Wednesday, April 24, 2019

රියැලිටි ටීවී වැඩසටහන්



රියැලිටි ටීවී වැඩසටහන්

රියැලිටි වැඩසටහනක් යනු ද රූපවාහිනියේ ප‍්‍රදර්ශනය කෙරෙන තවත් වැඩසටහන් ශානරයක් හෙවත් වර්ගීකරණයකි. මෙහිදී පිටපතකින් තොරව නාට්‍ය අනුරූපී සහ ගවේෂණාත්මක අවස්ථා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. පිටපතකින් තොරව සහ සැලසුම් කිරීමකින් තොරව මෙවැනි අවස්ථා ඉදිරිපත් කෙරෙන්නේ ද යන්න පිළිබඳ දැන් විචාරකයෝ ප‍්‍රශ්න කරති. ඒ අවස්ථා පූර්වයෙන් සැලසුම් නොකරන ලද ආකාරයෙන් ඉදිරිපත් කිරීමට රියැලිටි වැඩසටහන් වල නිෂ්පාදකයෝ වගබලා ගනිති.


මෙහි තවත් ලක්ෂණයක් නම් වෘත්තීය නළු නිළියන් වෙනුවට සාමාන්‍ය පුද්ගලයන් යොදාගැනීමයි. බොහෝ විට අවසානයේ ත්‍යාග පිරිනැමෙන වැඩසටහනක් ලෙසින් මෙය ඉදිරිපත් කෙරේ. රියැලිටි ටී.වී වැඩසටහන් වල අතීතය 1948 වසර දක්වා අතීතයට විහිද යයි. ඇලන් ෆන්ට් විසින් නිර්මාණය කරන ලද කැන්ඩිඩි කැමරා නම් වැඩසටහනයි. ඔහු විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දේ තමන් මීට පෙර ඉදිරිපත් කරන ලද කැන්ඩිඩි මයික්‍රොෆෝන් නමි වැඩසටහන පාදක කරගනිමිනි.

එහෙත් මෙම වැඩසටහන් විශේෂයෙන් මහත් ජනප‍්‍රියත්වයක් ලබන්නේත්   2000 වසර ආසන්නයේ දී පමණය. විශේෂයෙන්ම බිග් බ‍්‍රදර්, සයිවර් වැනි වැඩසටහන් වල දී ලැබූ සාර්ථකත්වය ඊට බලපෑවේය. බිග් බ‍්‍රදර් රියැලිටි වැඩසටහන ආරම්භ වන්නේ නෙදර්ලන්තයෙන් වන අතර මේ වන විට ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වැඩසටහන විවිධ වෙනස්කම් සහිතව හෝ රහිතව හෝ ව්‍යාප්තවී තිබේ. නෙදර්ලන්තයේ වෙරොනිකා නාලිකාවේ 1999 වසරේදී මුලින්ම එම වැඩසටහන ප‍්‍රචාරය කෙරිණි.

බිග් බ‍්‍රදර් රූපවාහිනී වැඩසටහන් දී සිදු කෙරෙන්නේ එම රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වන මිනිසුන් කණ්ඩායමක් එක් විශාල නිවසක එකට වාසය කිරීම සඳහා ඉඩ සැලසීමයි. මෙම විශාල නිවසේ රඳවනු ලබන පිරිස පිටස්තර ලෝකයෙන් වෙන් කෙරෙති. බොහෝ විට පුද්ගලයන් දොළහත් දාසයත් අතර පිරිසක් තරගය සඳහා සම්බන්ධ කර ගැනෙති. වැඩසටහන සාමාන්‍යයෙන් මාස තුනක පමණ කාලයක් විකාශය වේ. නිවසේ රැුඳී සිටින පුද්ගලයෝ නිරන්තරයෙන් කැමරා මගින් නිරීක්ෂණය කෙරේ. අවසානයේදී මුදල් ත්‍යාග ජයග‍්‍රහණය කිරීමට නම් කල යුත්තේ විවිධ කාල වලදී පිටස්තර ලෝකයට යාමට ලැබුණු අවස්ථා වලින් මගහැර අවසන් පුද්ගලයා දක්වා රැුඳී සිටීමයි. තරගයේ නිති රීති සහ සැලැස්ම රටින් රටට වෙනස් වන ලෙස සකස් කරගෙන ඇත.

රියැලිටි වැඩසටහන් මගින් ගේමි ෂෝ, ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වැනි රූපවාහිණී වැඩසටහන් ආකෘති ගණනාවක් ආවරණය කෙරේ.
රියැලිටි වැඩසටහන් අතරින් වඩාත් ජනප‍්‍රසාදය දිනාගත් වැඩසටහනක් නම් ඇමරිකන් අයිඩල් වැඩසටහන හැඳින් විය හැකිය. ඇමරිකන් අයිඩල් වැඩසටහනින් සිදු කෙරෙන්නේ නවක ගායන ශිල්පීන් හා ශිල්පිනියන් අතරින් සුපිරි තරු (සුපර් ස්ටාර්* තෝරා ගැනීමයි. ඇමරිකන් අයිඩල් පළමු වැඩසටහන සඳහා යොදාගත් තේමාව වූයේ සුපිරි තරුව සෙවීම සඳහා ගවේෂණය යන්නයි. 2002 වසරේ ජුනි මස එකොළොස් වැනි දින ෆොක්ස් රූපවාහිනිය විසින් ඇමරිකන් අයිඩල් වැඩසටහන ආරම්භ කෙරිණි. 2011 වසරේ දී නීල්සන් ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකදී හෙළි වූයේ 2011 වසරේ දී වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී වැඩසටහන වූයේ එය බවයි. එහිදී ජයග‍්‍රාහකයා තෝරා ගැනීමට ජංගම දුරකථන මඟින් ලැබෙන කෙටි පණිවුඩ, අන්තර්ජාලය දුරකතන ඔස්සේ කෙරෙන ඡුන්ද විමසීම් වලින් සිදු කෙරේ. එසේම මෙම වැඩසටහනට ඉදිරිපත් වන තරගකරුවෝ විනිශ්චය මණ්ඩලයක අදහස් උදහස් ලබති.

කෙසේ වෙතත් මෙම ඇමරිකන් අයිඩල් වැඩසටහනට අවශ්‍ය සංකල්පයේ ලබා ගන්නේ බි‍්‍රතාන්‍ය ප‍්‍රචාරය කෙරුණු පොප් අයිඩල් වැඩසටහනෙනි. මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රචාරය වූ පොප් අයිඩල් වැඩසටහන සඳහා  ආභාෂය ලබා ගන්නේ  ඕස්ටෙිලියාවේ ප‍්‍රචාරය වූ පොප් ස්ටාර් වැඩසටහනෙනි. පොප් ස්ටාර් වැඩසටහනේ නොතිබූ දුරකථන ඔස්සේ ඡුන්ද විමසීමේ ක‍්‍රම වැනි දෑ පොප් අයිඩල්  වැඩසටහන තුලින් හඳුන්වා දුණි. එහෙත් දුරකථන ඡුන්ද විමසීම් වැනි ක‍්‍රම ශිල්ප යුරෝවිෂන් සංගීත තරගයට ඊට පෙර යොදාගෙන තිබිණ. ඒ අනුව පොප් අයිඩල්  වැඩසටහන නිර්මාණය වන්නේ විවිධ වැඩසටහන් අංග ගණනාවක් එක්කර ගනිමිනි.
රියැලිටි වැඩසටහන් වල ලක්ෂණයක් නම් වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීම හා දැන්වීම් වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා වැඩසටහන් සංවේදීකරණයට ලක් කිරීමයි. මේ වැඩසටහන්වලට සහභාගීවන තරගකරුවන් හඬා වැටෙන අවස්ථා, සතුටින් ඉපිලෙන අවස්ථා, උපහාසයට ලක්වන අවස්ථා ආදී බොහෝ විට දැක ගන්නට ලැබේ.

රියැලිටි වැඩසටහන් ද වාණිජ කර්මාන්තයක් ලෙස ජනප‍්‍රිය වීමට තුඩු දුන්නේ නිෂ්පාදන පිරිවැය අඩු වීමයි. තමන්ට අවශ්‍ය පරිදි වැඩසටහන සැලසුම් කර ගැනීම කර ගැනීමට වැඩි ඉඩක් තිබීම, ප‍්‍රකට නළු නිළියන් අඩු වශයෙන් යොදා ගැනීම වැනි හේතුවෙන් මෙවැනි රියැලිටි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මාධ්‍ය ආයතන වැඩි වශයෙන් පෙළඹෙයි.

රියැලිටි වැඩසටහන්  නැරඹීමට පේ‍්‍රක්ෂකයන් යොමු වන්නේ කුමන කරුණක් හේතුවෙන් ද යන්න සොයා බැලීම වැදගත් වෙි. මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන්ගේ අදහස වන්නේ පේ‍්‍රක්ෂකයන් රියැලිටි වැඩසටහන් වෙත යොමු වීමට ප‍්‍රධානම හේතුව ඔවුන් තුළ ඇති ආත්ම මමංකාරය බවයි. වැඩි වශයෙන් රියැලිටි වැඩසටහන් නැරඹීමට යොමුවන පුද්ගලයින් තමන්ගේ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන පිරිසක් බව මේ ගැන පර්යේෂණ කළ ඇමරිකා එක්සත් ජනපදයේ හාලෝ විශ්වවිද්‍යාලයේ ස්ටීවන් රීස් සහ ජේම්ස් විල්ටිස් ප‍්‍රකාශ කරති. ඔවුන්ගේ පර්යේෂණය අනුව හෙළි වූයේ තමන් වැනිම සාමාන්‍ය මිනිසුන් වැඩසටහනෙන් නැරඹීමට අවස්ථාව ලැබීමෙන් තමන්ට ද එවැනිම සුපිරි තරුවක් වීමේ අවකාශය ලැබීමේ ඉඩක් ඇති බවට පේ‍්‍රක්ෂකයන් හැඟීමක් ඇතිවන බවයි. මෙම වැඩසටහන් වලට ඔවුන් යොමු වීමට මෙම ප‍්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

බිග් බ‍්‍රදර් වැනි රියැලිටි වැඩසටහන් පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වූයේ එකම නිවසක් තුළ පුද්ගලයන් කණ්ඩායමක් රැුඳී සිටීමෙන් පසු ඇතිවන ගැටුම වැඩිම ජනප‍්‍රිය තාවය ලබාගෙන ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කෙරෙන පර්යේෂණයක දී ඊට සහභාගි වූ පුද්ගලයන් ප‍්‍රකාශ කොට ඇත්තේ තමන් රියැලිටි වැඩසටහන් නැරඹීමට හේතුව නම් ඊට නළු නිළියන් සහභාගී නොවී සාමාන්‍ය ජීවිතයේ දී හමුවන මිනිසුන් සහභාගි වීම බවයි. එසේම නිශ්චිත පිටපතක් හඳුනා ගැනීමට නොහැකි වීම, අනපේක්ෂිත සිදුවීම් වලින් ගහණ වීම, මෙන්ම ඊට සහභාගී වී සිටින පුද්ගලයන් සෑම මොහොතකදීම විනිශ්චයට භාජනය වීම ආදී කරුණු ඔවුන් ආකර්ෂණය කර ගැනීමට හේතුවී තිබේ. එසේමඅන්තර් පුද්ගල සබඳතා ක‍්‍රියාත්මක වන ආකාරය, වෙනත් පුද්ගලයන්ගේ ජීවිතවලට සිදුවන දෑ දැනගැනීමට ඇති කුතුහලය ආදිය ද රියැලිටි වැඩසටහන් ජනප‍්‍රිය වීමට තුඩු දී තිබේ.

රියැලිටි වැඩසටහන් වර්තමාන මිනිසුන් වැළඳ ගැනීමට තවත් ඉතා වැදගත් හේතුවක් නම් පවතින සමාජ, ආර්ථික හා දේශපාලන යථාර්ථයන් මානසික වශයෙන් පැන ගොස් තාවකාලික සරල වින්දනයක් ලැබීමට ඉඩ ලැබීමයි. තමන්ද රියැලිටි වැඩසටහන කොටස්කරුවන් බවට මානසික වශයෙන් ඔවුහු පත්වෙති.

ඊළඟට ඉවත්වන තරගකරුවා කවරෙකු ද යන්න පිළිබඳ අනුමාන කිරීම හා ඒ සම්බන්ධයෙන් සිය සමීපතමයන් සමගින් ඔට්ටු තැබීමට පේ‍්‍රක්ෂකයෝ යොමු වී සිටිති. ඒ අනුව වැඩසටහන සමග පේ‍්‍රක්ෂකයාද කිසියම් සම්බන්ධයක් ඇතිකර ගනී. ඊට අමතරව සුපිරි ගායන තරු තරුව තේරීම සඳහා ඉදිරිපත් කෙරෙන ඇමරිකන් අයිඩල් වැනි වැඩසටහන් වලට කෙටි පණිවුඩ හෝ දුරකථන ඔස්සේ සහභාගීවීමට අවස්ථාව පේ‍්‍රක්ෂකයන්ට ලැබේ. එයද රියැලිටි වැඩසටහන් ප‍්‍රචලිත කිරීමට හේතු භූත වී තිබෙි.

ඇතැම්විට රහසේ අටවා ඇති කැමරා මගින් මෙවැනි දර්ශන පටිගත කරති. නව තාක්ෂණයන් සමගින් සමාජය පෙර නොවූ ආකාරයකින් විවෘත වී ඇති බව පෙනී යයි. සමාජය විවෘත වීම නව වින්දනාත්මක ප‍්‍රවේශයක් කර ගැනීම ජනප‍්‍රිය සංස්කෘතිය ඒජන්තයන් පිරිසක් වන රියැලිටි වැඩසටහන් නිෂ්පාදකයෝ සිදු කරති. මේ තුළින් කිසිවක් පූජනීය නොවේ යන සංකල්පයට පාර කැපී තිෙ. කලින් සැලසුම් නොකළ තත්ත්වයක් යටතේ මිනිසුන් හැසිරෙන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කිරීම දර්ශාස්වාදය නම් වේ. සිනමාව, ටෙලි නාට්‍ය ආදී වූ නිර්මාණවල දක්නට ලැබෙන්නේ බොහෝ විට තිර රචනය අනුව කෙරෙන රංගනයකි. එහෙත් රියැලිටි වැඩසටහන් වලින් සැලසුම් නොකරන තත්වයක් යටතේ ක‍්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කිරීමේ ආශය තීව‍්‍ර කරයි.

රියැලිටි වැඩසටහන් මගින් සියලූම පේ‍්‍රක්ෂකයන්ට වැඩසටහන්ට  ඕනෑම අවස්ථාවක දී තමන්ට ද සහභාගිවීමට හැකි වීමේ සම්භාවිතාව පිළිබඳ හැඟීමක් ඇති කරවයි.

references: ජනප‍්‍රිය සංස්කෘතිය හා මාධ්‍ය- දර්ශන අශෝක කුමාර

Tuesday, April 23, 2019

ජනශ‍්‍රැතිය, කලාව හා ජනප‍්‍රිය සංස්කෘතිය




ජනශ‍්‍රැතිය, කලාව හා ජනප‍්‍රිය සංස්කෘතිය



නූතන සමාජ විඥානය තුළ දෝලනය වන්නේ පුහු වීරත්වය, අධිමානසිකත්වය ආරෝපණ තත්වයකි. එය වත්මන් සමාජයට පමණක් සීමා වූවක් නොවේ. අද සමාජයේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා අද්භූත චරිත වලට වඩාත් ප‍්‍රියතාවක් දක්වන පෙනේ. ඒ ඔස්සේ සුපර් මෑන්, බැට් මෑන්, ටාසන් වැනි අද්භූත මෙන්ම මැඩෝනා, මයිකල් ජැක්සන් වැනි චරිත ඉස්මතු වී තිබේ. මේ අනුව බලන විට ජනප‍්‍රිය සංස්කෘතිය යන්නට විවිධ අර්ථකථන දෙන්නට හැකි වේ.
ප‍්‍රාථමික මිනිස් සමාජය තුළ ද අද මෙන්ම අධි මානව බලවේග පිළිබඳ විශ්වාස පැවති බව ජනශ‍්‍රැති අධ්‍යයනය තුළින් ගම්‍යමාන වේ. කෙනෙකු මියගිය පසු ඔහු අති බලසම්පන්න කෙනෙකු ලෙස අදෘශ්‍යමාන බලවේගයක්  වී තමන් හමුවට එන්නේ ඇයි පැරණි මිනිසා කල්පනා කළේය.
මෙසේ පරපුරෙන් පරපුරට ජනප‍්‍රිය මත ඉදිරියට පැමිණ ඇත. ඉපැරැුණි ජනශ‍්‍රුති මගින් එවකට පැවැති සමාජ සංස්කෘතික පසුබිම තේරුම් ගත හැකිය. ජනශ‍්‍රතිය පුද්ගලයා සමාජ ජීවිතය මැනවින් පෙන්වන කැඩපතක් බඳුය. ජනමාධ්‍ය නැගීමත් සමගම විවිධ සංස්කෘතික අංග පැවත ආ සංස්කෘතික අංග හා මුසු වී නව ජනතාවක් ගොඩනැගුණි. මේ තේමාව සඳහා මූලාශ‍්‍ර වන විශේෂ තුනක් පාදක කොටගෙන ජනප‍්‍රිය සංස්කෘතිය අධ්‍යනය කිරීමට පුළුවන.
එනම්,
  • ආගම හා ජනශ‍්‍රතිය 
  • ඉතිහාසය හා දර්ශනය 
  • තාක්ෂණය
මේ විශේෂ ක්ෂේත‍්‍ර අධ්‍යනය තුළින් ස්ඵුට වන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යන නිර්මාණාත්මක කාර්ය තුළින් බිහිවන මනෝභවනීය තත්ත්වයකින් උපන් බවයි.
මුල් කාලයේ මිනිසාගේ හුවමාරු මාධ්‍ය වූයේ අවාචික සන්නිවේදනයකි. ඉන් ඔබ්බට පැමිණි පසු භාෂාවේ මූල බීජ සමග කටවහර ජනිත විය. ජනශ‍්‍රතිය යන්න බිහිව ඇත්තේ මේ පසුබිම ලෙස පිළිගන්නේ ඓතිහාසික පර්යේෂණ වලට ලක් නොවූ කාලයක සිට මුඛ පරම්පරාගතව පැවත එන ජන කතා, ජන කවි, ජන විශ්වාස, පුරාණෝක්ති, සුරංගනා කථා, කලා ශිල්ප, වෙදකම, ගොවිකම, වැනි සංස්කෘතික අංගයන් ය. මෙකී අදහසට සමානව තවත් අදහසකි. මුඛ පරම්පරානුගතව එන කතා කවි, මන්ත‍්‍ර, ස්තෝත‍්‍ර වැනි චර්යාවන් ජනශ‍්‍රුතිය බව බිහිවන්නේ ගස් මත හැදු දඬු මැසි, පැල, ඔරුව, කුඹුරු ගොන් බැඳි කරත්ත, අද්භූත චරිත කරන තුළිනි.
අනෙක් අතට ජනශ‍්‍රතිය ජනප‍්‍රිය සාහිත්‍යාංග බවට පත් වූයේ ඒවා පොදු ජනතාව අතරින් මතු වූ හෙයිනි. පොදු ජනතාව අතරින් මතු වූ මේ විෂය තුල ජනප‍්‍රිය සංස්කෘතිකාංග දෘශ්‍යමාන වන්නේ ද පැරැුණි සාහිත්‍ය හා මුඛ පරම්පරානුගතව එන ජන සම්මත සාහිත්‍ය සඳහා ජනශ‍්‍රුතිය යන භාවිතා කළේ 1946 බි‍්‍රතාන්‍ය ජාතික විල්යම්ස් කෝමස් ය.දී ජනශ‍්‍රුතිය අද්‍යනය නොව ඒ තුළ ඇති ජනප‍්‍රිය සංස්කෘතිකාංග ගවේෂණය කිරීම තුළින් මානව හා සමාජ විද්‍යාඥයන් මත වාද ඔප්පු කරන්නට ජන සංස්කෘතිය තේරුම් ගැනීමට මෙන්ම පෞරාණිකත්වය ගවේෂණයට එය මහත් සේ උපකාරී වන්නේය. 
          පැරණි ජන සම්මත සාහිත්‍ය තුළ ප‍්‍රකට සන්නිවේදන මාධ්‍යය වූයේ ද ජනශ‍්‍රුතිය විය හැකි ය. වර්තමානයේ ජනප‍්‍රිය සංස්කෘතියට දායකවන සන්නිවේදකයා මෙන්ම ඉපැරණි ජන සමාජය තුළ ජනශැ‍්‍රති සන්නිවේදකයා ද ජනප‍්‍රිය සංස්කෘතිය මවන්නට දායක වූ බව පැහැදිලි වේ. එහෙත් ඔහුගේ සන්නිවේදන උපකාරක සීමාසහිත විය. ඒ නිසා ජනශ‍්‍රැති සන්නිවේදකයා උපසංස්කෘතියක ජනප‍්‍රිය සංස්කෘතියක් මවන කෙනෙක් හැටියටයි. නූතන සංස්කෘතිය තුළ ජනප‍්‍රිය සංස්කෘතිකාංග සමාජයට ගෙන යන සන්නිවේදකයා 
                           ශිල්පීය පදනමකින් හඳුන්වනු දැකිය හැකිය. ග්‍රෝත‍්‍ර සමාජය තුළද පැරණි ජන සම්මත සාහිත්‍ය තුළද ඔහු හැඳින්වූයේ කවටයා යන නමිනි. අපේ ජන ජීවිතයට ඉතාම සමීප පුද්ගලයකු අන්දරේ එවැනි විකට ශිල්පියකු නොවන්නේද? ඔහුගේ කාර්යය වූයේ කවර හෝ කලා මාධ්‍යයකින් ජනතාව පිනවන කතාවක් කියා පෑමයි. අතීත සමාජයේ කලාවෙන් සංගීතයෙන් ජනතාව පිනවන පුද්ගලයා අද මාද්‍යවේදියා සංගීතඥයා මාධ්‍ය ශිල්පියා ගායකයා යන නම්වලින් හඳුන්වන මේ සියල්ල ජනප‍්‍රිය යෙදුම් බවට පත්වී ඇත.
                                             ජනශ‍්‍රැතියේ අන්තර්ගත අංගයන් සැකසී ඇත්තේ මානව චර්යා රටාවන් හා නිරන්තරයෙන් ගැටෙමින් ය. ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වන්නේද පරිසරයට අනුගත වන පරිදි තත්කාලීන සමාජ අවශ්‍යතා අනුව වෙනස් වන ප‍්‍රපංචයක් හඳුනාගනිමින් ජනප‍්‍රිය සංස්කෘතිකාංග බිහි විය හැකිය. ආදී කලා විචාරකයෙකු දක්වන පරිදි ජනශ‍්‍රැතිකාංග වලින් සිදුව ඇත්තේ නිවැරදිව පරිසරය හඳුනා ගැනීමය. එනිසා එහි දී ද වෙනස්වන පරිසරයට අනුව සංස්කෘතිකාංග වෙනස්වීමක් සිදුව ඇත.
              ජනප‍්‍රිය සංස්කෘතිය ජනශ‍්‍රුතිය හා ජනප‍්‍රිය කලාව තුළින් පෝෂණය වූවක් ලෙස පිළිගත හැකි ය. මානව සමාජයේ අවශ්‍යතා අනුව ජනශ‍්‍රතිය වෙනස් වී ඇත. පෙරදිග, අපරදිග ආගම් වල ඉතා ප‍්‍රකටව පවතින සමාජ ආගමික චාරිත‍්‍ර ග‍්‍රීසිය, රෝමය වැනි රටවල පැවති උසස් හා පහත් වශයෙන් ප‍්‍රභේදනය වූ සුඛ දුක්ඛ නාට්‍ය අධ්‍යනය හා මධ්‍යගත යුරෝපයේ උසස් කලාවන් හා ත‍්‍රාසජනක ක‍්‍රියාවලියට අනුබල දුන් විද්‍යාඥයන් රාජ්‍ය පාලකයන් පිළිබඳ විමසීමෙන් හා ලංකාවේ උඩරට ප‍්‍රදේශ වල පැවති සොකරි, නාඩගම් වැනි නැටුම් අධ්‍යනයෙන් ද මේ තත්ත්වයන් වටහා ගත හැකිය.
                                   පැරණි සමාජයේ පැවත් මහා සම්ප‍්‍රදාය හා චූල සම්ප‍්‍රදාය යන ප‍්‍රභේද සාහිත්‍ය තුළ දක්නට ලැබිණි. විදග්ධයන් ගෙන් තොර වූ කලාව ජනප‍්‍රිය කලාව විය. පොදුජන සංස්කෘතියටත් ජනප‍්‍රිය කලාවක් ගොඩ නගන්නට ගත් උත්සාහයක් ලෙස ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ කතා හැඳින්විය හැකිය. එය ධර්මසේන මාහිමියන් රචනා කළේ හුදී ජන පහන් සංවේගය සඳහා ය. පසුකාලීනව විල්ගම්මුල හිමියන් සඳකිඳුරුදාකව කළේ මේ අරමුණින් විය හැකිය. ශ‍්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛර තුළින් බණ මග හා කවි මග එක්කොට ජනප‍්‍රිය කලාවක් බිහි කරන්නට උත්සාහ ගෙන ඇත. ජනකවිය වැන් ජනශ‍්‍රැති මාතර හා නුවර යුගය වන විට ඉතා ජනප‍්‍රිය අංගයක් විය. ජන කතා, ජන කවිය, ජන ක‍්‍රීඩා මෙන්ම ජනප‍්‍රියව පැවති බව පැවසිය හැකිය. විශේෂයෙන් ම පොදු ජනතාව අතර ඉතා ප‍්‍රචලිත කලා අංගයක් ලෙස හැඳින්වුණේ ජනරංග කලාවයි. මේ ජන රංග කලාවට ජනශ‍්‍රැත් අධ්‍යනයේ දී විශේෂ ස්ථානයක් හිමි වේ. මේ කලා අංගයගේ ක‍්‍රමික විකාශනය දෙස අවධානය යොමු කරන විට පෙනෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය විදග්ධ පඬිවරුන්ගේ ජනයා අතින් ප‍්‍රචලිතව ආ බවයි.

references: ජනප‍්‍රිය සංස්කෘතිය හා ජන මාධ්‍ය, සේනක සෙනෙවිරත්න
               ජනප‍්‍රීය සංස්කෘතිය හා මාධ්‍ය, දර්ශන අශෝක කුමාර


ගහකොළ ජීවිතය හා විශ්වාස



ගහකොළ ජීවිතය හා විශ්වාස

අප කවුරුත් දන්නා පරිදි නූතන පරිසර විද්‍යාවේදී ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික අංග තුනක් දක්වයි. එනම් ජලගෝලය, වායුගෝලය හා ශිලා ගෝලය යි. මේ කරුණු බුද්ධාගමේ එන පංච මහා භූත තත්ත්වයන් සමග සසඳන්නට හැක ය.ි අපේ සමස්ත ජීවන පැවැත්මට පමණක් නොව ඒ හා අදාල වන සෙසු දේවල් වල පැවැත්මටත් මේ කරුණු ආධාර වේ.
 මෙම කාරණය පිළිබඳ ශිෂ්ටාචාරයේ මුල් යුගවල සිටම මිනිසා දැන සිටියේය. එපමනක් නොව භාවිත ජීවිතය සම්බන්ධයෙන් මෙය අවබෝධ කොටගෙන සිටියේය. අප කවුරුත් දන්නා ආදි සිටි මිනිසුන් ලෝකය පැහැදිලි කරන්නටත් එය අවබෝධ කරගන්නටත් එක්තරා ආකාරයක ප‍්‍රායෝගික දැනුමක් ඔවුන් සතු විය. ඒ දැනුම පදනම් කොටගෙන යථාර්ථවාදී ව පැහැදිලි කළ නොහැකි ජීවිතයට වැදගත් වස්තූන්ට දේවත්වයක් නැත්නම් මනුෂ්‍යත්ව ආරෝපණය කරනු ලැබීය. පිළිබඳව ඒ ආකාරයේම අදහසක් ඔවුන් තුළ පැවතුණේ ය. ගහ කොළ පිළිබඳව ඔවුන් තුළ ඇති විශ්වාස පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන විට මේ තත්ත්වය අපට හොඳින්ම අවබෝධ කරගත  හැකිය.
 පෙරදිග හැම ආගමකම පාහේ ගහකොළ ශුද්ධ වස්තූන් හැටියට සැලකූ ආකාරය පෙනේ. එමෙන්ම විවිධ රටවල ගහකොළ හා බැඳුණු  වෘක්ශලතාදිය හා සම්බන්ධ  ඒවා අමරණීය තත්ත්වයෙන් සැලකූ බවක් පෙනෙන්නට ඇත. පිළිබඳව මිනිසා තුළ ඇති විශ්වාස පද්ධතිය අවස්ථා තුනකින් වර්ධනය වූ බව විද්වතුන්ගේ අදහසයි. ගහකොළ පිළිබඳ විශ්වාස පද්ධතිය ගොඩනැගී තිබුණේ ඒවායේ ප‍්‍රායෝගික වටිනාකම හා ප‍්‍රයෝජනය පදනම් කොට ගෙනයි. දෙවැනි අවස්ථාව වන විට ඒවා කෙරෙහි කිසියම් පූජනීය තත්ත්වයක් ආරෝපණය කරනු ලැබීය. මේ අවස්ථාවේදී පූජනීය ශුද්ධ භූමිවල ගහකොළ රෝපණය කරන්නට පටන් ගත්තේය. තෙවන අවස්ථාවේදී ගහකොළ පූජනීයත්වය සංකේතයක් හැටියට සලකනු ලැබීය. මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරන විට අපට පැහැදිලි වන්නේ ප‍්‍රායෝගික අර්ථයක සිට පූජනීය අර්ථයක් දක්වා ගහකොළ හා සම්බන්ධව පද්ධතිය වර්ධනය වී ගිය ආකාරයයි.
 ගහකොළ සතා සර්පයාට වඩා වෙනස් වෙයි. සතා සර්පයා  ඕනෑම තැනකට යන්න එන්නට හැකි ය. නමුත් ගහ කොළ වලට එසේ ඇවිදින්නට පුළුවන්කමක් නැත. ඒවා එකම තැනම පවතී. නමුත් ඒ ගස් වල චලනය මිනිසුන් දකී. ඒ චලනය හා සම්බන්ධ ක‍්‍රියාවලින් රැුසක් පවතී. මේ කරුණු පිළිබඳව කෙරුණු නිරීක්ශණවල ප‍්‍රථිඵල හැටියට සමහර විශ්වාසය ඇති වී තිබේ. නමුත් මේ විශ්වාස මිනිසුන් ජීවත්වන භූගෝලීය කලාප අනුව වෙනස් වන බවක් දක්නට ලැබේ. ඝර්ම කලාපීය රටවල වෙසෙන අයට තරම් ශීත කලාපීය රටවල වෙසෙන අයට ගහකොළවල එතරම් වැදගත්කමක් නැත. ඊට හේතුව ඔවුන්ට ගහකොළ නොමැතිකමයි.  කරුණු කෙසේ වුවද දේශගුණික කලාපයක ජීවත් වුවද මුල් කාලවල සිටම ගස්වැල් පිලිබඳව මිනිසුන් තුල පුදුම ආදරයක් තිබූ බව දැකගන්නට හැකිය. එයට මූලිකම හේතුව වූයේ ඒ අයට ප‍්‍රායෝගික අගය මිස ඒවායේ නියම ස්වභාවය හරියාකාරව තේරුම් ගන්නට නොහැකි වීමයි. මේ කාරණය පිළිබඳව සාකච්ඡුා කරන විට කරුණු කිහිපයක් පිළිබඳව අපට අවධානය යොමු කරන්නට සිදුවෙයි. ගහකොළ වලට මෙවැනි තත්ත්වයක් සමාජයේ පුද්ගලයන්ගෙන් ලැබුණේ කුමන හේතුවක් නිසාද කියන කරුණු ගැන මුලින්ම අපගේ සැලකිල්ල යොමුවිය යුතුයි.
 මුල්ම හේතුව තමයි ඒ ගස් පිළිබඳව තිබූ ගෞරවය සහ පූජනීය සභාවය හැඟීමක් ඇතිවෙන්නෙ බොහෝ වෙලාවට  කලින් සඳහන් කළා සේ ගහේ ස්වභාවය හැඩය අතුපතර විහිදී ඇති ආකාරය විශාලත්වය වගේ කාරණා පදනම් කොටගෙනය. මේ තත්වයන් නිසා මිනිසා තුළ කිසියම් ආකාරයකට භය සහ ගෞරව සම්ප‍්‍රයුක්ත භාවයක් ඇතිවේ. ආදී මිනිසා ගැන පමණක් නොවේ මෙම තත්ත්වයන් වර්තමානයේ ජීවත් වන මිනිසා පිළිබඳව වුවද සාධාරණ වී හුදකලා තැනක තියෙන හොඳට අතුරු නුග ගසක්  දුටුවිට භය සම්ප‍්‍රයුක්ත හැඟීමක් ඇති වේ. මීළඟ හේතුව වන්නේ ඒ ගස්වල තිබෙන ප‍්‍රයෝජන හා දුර්ලභ බවයි. අප කලින් සඳහන් කළා සේ ගස් වලට ඇවිදින්නට බැරි නිසා ඒවා  එකම තැන පවතී සමහර ගස් දකින්නට ලැබෙන්නේ එකම ප‍්‍රදේශයක පමණකි. අනෙක් ප‍්‍රදේශවල ඒ ගස් දක්නට නොලැබේ මේ හේතුව නිසා විශේෂ ගුණයක් නැතිනම් විශේෂ වූ අර්ථයක් ඒ ගස් වල දක්නට ලැබේ. මේ හේතුව නිසාම ඒ ගස් වලට විශේෂ වූ සැලකිල්ලක් ලැබෙන්නට පටන් ගනී.
 තවත් කාරණයක් නම් ගස් වලට පණ තිබෙනවාය යන ජන විශ්වාසයයි. මෙම විශ්වාස වලට අනුව ගස්වැල් ආදිය පණ තිබෙනවා යන අදහස බෞද්ධ දාර්ශනික ග‍්‍රන්ථවල විරල වශයෙන් සඳහන් කොට ඇති බවයි. වර්තමාන විද්යාඥයන් විද්‍යාත්මක දැනුම පදනම් කොටගෙන සොයාගත් කරුණු හැරුණු විට ගස පිළිබඳව ජන මතයෙහි ඇති විශ්වාස හා පිළිගැනීම් ගැන ද අප අවධානය යොමු කළ යුතුය. එයින් එක් විශ්වාසයක් වන්නේ පූජනීයත්වයෙන් සලකන දෙවි දේවතාවුන් වහන්සේ කරන්නේ යන අදහසයි.
ගස් වැල් ගැන කතාකරද්දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක් තමයි පූජනීය වශයෙන් සමහර ගස් සමහර සමාජවල වැදගත් වූයේ කෙසේද යන්න. මේ පිළිබඳ නීතිමය වශයෙන් අවධානය යොමු කළ ශාස්ත‍්‍රඥයන් පැහැදිලි කළ කාරණයක් වන්නේ ගසක් පූජනීයත්වයට පත්වූයේ ඒවා පූජනීය ස්ථානවල රෝපණය කළ නිසා බවයි. නිදසුනක් ලෙස බුදුදහම ගතහොත් අපට පෙනෙන්නේ සමහර ගස් පූජනීය තත්ත්වයට පත් වූ බුදුවරුන් හා ඒ ගස් අතර පැවති සම්බන්ධය නිසා බවයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කොට ගනිද්දී පිටදී සිටියා ය කියා ව්‍යවහාර කරනු ලබයි.
මේ පිළිබඳව ඇති විශ්වාස හා පිළිගැනීම් පදනම් කොටගෙන ඇති වූ සංස්කෘතික ආකල්ප වර්ධනය වී ගිය ආකාරය සලකා බැලීමේදී අපට වැදගත් ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කළාට පසු එය රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විය. අනුරාධපුර යුගයේ සෑම රජ කෙනෙක්ම තමන්ගේ රාජ්‍යත්වය අතර තිබූ සම්බන්ධය නිසා තමන්ගේ පණ දෙවැනි කොට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කළේය. බෝධි වෘක්ෂය ආශ‍්‍රිතව වත් පිළිවෙත් රාශියක් පැන නැගුනේ ය. එය බලා කියා ගන්නට නොයෙක් දෙනා පත් කළේය. නමුත් රාජධානි මාරුවීමත් සමග ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් ලැබූ සැලකිල්ල දන්ත ධාතූන් වහන්සේට යොමු වි. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මුලික කොට ගෙන ඇතිව තිබූ රාජ්‍යත්වය පිලිබඳ සංකල්පය ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලබන්නේ බෝධිරාජ සංකල්පය ලෙයසි.
 ගහ කොළ සහ පැළෑටි ගැන කතා කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ඒවායේ ඇති පෝෂ්‍යය ගුණය ඒ වගේම ගහ කොළ සමග අපේ ඇති සම්බන්ධය ගැනත් අවධානය යොමු කළ යුතුවේ. ගෙවල් සෑදීමේදී අනුගමනය කළ ක‍්‍රම විද්‍යාවක් තිබුණේ ය. එය හැඳින් වූයේ ගෙබිම් ශාස්ත‍්‍රය ලෙයසි. ඒ විතරක් නොවෙයි  අවට සිදුවන ගහකොළ පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබුණි.. සමහර ගස් හොඳයි. සුබයි. සමහර ගස් නරකය.ි අසුබයි. කතුරුමුරුන්ගා ඉතාමත් හොඳ කෑමක් කී නමුත් ගේ ඉදිරියෙන් කිසි වෙලාවක කතුරුමුරුංගා ගහක් සිදුවූයේ නැත. එසේම සේපාලිකා වැනි ගස් ආදිය ඉදිරියෙන් සිට වූයේ නත. ගහ කොලක් හිටවන්නේ කොතැනක ද කියන කාරණය අපේ පැරණි අය හොඳින් දැන සිටියා. බොහෝ වෙලාවට ඉදිරියෙන් හිටෙව්වේ අඔ  ගස් ය අඹ ගහකට හෙණ වැදී තිබෙනවා දැකීම දුර්ලභය. නමුත් කොස් ගස්වල පොල් ගස් වලට  ඕනෑතරම් හෙන වදී. මෙසේ සිදු වන්නේ ඇයි ද යන කාරණය සොයා බැලීම වටිනා කර්තව්‍යයකි. බෝගහක් යටට ගියාම සිතට දැනෙන සනීපය අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.
 ගහකොළ පිළිබඳ සාම්ප‍්‍රදායික දැනීම අපේ භාෂාව තුළ කොපමණ දුරට දකින්නට ලැබෙනවා ද කියන කාරණය පිළිබඳව අවධානය යොමු විය යුත්තකි. අපේ චරිතය හෝ හැසිරීම් සකසා ගන්නට වෘක්ෂ ජීවිත ආශ‍්‍රයෙන් ගත් ආත්තෝපදේශ එහෙම නැතිනම් උපහැරණ ගැන සිතා බැලිය යුතුය. ඒවායින් කීයක් සත්ව සමග සම්බන්ධ ද? නමුත් ගහකොළ සම්බන්ධ ආතෝපදේශ රාශියක් අපේ සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. පැණි වරකා ගහටත් හෙණ ගහනවා. හෙවනට හිටපු ගහේ අතු කඩන්න එපා. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. මේ හැම එකකින්ම වෑයම් කරන්නේ   ගස් වැල් ආදියෙන් ලැබූ පාඩම්  විග‍්‍රහ  කරන්නටයි.
 පැරණි චීන කියමනක් ඇත. මිනිසකු විසින් කළ යුතු වැදගත්ම කාර්යයක් තුනක් ගැන එහි සඳහන් වේ. ඒවා නම් දරුවකු සෑදීම, පොතක් ලිවීම, ගසක් සිටුවීම. ගස් මිනිස් ජීවිතයට කොතරම් වැදගත්ද කියන කාරණය සඳහා ම විග‍්‍රහය හොඳින් ම ප‍්‍රමාණවත් ය.

reference:  ජනශ‍්‍රැතිය, පුරාකතාව හා පුරාවෘත්තය, චන්ද්‍රසිරිි පල්ලියගුරු

Tuesday, April 2, 2019

මාධ්‍ය භාවිතාවේ අශ්ශීලත්වය


මාධ්‍ය භාවිතාවේ අශ්ශීලත්වය

ශ‍්‍රි ලාංකීය සංවර්ධන මාධ්‍ය අතර පුවත්පත පාඨකයාට නැතුවම බැරි මාධ්‍ය වී හමාරය.ඵ් තත්වය ඵලදායීතාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මාධ්‍යවේදියා සුවිශේෂ කාර්යයක් ඉටුකරනු ලබන්නේය.
නමුත් අද මේ දෙස බැලීමේදී මාධ්‍යවේදියා වගකීමෙන් යුක්තව තම කාර්යය ඉටු කරනු ලබන්නේද යන්න සැක සහිතය. ඵ් සදහා හේතුව කුමක්ද යන්න විමසීම් කළ හොත් මාධ්‍යය, විද්‍යුත් මාධ්‍ය මගින් ආක‍්‍රමණය කර ඇත. විශේෂයෙන්ම මුල් කාලයේ ගුවන් විදුලියත්, ඊට පසු කාලීනව රූපවාහිනියත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පුවත්පත සතුව පැවති ස්ථානය සදහා තරඟයට ඉදිරිපත් විය. මේ කාරණාවන් හේතු කොට ගෙන පුවත්පත තුළ මාධ්‍යවේදියා තම යුතුකම් වගකීම් නිවැරදිව ක‍්‍රියාත්මක කරන බවක් දක්නට නොමැත.
”මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් මෙසේ පවසයි. මෙම සංකල්පය ආචාරධර්මීය පදනමකින් යුතුව විමසිය හැක. නීතිමය රාමුව නොව පොදු එකඟත්වය මත සම්මත වූවක් ආචාරධර්ම ගනයේ ලා ගැනේ.
මෙලෙස විවිධ වෘත්තීන් තුළද අනුගමනය කරන ආචාරධර්ම පද්ධති පවතී.ඒ ඒ අදාල වෘත්තීන්ට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට මේවා අනුගමනය කිරීමට සිදුවේ. එහිදී වෘත්තියට ප‍්‍රවේශ වීමට අදාල අධ්‍යාපන සුදුසුකම්, පොදු එකඟතාවයෙන් සකසාගත් ආචාරධර්ම පද්ධතියක් හෝ මාර්ගෝපදේශ පද්ධතියක් වීම, ඒවා පිළිගැනීම හා මැන බැලීම සදහා, යන මෙම අංශ තුන ඇතුලත් විට  ඕනෑම වෘත්තියක වෘත්තීමය භාවය සැකසේ. මේ අනූව ලංකාවේ මාධ්‍යතුල පුවත්පත් කලාව හා සම්බන්ධ ආචාරධර්ම හදුනාගැනීම වටී.
එහි දී ශ‍්‍රී ලංකාවේ පුවත්පත් හා සම්බන්ධ නීතිමය තත්වයක් ගොඩනැගී ඇත්තේ 1973 අංක 5 දරන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගිනි. එහිදී ලංකාව තුල පුවත්පත් වලට අදාල කරුනු විධිමත්ව පවත්වාගෙන යාමටත් පුවත්පත් වලට අදාල වැරදි විමර්ශනය කිරීමට හා ඒ පිළිබඳ පැමිනිලි විභාග කර බැලීමට හා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමටත් මෙය ගොඩනගා ඇත.
මීට අමතරව පුවත්පත් සදහා ශ‍්‍රී ලංකාවේ පත‍්‍ර කලාවේදීන් සදහා වු ආචාරධර්ම සංග‍්‍රහය බෙහෙවින් වැදගත් වේ. මෙහිදී පුවත්පත් සදහා නිශ්චිත ආචාරධර්ම සංග‍්‍රහයක් අවශ්‍ය බව වටහා ගන්නේ 1981 දීය.එහිදී පුවත්පත් කර්තෘවරු 21 එකතු වී ආචාරධර්ම පද්ධතියක් ගොඩනගා ගන්නා ලද අතර එය ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසන් පිළිගන්නා ලදී.
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තිය ප‍්‍රතිපත්ති ආචාර ධර්ම සංගහ‍්‍රය යටතේ පුවත්පත් මාධ්‍යට අදාල ආචාර ධර්ම සැකසී තිබෙි. මෙවැනි ආචාර ධර්ම සංග‍්‍රහයක් පැවතුන ද වර්ථමාන පුවත්පත් මාධ්‍ය ඵල කිරීමි දෙස බැලීෙමි දි විවිධ අවස්ථාවන් හි ආචාර ධර්මවලට පටහැනි ඵල කිරීමි දැකගත හැකිය.
පහත දැක්වෙන්නේ 2018 සැප්තැම්බර් මස 11 වන අගහරුවාදා ලංකාදීප පුවත්පතෙහි ඵල වූ සේයා සදෙවිමි නමි දැරිියගේ මරණය පිළිබඳ විමර්ෂන වාර්ථා වූ ආකාරයයි. කොටදෙණියාව ප‍්‍රදේශයේ දැරියක අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම විවාදාපන්න තත්ත්වයක් නිර්මාණය කර තිබුණි. ලිංගික අපයෝජනය සහ වෙනත් අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් මෙන් ම ඒවා වාර්ථාකරණයේ දී එහි ප‍්‍රමිතියක් පැවතිය යුතුය. එහිදී පුවත්පත් කලාවේදීන් යමක් ප‍්‍රකාශට පත් කිරීමට පෙර තමන් නිවැරදිව කරනු ලබන්නේ දැයි සිතා බැලිය යුතු වේ. මාධ්‍යවේදියාට පෑන හැසිරවීමට හැකි වූවාට සීමාවන්ගෙන් ඈතට ගමන් නොකළ යුතු බව ප‍්‍රකාශයට පත් වන්නේය. තමන් ජනතාවට ඉදිරිපත් කරන්නේ නිවැරදි කරුණු බව අවධාරණය කර ගත යුතුය


මෙම සිදුවීමේ දී අපරාධකරුවන් යැයි පවසමින් විවිධ පුද්ගලයන් මෙලෙස පුවත්පත් මගින් ඡුායාරූප ද සමග වාර්ථා කලේ ය. මේ ආකාරයට අපරාධකරුවන් ලෙස ඔප්පු වීමට පෙර විවිධ පුද්ගලයන්ගේ ආත්මගරුත්වයට හානි වන ලෙස මෙවැන් ඵල කිරීමි සදාචාර විරෝධි වෙි. නිරවද්‍යවාර්තාකරණය නමි මූලධර්මය යටතේ’ නිවැරදිවත් විකෘතියකින් තොරවත් ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හා ඡායාරූප පළ කිරීම සඳහා මාධ්‍යය සාධාරණ පරෙස්සමකින් ක්‍‍්‍රියා කළ යුත්තේය. මෙම සිදුවීමේ දී දැරියගේ නම සහ ඡුායාරූප පළ කිරීම බරපතළ වරදකි. විවිධ අවස්ථාවල ගනු ලැබූ දැරියගේ ඡුායාරූප ඵල කරනු දැකිය හැකි විය. සිනමා නිළියකගේ රංගන ජීවිතයේ අවස්ථා දක්වන්නාක් මෙන් ජනමාධ්‍යවේදීන් මෙසේ ඡායාරූප පළකිරීම අශිෂ්ඨ ක‍්‍රියාවකි. අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතරු වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන්ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්,
ලිංගික අපරාධවලට ලක්වූවන්ගේ නම් හෙළිදරවු නොකළ යුතුය.
සාපරාධී වරදක් සම්බන්ධයෙන් චොදනා ලත් වයස අවුරුදු 16 ට අඩු හා පෙර දඬවුම් නැති කිසිදු බාලයකුගේ නම , කරුණු දැන දැනම අනාවරණය නොකළ යුතුය.
යන්න දැක්වේ. එමෙන් ම අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬවුම් හෝ ලැබූ පුද්ගලයකුගේ ඥතීන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරවු නොකළ යුත්තේය. නමුත් මෙම සිදුවීෙමි දී මේ සියල්ල ඡුායාරූප ද සහිතව ඵලවීම සිදු විය. මෙහි දී කිසිදු ආචාර ධාර්මික පදනමක් සැලකිල්ලට ගෙන නැත.
එසේ නම් පුවත්පතකින් අපට කියාදෙන ආචාර ධර්මය කුමක් ද? ජාතික තලයේ පුවත්පතකින් ඔිනෑම පුද්ගලයෙකුට, ඔිනෑම දෙයක් ප‍්‍රකාශ කිරීමට අවසර දිය යුතු ද? අදාල සිදුවීමට සම්භන්ධ පුද්ගලයන්ට සිදු වූ අවනමිබුවට, අපහාසයට වගකිව යුත්තේ කවුරුන් ද? මේ කිසිදු ප‍්‍රශ්නයකට පිළිතුරු පුවත්පතෙන් ලබා නොදෙයි.
එමෙන්ම අපයෝජනය පිළිබඳ හැඟීම් දනවන සුළු අනුවේදනීය තත්ත්වයකින් වාර්තා කිරීම බලවත් වරදකි. පොදු වාර්තාකරණය හා ලිවීම යටතේ,
කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම් කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය,මත්ද්‍රව්‍ය,අපයෝජනය,දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වයද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ ඡායාරූප,චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර
බුද්ධියෙන් යුතුව මෙන්ම පොදුජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත් විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය.
පුවත්පත් කළාෙවිදියෙකු හැමවිට ම මහජන සුභසිද්ධිය වෙනුවෙන් කි‍්‍රයාකළ යුත්තේ ය. තත් සමාජීය නෛතික මෙන්ම වෘත්තීමය වශයෙන් සමාජයට ඉටු විය යුතු යුතුකමි හා වගකීමි පිළිබඳව වත්මන් මාධ්‍යයන් ට අවබෝධයක් නැත.පුවත්පත් වාර්ථාවේ දැත්වෙන්නේ මෙසේ ය.  ර්‍ණදැරිය ඇඳ සිටි බව කියන ඇඳුම ඇඳේ තිබුණු බවත්, ජනේලයක් විවෘත කර තිබූ බවත් ඇඳ මත පා සලකුණක් තිබුණු බවත් පොලිසිය කීවේය. පොලිස් නිල සුනඛයකු ගෙනවිත් විමර්ශන කළත් පළක් නොවිණි. මේ අතර පසුදින එනම් ඉරිදා (13* උදේ 8.30ට පමණ අකරන්ගහ අරවින්ද වත්තේ කෙළවර වෙළ මායිමේ ඇළ අයිනේ තිබිය දී සේයාගේ නිසල දේහය හමු විය. ඒ සමඟම මුළු අකරන්ගහම එකම මළගමක් බවට පත් විය  ර්‍ණ මේ තුලින් ජනතාව සංවේදී හා ප‍්‍රකෝපකාරීභාවයන් ට පත් වේ. මෙම තත්වයන් නිසා ඉහත කී වැරදිකරුට මරණ දඩුවම දෙන ලෙස ඉල්ලමික් ජනතාව උද්ඝෝෂණ වල නිරත වෙමින් අනවශ්‍ය ප‍්‍රකෝපකාරීත්වයක් ඇති වූයේ ද මේ නිසා ය. කතාන්දරයක පරිද්දෙන් භාවාතිශය සිදුවීමි මෙන්ම ජුගුප්සාජනක ඡුායාරූපයන් සකළ මානව ගුණධර්මයන් විනාශ කර තිබේ.
අනෙක් අතට මෙම ඡුායා රූපයේ දැක්වෙන සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ යොවුන් සිසුවකුගේ සියලූ පුද්ගලික තොරතුරු ද ජනමාධ්‍ය වාර්තා කළේය. ඔහු නිවැරදිකරු වුවහොත්, නිදහස් වූ පසුව සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? යන්න පිළිබඳ හැඟීමක් ජනමාධ්‍යවේදීන්ට නොවීය. සැකකරුගේ පරිගණකයෙහි අසභ්‍ය ඡුායාරූප තිබී ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කර ඇත්තේ බරපතළ සොයා ගැනීමක් පරිද්දෙනි. එහිදී එම මාධ්‍යවේදීන් සියලූ දෙනා ද ඇතුළත්ව මුළු රටම සභ්‍ය බවට පත් එකී සිසුවා අසභ්‍ය බවට පත් කර තිබේ. ලිංගික කුතුහලය වැඩෙන අවධියෙහි පසුවන්නකු එබඳු ඡුායාරූප ගබඩා කරගෙන තිබීම පුදුම විය යුතු දෙයක්ද? යෞවනයන් පමණක් නොව වැඩිහිටියන් සතුව ද මෙබඳු ඡුායාරූප සහ ඞී.වී.ඞී. තැටි තිබිය හැකි බව අපි දනිමු. අන්තර්ජාලය පරිහරණය කරන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය ලිංගික දර්ශන සොයා සැරිසරන බව ද අපි දනිමු.
මෙහි දී එම සිසුවාගේ සියලූ ම පෞද්ගලික තොරතුරු ඡායාරූපයන් ද සහිතව ඵල කරනු ලැබී ය. ආචාර ධාර්මික පදනම අනුව පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පර්ූණ කර ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. ළමයකුගේ පෞදග්ලික ජීවිතය හා සම්බන්ධ කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිගත හැකි කාර්යයක් වනු ඇත්තේ ඔහුගේ හෝ ඇගේ පවුලේ හෝ භාරකරුගේ කීර්තිය ප‍්‍රසිද්ධිය හා තත්ත්වය හැර අනෙක් කරුණක් පොදුජන සුබසිද්ධිය උදෙසා වන්නේ නම් පමණකිි. නමුත් මෙම වාර්ථාවෙන් සිදු ව ඇත්තේ පෞද්ගලිකත්වයට බරපතල ලෙස හානි පමුනුවාලි ම පමණි. කිසියමි සිදුවීමක් වාර්ථා කිරීෙමි දි එහි ඇති නිරවද්‍යතාවය පරික්ෂා කිරිම වෙනුවට නිසිදු පදනමක් නොමැති ප‍්‍රවෘත්ති ඵල කිරීම තුලින් සිදු වන්නේ පුවත්පතක් පිළිබඳව ඇති විශ්වසනීයත්වය පලූදු වි එය හෑල්ලූ වීම යාම පමණි. පුවත්පත්, පුද්ගලයකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය පිළිබඳවත් ශාරීරික හෝ මානසික රොගාබාධ පිළිබඳවත් අගති හා අවඥසහගත කරුණු සඳහන් කිරීමෙන් වැළැකිය යුත්තේය යනුවෙන් දක්වා තිබුන ද ෙමි පිළිබඳ වත්මන් මාධ්‍යවේදීන්ට ඇති අවබෝධය ඉතා අල්පය.
මෙහිදී ප‍්‍රවෘත්තිය ඵල කර ඇති ආකාරය දෙස බැලීමේ දී ආචාර ධාර්මික පදනමක පිහිටා නැත. වැරදිකරුවන්ට දඩුවම් කළ යුත්තේ මහජනතාව නොවෙි. ඒ සඳහා රෙටි විධිමත් නීති පද්ධතියක් ඇත. ඒ අනුව ක‍්‍රියා කළ යුතු වන්නේ ය. කිසිවිටෙකත් පොදු ජනයාගේ හැගීමි අවුස්සන ප‍්‍රකෝපකාරී ශිර්ෂ පාඨ ඵල නොකළ යුතු වන්නේ ය. මෙවැන් ප‍්‍රවෘත්තියක් ඡුායාරූප හා සමග ඵලවීම මගින් පාඨකයා තුල විශාල තිගැස්මක් කම්පනයක් ඇතිකරවන බව අතිශයෝක්තියක් නොවේ. සැබවින් ම මෙවැන් දරුණු අපරාධ පුවත්පතකින් හෙලි විය යුතුය. නම්ත් ඉන් පාඨකයාට තිගැස්මක් හෝ චිත්ත පීඩාවක් ඇති නොවන ආකාරයට කායුතු තිරීමට පුවත්පත අනිවාර්යෙන් ම සිහිතබා ගත යුතුය. එසේ ම මෙහි දී සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප‍්‍රියශාන්ත නමි තැනැත්තා කොණ්ඩයා යන නමින් හදුන්වා ඇත. එවැනි අන්වර්ථ නමි යෙදීම ද සදාචාර විරෝධි වේ. කිසිදු ඵල කිරීමක දී පුද්ගලයත්ගේ ගෞරවයට හා කීර්ති නාමයට හානි නොවිය යුතු වේ.

මෙහිදී වැදගත් වන මූලික කරුණ වනුයේ ජනමාධ්‍ය ආචාරධර්මවලට අනුව කටයුතු කිරීම ය. ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ ආචාර ධර්ම අධ්‍යයනය කිරීම පළමුව වැදගත් වේ. එහෙත් කර්තෘ සංසදය නියෝජනය කරන කර්තෘවරුද තම පුවත්පත් ඔස්සේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරති. ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ උනන්දුවන මාධ්‍යවේදීන් පළමුව කළ යුත්තේ තම ආයතනය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම හා ඒ අනුව කටයුතු කිරීමය. අනිකුත් ආයතන සඳහා බලපෑමක් කිරීමේ අයිතිය ලැබෙන්නේ එවිටය. ලංකාවේ ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකස් කරගෙන තිබෙන පුවත්පතක් වන්නේ රාවය පුවත්පතයි.

කෙසේ වුවත් මාධ්‍යෙවිදියා තම හෘද සාක්ෂියට අනුව නිවරදිව කටයුතු කළ යුතුය. එමගින් ඔහු තම වෘත්තීය ආචාර ධර්ම සුරුකීමට නිරාසයෙන් ම ඔහුට අවස්ථාව ලැබෙනු ඇත. එවිට ග‍්‍රාහකයාට නිවරදි හා සත්‍ය දෑ ලබා දීම මගින් සමාජය යහපත් කරගැනීෙමි හැකියාවක් ඉෙබි ම ඇති වේ. එහි දී මාධ්‍යකරුවා විසින් මාධ්‍ය හැසිරවීමේ දී නිවරදි බව, අපක්ෂපාතී බව, මධ්‍යස්ථ බව යන ශික්ෂාවන් කෙරෙහි අවධානය යොමුකළ යුතු ය.
මෙම සිදුවීමේ දි දැරියක ඝාතනය කිරීම සම්බන්ධ පුවත්ති වාර්තාකරණයේදී සත්‍යගරුක බව මධ්‍යස්ථ බව සහ පොදු යහපත මුළුමනින් ම නොසලකා හරිනු දැකිය හැකිය. දැරිය ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කිසියම් හේතුවක් මත යටපත් වූයේ යැයි සිතිය හැකිය. එසේ වූවා නම් සැඟවීමට උත්සාහ කරන තොරතුරු අනාවරණය කිරීමේ පර්යේෂණාත්මක වාර්තාකරණයක යෙදීමේ අවස්තාව මාධ්‍යවේදියාට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙදී මෙම පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදුවි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට යම් පුද්ගලයෙකු සැකකරු විය හැකි වූවත් මාධ්‍යවේදියාට ඔහු සැකකරුවකු විය යුතු නැත. මාධ්‍යවේදියා මෙහිදී සැකකරුවන්ගේ පැටිකිරිය දිගහරිමින් පොලිසියේ භූමිකාව ද රඟපානු පෙනෙයි. මෙය අශෝභන ක‍්‍රියාවයක් මෙන් ම ආචාර ධර්ම විරෝධී වේ.
මෙවැනි සිදුවීම් සම්භන්ධයෙන් පුවත්පතින් පාඨකයාට කියා දිය යුතු ආචාර ධර්මය කුමක් ද? පාඨකයන් ට වඩ වඩාත් සත්‍ය හා නිවරදි සහා විනිවිද බවකින් යුතු ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවට භාවාතිහය හා හැගීම් අවුස්සන ශිර්ෂ පාඨ හා ඡුායාරූප මගින් මහජනයාගේ හැගීම් අවුස්සන ප‍්‍රවෘත්ති ඵල කිරිම තුලින් පාඨකයාට ලබා දෙන නිවරදි හා සත්‍යගරුක බව කුමක්ද?
මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති මාළාෙවි 2 වැනි වගන්තිය යටතේ සුරැුකිය යුතු නිරවද්‍ය වාර්ථාකරණය මෙම පුවතේ කොතැනත හෝ ඉටු වී තිබේ ද? කරුණු වඩ වඩාත් තහවුරු කිරීම වෙනුවට කිසිවක් සොයා නොබලා ඉදිරිපත් කරන මෙවැනි ප‍්‍රවෘත්ති මගින් අදාල පුද්ගලයාට සිදු කරන අපහාසය මෙන් ම පාඨකයාට ලබා දෙන තෘප්තිය කුමක් ද? ගැටුමි සැම විටම ප‍්‍රවෘත්ති උත්පාදනය කල ද එය වාර්ථාකරණටය් දි වඩාත් නිවරදි නොවිම තුලින් පුවත්පතට ඇති ව්ශ්වසනීයත්වයට බරපතල ලෙස පහර එල්ල වේ. කෙතරමි නිවරදි සත්‍ය හා කාලීන ප‍්‍රවෘත්තියක් හෝ සිදුවීමක් වුව ත් සමාජයේ පවත්නා සදාදාරාත්මක හරයන් කෙරෙහි අවධානය යොමු කරමින් සැමවිටම ක‍්‍රියාකල යුත්තේ එකී සංස්කෘතියට මෙන් ම සාමාන්‍ය ජීවිතයට අදාළ වන පරිදි ය. තමන් ිඅයත් වන හා නොවන දෙඅංශයටත් තම වෘත්තීය ගරුත්වයත් යටත් ව මාධ්‍යෙවිදියා ආචාර ධර්මයන් ට ගරුකළ යුතු වන්නේ ය.

මොහොතක සිතුවිල්ලක්....

මොහොතක සිතුවිල්ලක්....
මේක මහා කාලකන්නි කාලයක්... හැම හේන් ගොවිතැනක්ම පාලූ වෙලා. ලොකුම පිල්ලිය වන අලි කරදරෙන් බේරෙන්ඩ බැරි එක. කොයි මොහොතක කොයි වෙලාවේ එයිද කියන්ඩ දන්නේ නැ... හැම මිනිහෙක්ම ජීවත් වෙන්නේ මරණ බයෙන්. ජීවිතේට මහා අරමුණු නැති වුනත් තම දරුවන්ගේ බඩ කට පුරවන්ඩ පොර බදින අරගලේ හැම මිනිහෙකුගෙම හිතේ තියෙනවා.
අපේ ගේ තිවුනේ ලොකු දොල පාරක් ගාවමයි. මේ දවස් වල යහමින් වතුර. කන් අඩි පිරෙන්නේ හෝ හෝ ගාන වතුර සද්දෙට..කොච්චර කරදර තිබුනත් සිංහල අවුරුද්දට තව දවස් පහ හයකට වැඩිය නෑ. ගෙට අලූත් පොල් අතු හෙවිල්ලා අස් පස් කරලා ගොම මැටි ගාලා තිබුණ හින්දා ගේ පුරා තිබුනේ අමුතුම සිරියාවක්. අපේ හිත් වලත් එහෙම්මයි.
’මෙදා අවුරුද්ද අපිට වරදින එකක් නෑ...”
අම්මා එහෙම කියන්නේ හේනට ගියාම. ඒ මේ පාර බතල වගාව සරුවට වැවිලා තිබුන හින්දා. මෙදා පාර අපේ හේනේ විතරක් නෙවේයි සිම්යොං මාමලගේ හෙනෙත් බතල වවලයි තිවුනේ. ඒ වුනත් වන අලි ගං වදින හින්දා වගාව පරිස්සම් කරන්ඩ දහ දුක් විදින්න වුණා. හැමදාම බිං කරුවල වැටෙන කල්ම අප්පච්චි තුවක්කුවත් ඇන්න හේනට ගාටන්නේ හේන් රැකිල්ල නොකර බැරි හන්දා වෙනදා නම් අප්පච්චිගේ උදව්වට මාත් ගියා. ඒ ඉන්නකොට අප්පච්චි කුඩා සන්දියේ වෙචිච ගොඩක් දේවල් මට කියනවා. ඒ දේවල් කවදාවත් මගේ ජිවිතේ අමතක වෙන් නැති දේවල්. අප්පච්චි කුඩා සන්දිය ගෙවපු හැටි මගේ සිහියට එන්නේ ආකසේ පියාඹන කුරුල්ලෙක් වගේ නිදහස් සිතුව්ල්ලක්. ඒත් ඒ නිදහස මට කොයින්ද? කොහොම වුනත් මේ අවුරුද්දේ මං විභාගේ ගන්න හින්දා අප්පචිචි මාව හේන් රැුකිල්ලට එක්ක ගියෙම නෑ.
’උඹ ගෙදෙටිට වෙලා පොතක් බලා ගනිං කිරි පුතේ. නැත්තං උඹටත් වෙන්නේ මේ මට වගේ පැල් රැක රැක ඉන්ට තමා”
අද හැන්දෑවෙත් මං හේනට එන්න ඇහුවම අප්පච්චි කිවිෙව් එහෙම. කවුරු දුකක් විදිහට හිතුවත් මට නමි පැල් රැකිල්ලේ තිවිනේ අමුතුම සතුටක්. පැලට වෙලා ඇහැරගෙන හීතලේ ගැහි ගැහි ඉදන් අප්පච්ිචිලා තරුණ කාලේ තරපු හපන්කමි මම අහගෙන ඉන්නේ හරි ආසාවෙන්. එහෙම දවස් වලට අමිමා ඔතලා දෙන කුරහන් රොටියි දඩ මසුයි අපි දෙන්නා කන්නේ තරෙඟට. කොහොමත් අමිමා හදන කුරහන් රොටියි දඩ මසුයි එක්ක රොටි මරතෑකි.
එහා හේන සිමියොං මාමයේ. උන්දැ පැල් රකින කොට ඒ පැත්තේ ඉදන් මහ රැ ජාමෙට එළිවෙනකං මහ සද්දෙට පැල් කවි කියනවා කාටත් ඇහෙන්න. සමහර දවස් වලට අප්පචිචි කොහොමින් හරි පිළිතුරු කවියක් කියනවා. හැබැයි අප්පචිචිට සිමියොං මාම වගේ ලස්සනට කවි කියන්න බෑ. මට නම් මේ දේවල් වල තියෙන්නේ අමුතුම සතුටක්. හේන් කෙටිල්ල වගේම පැල් රැකිල්ලත් තාම අපේ ගෙමි ගොඩ දෙනෙක්ට උරුම කරුමය උනාට මොකද, පැලේ ඉඳන් කවි කිවිෙවි සිදියොං මාම විතරමයි. අප්පචිචි කවි කිවිෙවි සිමියොං මාමා එහා හේනේ පැල් රැක්ක දාට තමයි ඉතින්. ඒ කවි කියවිල්ල එහෙම්මම නතර වුණා සිමියොං මාමා තනියා ගහලා.

මලාට පස්සේ. ඒ හේන දැන් කරන්නේ එහා ගෙමි කළුබණ්ඩා මාමා. අප්පචිචි හිතාන ඉඳලා තියෙන්නේ ඉස්කෝල මහත්තයෙක් වෙන්නලූ. අපේ ලොකු අත්තා ඉස්කෝලේ ළමයින්ට අකුරු කෙරෙව්වා. ඒ උනත් අප්පච්චි පහේ පන්තිය පාස් වෙද්දි ලොකු අත්තා නයෙක් ගහලා මළා. ඉන් පස්සේ අප්පච්චිලායේ පවුලට හරියට කරදර ආවලූ. ඒක නොවුනා නම් අද අප්පච්චිට ? තිස්සේ පැල් රැක රැක එන සත්තු එක්ක ඔට්ටු නොවී ඉන්ඩ තිබුනා. ඉරණම කෝම වුනත් උරුම ජීිවිතේ නාහෙන් අඩන්නැතුව භාර ගන්න අප්පච්චි පුරුදු වෙලා හිටියා. දාහක් ප‍්‍රශ්න, කරදර අඩුපාඩු මැද්දේ වුනත් මැදිහත්ව හිටිය අපේ අප්පච්චිට තිබුනේ හරි අවංක හිනාවක්. හැබැයි කතා බහ කලේ හරිම අඩුවෙන්. මට හිතෙන්නේ අප්පච්චි කතා කරන්නේ හොඳට හිතලා මතලා. ඩිංගක් හරි වැඩිපුර කතා කරේ මාත් එක්ක පැලට ගියට දාට විතරයි.
එදා මහ අනෝරා වැස්සක් කඩා වැටුණා හදිසියේම. අමිමා කියනවා බක් මහේ වැහි කොහොමත් සැරයි කියලා. දොලේ වතුර ගලන සද්දෙත් එක්ක මහා ඝෝෂාවක්. මහ ? ජාමේ වැස්ස තුරල් වෙලා ගියා. පාඩම් කෙරුවාව අහවර කරලා පැදුරෙන් ටිකක් ඇල වුණා. අදත් අප්පච්චි හේනට ගොහිල්ලා. මට මතක් වෙන්නේ අප්පච්චිවමයි...කව්දෝ මහ සද්දෙට දොරට තඩි බානවා. මං ගැස්සිලා ඇහැරුණා.
’මැණිකේ නංගී.... මැණිකේ නංගී... මේ දොර ඇරහන් ව්ජහට”
අමිමා කුප්පි ලාම්පුවත් අරන් දොර අඩවන් කරලා බැලූවා.
’උඩහ මුණේ ලොකු අම්මා නේද? මේ මහ ?... අමිමා නිදි ගැට කඩ කඩා දොර පොල්ල අහක් කරන පරක්කුවට උඩහා මුණේ ලොකු අම්මා ගෙට පැන්නා”
’ආ බං වෑ කන්ද දිගේ අලි රංචුවක් ගං වැදිලා. ටිකිරි බංඩලෑ හේනත් ඉවරයි ගන්ඩ දෙයක් නෑ. අලි රංචුව එහෙන් පන්නද්දි සිමියොංලැ හේන දිහාවටලූ ගිහිං තියෙන්නේ ගුණපාල අද පැලේද? ”
’දෙයි හාමුදුරුවනේ....අම්මා ඉහාත බදාන හූල්ලනවා.. ”
මට එලොව මෙලොව නැති වුණා. සරමත් කැහැපොට ගහගත්තු මම එක පිම්මට ඉනිවැටෙන් පැනලා හේන දිහාවට දිව්වාීකොළුවෝ ඔහොම හිටහං” ඒ අමිමගේ කටහඬ...’ගමෙි උන් අලිවෙඩි දානව ඇති” මගේ අතේ හුළු අත්තක්වත් තිවුනේ නෑ. කට්ට කළුවරේම මම දිව්වේ හිතේ සෝදිසියට. වෑ කන්දෙදි පය ගලක හැපිලා මාව රූටව්වා ගස් පල්ලකට. එතන තිවුනා වලක්...ඒක සද්දන්ත අලියෙකුගේ අඩි සළකුණක්...තාම අලි කුයිල දැනෙනවා..ගෙමි මිනිස්සු එහේ මෙහේ දුවනවා මහා කළබලෙන්..
’ හනේ මයෙ අප්පච්චි...” මට හීල්ලූණා. තව යන්ඩ බෑ මගේ ඇඟට පන නෑ. මම පැළට නැංගේ හිතේ හයියට..අප්පච්චි පැලේ නෑ දෙයියනේ..මම බැහැලා පිස්සුවෙන් වගේ එළිය වැටෙනකමිම හේන පුරා දුවව්වා. අනේ මගේ අප්පච්චි...මට ඒ මූණ මැව් මැව් පේනවා. හැම තැනම බලලා, බැරිම තැන මම ගෙදර ආවේ මළමිනියක් වගේ හීතල වෙලා. ඒක කවදාවත් දැනිලා නැති හැඟීමක්. මං ගෙදර ආව විදිය මමවත් දන්නෙ නෑ. කªළු වලට බොඳ වෙලා ගිය ඇස් දෙකට, වැට කඩුල්ල පනිද්දිම අප්පච්චිගේ රූපේ බොඳ වෙලා පෙනුනේ යන්තමින්. ඒත් මගේ ඇඟ තාම ගැහෙනවා. මම හොඳ සිහියෙන් නෙවෙයි.
’ කොල්ලෝ උඔ කොහෙද හිටියේ? ආං අමිමා පන ගැහි ගැහි ඉන්නවා. මං උඔ හොයන්ඩ යන්ඩ කියලා..මෙදා පාරත් ඉවරයි පුතේ . කාළකන්න සේරම විනාස කරා... මට මුකුත් කර කියා ගන්ඩ බැරුව ගියා...උන් ආෙවි රංචු පිටින්. මං කන්ද පන්සල පැත්තෙන් ඇවිත් දොළ පාර දිගේ පැන ගත්තා. ”
අප්පච්චි කියෝගෙන යනවා. මං දුවලා ගිහිං අප්පච්චිව බදා ගත්තා. කවදාවත් නැති තරමට එදා මං අප්පච්චිව බදාගෙන ඇඩුවා. හේන යකාට ගියාවේ. අප්පච්චි ෙබිරලා දුන්නට මං හිතින් දෙයියන්ට දහස් වාරයක් පිං දුන්නා.                                                                                   
                                                                                                 ඒ. එමි. නිලක්ෂි චතුරිකා අබේකෝන්
                                                                                                 ජන සන්නිවෙිදන අධ්‍යන අංශය
                                                                                                 කැළණිය විශ්ව විද්‍යාලය


නුඹෙි සෙනෙහස