇති පිළිගැනීම පදනම් කොටගත් තහංචියකි. සාමාන්‍ය වශයෙන් ඇති වූ සාමාජික සබඳතා හා සාමය තහවුරු කොට ගැනීමට උපකාරී වන අතර කඩකිරීමෙන් සාමාජික වශයෙන් අපකීර්තියට භාජනය විය හැකි ය.
මේ හැරුණු විට කෑම බීම ආදිය පිළිබඳව ඇති බිය සැලකිල්ලට ගත යුතුව ඇත. සමහර මස් වර්ග හා මාළු වර්ග අනුභව කිරීමෙන් පසුව ශුද්ධ ස්ථානයකට යෑමට හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව පැනවුණු තහංචි ද දක්නට ලැබේ. එවැනි තහංචියක් කැඞීම අමනුෂ්‍ය උපද්‍රව ඇතිවීමට හෝ වැඞීමට හේතුවක් යන්න ප‍්‍රචලිත පිලිගැනීමකි.
ගැහැනු ළමයෙකුගේ වැඩිවිය පැමිණීම, දරු උපතක් තරම්ම වැදගත් නොවූවත් ඒ හා සමාන වැදගත්කමක් මෙම අවස්ථාවේ සිත යොමු කරනු ලැබේ. සාමාජික වශයෙන් එම අවස්ථාවේ ඇති වැදගත්කම ඉස්මතු කරනු ලබන්නේ තහංචිවලින් ය. වැඩිවිය පැමිණීම පිළිබඳව විවිධ රටවල දක්නට ලැබෙන තහංචි වල විවිධ වෙනස්කම් මෙන්ම ලංකාවේ විවිධ පළාත් වල ද මෙම වෙනස්කම් දක්නට ලැබේ.
යම් යම් අවස්ථාවල දී සිංහල පුහුණු කරගෙන එනු ලබන වත් පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කිල්ල හා තහංචිය සාමාජික ජීවිතය කෙරෙහි බලපාන ආකාරය තේරුම් ගැනීමට හැකිය. පිළිවෙත් පවත්වනු ලබන ආකාරය හා අභිප‍්‍රායයන් පිළිබඳ සැලකීමේදී ඒවා මුලික වශයෙන් මෙලොව හා සම්බන්ධ වනවා මෙන්ම පරලොව හා සම්බන්ධ වන ඒවා වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. යක්ශ දෝෂ මෙලොව වශයෙන් කෙලින්ම සම්බන්ධ වන අතර කර්ම දෝෂ මෙලොව වශයෙන් හා පරලොව වශයෙන් සම්බන්ධ සම්බන්ධ වේ.
ර්කොටහළු ගෙවල් ඒ නීති ගැවසෙන්නේ
කිරි මලලේ පිලි ලොභය කරන්නේ
කළු කුමරුනි තොප නැත බිලි වන්නේ
බුද්ධ තොප නාසා ඉන්නේ ,
කළු කුමරුට කියන කවි
කිලි දෝෂයට කෙලින්ම භාජනය වූ තැනැත්තා පවුලේ වෙනත් අයගෙන් වෙන් කොට තැබීම ඉන්දියාවේ සමහර ගෝත‍්‍ර අතර අප‍්‍රිකාවේ සමහර ගෝත‍්‍ර අතර දක්නට ලැබේ. එසේ පවුලෙන් කොට තැබූ තැනැත්තා නැවත පවුලට එක් විය හැක්කේ කාල පරිච්ෙඡ්දයකට පසු පිරිසිදු ලබාගැනීමෙන් ඉක්බිති වයි.
පූජ්‍ය වස්තු හෝ ගුප්ත බලයක් ඇතැයි සිතන වස්තු පරිහරණය කිරීම පිළිබඳ පනවා ඇති තහනම මානව විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ taboo” යන නාමයෙනි. ඔවුන් මෙම වචනය සපයාගෙන ඇත්තේ ශාන්තිකර සාගරයේ පත්වල වෙසෙන ජනතාව අතර පවත්නා වචනයක් ආශ‍්‍රයෙනි. ර්taboo” යන වචනය වෙනුවට සිංහල අපට තහංචිය යන වචන යෙදී හැකිය. ර්taboo” සහා තහංචිය යන වචන දෙක අතර සමාන අසමානතා ද දක්නට ලැබුණත් සිංහලයන් අතර පවත්නා අදහස් උදහස් ආදිය සඳහා යෙදෙන තහංචිය කියන වචනය ර්taboo” යන්න වෙනුවට යෙදීම එතරම් වරදක් යැයි නොසිතේ.
පොදු ජන විශ්වාසයේ හැටියට කිසියම් කටයුත්තක් සාර්ථක කොට ගැනීමට තහංචිය පිළිපැදිය යුතුය. එසේ තහංචි නොපිළිපැදීම ව්‍යසනයක් ඇතිවීමට හේතුවකි. බොහෝ සමාජ වලට කාර්මික උපකරණ හා විද්‍යාත්මක උපදෙස් පැමිණීමට පෙර කෘෂිකාර්මික ජීවිතය පදනම් වී තිබුණේ බොහෝ දුරට කෘෂිකර්මය පිළිබඳ තහංචි පිළිපැදීම මතය. කිසියම් කාලයකදී අස්වැන්න බොල්වීම, ශස්‍ය, පාළුවීම තහංචි නොපිළිපැදීමෙන් සිදුවන්නක් හැටියට පිළිගනු ලබන අතර සිරිත් විරිත් හා කමත් බස පිළිබඳ අවධානය යොමුකිරීමෙන් වී ගොවිතැන හා සම්බන්ධ තහංචි පිළිබඳ අවබෝධයක් ලැබිය හැකිය.
මේ ආකාරයට සාම්ප‍්‍රදායික සමාජය තුළ කිල්ල සහ තහංචිය සමග ගොඩනැගුණු වත් පිළිවෙත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකල ඇති බව හඳුනාගත හැකිය.
References ජනශ‍්‍රැතිය, පුරාකතාව හා පුරාවෘත්තයථ (චන්ද්‍රසිරි පල්ලියගුරු 2005*
කෙම් ක‍්‍රම හා බැඳි සන්නිවේදනය
කෙම් ක‍්‍රම හා බැඳි සන්නිවේදනය
ආදිම යුගයේ සිට ජන සම්මතව පැවත එන කෙම් විධි වන ආරම්භය කොතැනකදැයි විනිශ්චය කිරීමට අසීරු වුව ද ලංකා ජනතාව අතර අදත් කෙම් භාවිතා භාවිතා වේ. කෙම් යන්න අභිචාරාත්මක ක‍්‍රියාවකි. ව්‍යවහාරාත්මක අර්ථයෙන් ක්ෂෙමය, ආරක්ෂාව, හා රෝග නිවාරණය සඳහා කරන ක‍්‍රියාව යනුවෙන් ගැනෙයි. ජන ජීවිතය හා සම්බන්ධ විවිධ ස්වරූපයෙන් බැඳි කෘත්‍යමය කාර්යභාරයක් උසුලන කෙම් ක‍්‍රමය පිළිවෙල යන්න සඳහා ද භාවිතා කෙරේ.
දීර්ඝ ඉතිහාසයක් ඇතැයි සැලකිය හැකි කෙම් භාවිත වී ඇත්තේ ගුප්ත විද්‍යාත්මක අර්ථයෙනි. ඖෂධ බලය හා මන්ත‍්‍ර බලය යොදා ව්‍යංගයෙන් කරන ක‍්‍රියාවක් වූ කෙම් ස්වභාවධර්මය හා ගැටුන බලවේගයකි. හෙළ වෙදකමේ දී ද කෙම් සඳහා හිමිවන්නේ වැදගත් ස්ථානයකි. රෝග නිවාරණය පිණිස සිංහලයන් භාවිතා කරන චිකිත්සන අභිචාරයක් ලෙස ප‍්‍රචලිත කෙම් වාචික සන්නිවේදනයකින් තොරව රහසිගතව කරන එක්තරා ගුප්ත පිළිවෙතකි.
මේ පිළිබඳව තුලනාත්මකව විමසා බැලීමේදී කෙම් යනු මිනිසාගේ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙන්ම කෘෂිකාර්මික කටයුතුවල දී පැන නගින විවිධ රෝගාබාධයන්ගෙන් හා බාධකවලින් අස්වැසිල්ලක් ලබා ගැනීම පිණිස ඖෂධ, යන්ත‍්‍ර මන්ත‍්‍ර, පිරිත්, ගාථා ආදිය උපයෝගී කරගනිමින් අනුගමනය කරන ඵලදායි ආරක්ෂක පිළිවෙතක් ලෙස ද හැඳින්විය හැකිය.
අනාදිමත් යුගයේ සිට ජනයා අතරින් ප‍්‍රභවය ලබා ජනයා ඇසුරේ වැඩුණු කෙම් ව්ධි වල ආරම්භය සෙවීම උගහට වුවත් වෘක්ෂලතාවන්ගේ පහස ලබමින් ජීවත් වූ යුගයක මිනිසා ලත් අත්දැකීම් තුළින් ගොඩනැඟුණු මහා පරිමාණයේ පරාසයක් විදහා දක්වන්නක් ලෙස කෙඳිති හැඳින්විය හැකිය.
හෙළ වෙදකමට අනුව ද කෙම් සඳහා හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මේ සඳහා හොඳම නිදසුන වන්නේ හෙළ වෙදකමේ අනන්‍යතාවය විදහා දක්වන සර්ප විෂ වෙදකම යි. වර්තමානයේ දී අප රටේ දේශීය විෂ වෛද්‍ය ශාස්ත‍්‍රය වශයෙන් භාවිත වන්නේ භාරත දේශයෙන් දායාද කොට ගත් අෂ්ඨාංග ආයුර්වේදයේ අගද තන්ත‍්‍ර නම් වූ අංගයයි. එහෙත් එය භාරතයෙන් ලැබී ඇති අගද තන්ත‍්‍රය ම නොව, මෙරටට ආවේණික වූ අප රටේම නිපදවන ලද යන්ත‍්‍ර මන්ත‍්‍ර. ඖෂධ හා කෙම් වලින් පෝෂණය වූවක් ලෙස සැලකිය හැකිය.
රෝග නිවාරණය සඳහා සිංහලයන් අතර භාවිතා වන චිකිත්සක අභිචාර විධියක් ලෙස ද කෙම් හඳුනාගත හැකිය. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, යෝගරත්නාකරය වැනි කෘතීන්හි කෙම් යන වචනය යෙදී ඇත්තේ රෝග නිවාරණය සඳහා කරන ක‍්‍රියාවන් හැටියටය. සිංහල ජන ව්‍යවහාරයේ දී පෙනෙන ආකාරයට කෙමක් කිරීම යනු රෝගියා සමග වාචික සන්නිවේදනය ඇති කොටගෙන කරනු ලබන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. එමෙන්ම කෙම් ක‍්‍රම යන වචනය සමග රහස් හෝ රහසිගත යන අදහස ද ගැබ්ව පවතින බව පෙනේ. කිසියම් රෝගයක වූ රෝගකාරක තත්වයන් සඳහා කෙමක් දන්නා තැනැත්තා වෙනත් කෙනෙකුට එම දැනීම වාචිකව සන්නිවේදනය කරනු නොලබයි. ඔහු තුළ ඇති දැනුම වෙනත් කෙනෙකුට දැන ගන්නට සලස්වන්නේ කෙම් ක‍්‍රමයේදී භාවිත කෙරෙන බෙහෙත හෝ එය පාවිච්චි කරන ආකාරය නිර්නාමිකව දැනගන්ට සැලැස්වීමෙනි.
දැනුම සම්පතක් සේ අගය කළ යුගවලදී තමා දැනගත් දේ සෙස්සවුන්ට නොදී ආරක්ෂා කිරීම තුළින් සාමාජික වැදගත්කමක් මෙන්ම වාසි සහගත තත්ත්වයන් ලැබීමේ පුරුද්ද සෑම සරල සමාජයකම දක්නට ලැබෙන සමාජ සංසිද්ධියකි. ගුරුමුෂ්ඨිය හැටියට පවුලේ රහස් දැනීමේ හැටියට පුරුදු පුහුණු කර ගෙන එන ලද්දේ ය (චන්ද්‍රසිරි පල්ලියගුරු,2005).
කිසියම් වෙදකමක් හෝ පිළියමක් කෙමක් වශයෙන් පිළිගැනීමට නම් ඒ පිළියමෙහි කිසියම් ගුප්ත ලක්ෂණයක් තිබිය යුතුය. එබඳු ගුප්ත ලක්ෂණයක් නොවේ නම් එම පිළියම හැඳින්විය යුත්තේ කෙමක් හැටියට නොව වෙදකමක් හැටියටය. ඇතැම් කෙම් ක‍්‍රම වෙද හෙදකම් වලට බෙහෙවින් සමානය. එහෙත් ඒවා වෙදකම් වශයෙන් නොව කෙම් වශයෙන් සලකනු ලබන්නේ ඒවායේ ගැබ්වන ගුප්ත ලක්ෂණ නිසාය.
මේ ආකාරයට විමසා බැලීමේදී අතීතයේ සිටම කෙම් විධි සමග නොසිදෙන සම්බන්ධතාවක් පැවති බව මනාව ප‍්‍රකට වන්නේය. හිරු සඳු ගෙන් ගත් ආශිර්වාදයත් සොබාදහමින් ලත් දායාදයනුත් සැලකිල්ලට ගෙන ජීවත් වූ සරල සමාජයේ මිනිසා සතුන්ට මෙන්ම ගහකොළවලට ද දැක්වූයේ දැඩි ලැදියාවකි. මිනිසාගේ ජීවිතය හා බැඳී වෘක්ෂලතා විනාශ කර දැමීම ඔවුන් හෙලා දැක්කේ ඒවාට සචේතනික ත්ත්වයක් ආරෝපණය කරමින් ය. ස්වභාවධර්මය විසින් මිනිසාට දුන් මහඟු දායාදයක් වූ වෘක්ෂලතා දේවත්වයෙන් සැලකීමද අරුමයක් නොවේ. ස්වභාවධර්මයාට මිනිසා දැක්වූයේ දැඩි සෙනෙහස නිසාම වර්තමානයේ මෙන් එදා එය මිනිසාට උරණ නොවීය. නිසි කලට අව්, වැසි ලබා දෙමින් සෞභාග්‍ය ළඟා කළේ කෘතගුණ සැලකීමක් ලෙසටය.
මේ අයුරින් සොබා දහමේ පහස ලබමින් කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවන වෘත්තිය කොට ජීවත් වූ මිනිසා තමන්ගේ බව බෝග ද ගව ආදී සතුන් ද රෝග පීඩාදියෙන් ආකුල වූ විට දැඩි චිත්ත සන්තාපයට පත් විය. එහිදී ඔහුට හෙළ වෙදකමත් හෙළ වෛද්‍යවරයාත් මහත් අස්වැසිල්ලක් විය. හෙළ වෛද්‍යවරයා ද ගොවියගෙ බෝග සහ ගව සම්පතත් රැුකීමෙහි ලා ඖෂධ, යන්ත‍්‍ර මන්ත‍්‍ර ඇතුළත් කෙම් විධි ඉවහල් කර ගන්නට ඇත. මෙලෙස අනාදිමත් යුගයේ සිට මිනිසාගේ භවභෝග සම්පත් රැුක ගැනීමෙහිලා කෙම් විධි භාවිතා කළ බවට සාධක සත්ව චිකිත්සක ග‍්‍රන්ථවලින් ද සාහිත්‍ය ග‍්‍රන්ථවලින්ද තොරතුරු හෙළි වේ.
ශ‍්‍රී ලංකාවේ ජනශ‍්‍රැති අධ්‍යයනයේකදී සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු ක්ෂේත‍්‍රයක් ලෙස අපටම ආවේණික වූ කෙම් පහන් ක‍්‍රම හැඳින්විය හැකිය. ආරක්ෂාව අරමුණු කොටගත් ක‍්‍රියාවලියක් ලෙසින් ද සැලකිය හැකි කෙම් පහන් ක‍්‍රම ක‍්‍රියාත්මක නොවන ජීවිතයේ කිසිදු අංශයක් ඇතැයි සිතිය නොහැකිය. උපතේ සිට විපත දක්වා පුද්ගලයන්ගේ ජීවිත චර්යාවන් මෙන්ම ලෙඩ දුක්, වෘත්තීන් ආදී කොට ගත් සෑම අංශයක්ම ආවරණය කරන කෙම් පහන් අප‍්‍රමාණ සංඛ්‍යාවක් ඇත. ඒවා ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වන අතර එකම අංශයට අදාළව බහුවිධ කෙම් පහන් ක‍්‍රම දැකිය හැකිය. බොහෝ විට මේවා පිළියම් ක‍්‍රම, පිළිවෙත් විය. අරමුණු ඉටුකර ගැනීමේ ඒකායන මග ද විය.
Subscribe to:
Posts (Atom)
-
ජනශ‍්‍රැතිය, කලාව හා ජනප්‍රිය සංස්කෘතිය නූතන සමාජ විඥානය තුළ දෝලනය වන්නේ පුහු වීරත්වය, අධිමානසිකත්වය ආරෝපණ තත්වයකි. එය වත්මන් සමාජයට...
-
ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය හා බැඳුණු විශ්වාස අභිචාර හා සිරිත් විරිත් ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය පිළිබඳව අධ්...
-
විරාගයේ නිර්මාණාත්මක භාවිතය මාර්ටින් වික‍්‍රමසිංහගේ ”විරාගය” නව කතාව මනෝවිශ්ලේෂණාත්මක ඒක පුද්ගල ආත්ම ...